මාව හොයන් | Mawa Hoyan by Dhanith Sri [2023]

Sinhala song lyrics with music notes illustration

අවසානෙට කිසි දෙයක්
පලක් නැත
පාරේ යන්න බැරි තරමය
ෆේමස් ද?

ඉන්න කාලේ ජීවිතේදී
වැදගත්ම
මෝමන්ට්ස් ටික මිස් කරගන්න එපා
මචං බොක්ක

ෆියුචර් එක බයයි
පාස්ට් එක දුකයි නේද
මොකට හිතලා ඕවා ගැන
මචං පලක් වේද
හිත තියාගෙන මම මේ
මොහොතේම
පැට්ටෝ හොයාගෙන
යමි මම මාව

තාඩන පීඩන මැද්දට
ඇඹරිලා ආවේ මේ ගමන
නටන්නේ නෑ
කාගෙවත් පදේට
මමයි නැවියා
මගේ නැවේම මං පදින

ඉපදුනු දවසේ ඉදන්
හිරගෙය කොටු වන අර්ටිස්ටික් මනස
නිදහස කෝ
සංගීතෙන් තිත තියනවා
බොරු අධ්‍යාපන ක්‍රමයටම

ලෙක්චර්ස් කට් කරලා
කොළඹට ආවේ මගේ ජීවිතය හොයන්
මැරුනත් එකටම හිටියට
ආදරෙයි මචෝ කොහෙ හිටියත්

පන්දමෙන් පටන්ගෙන
ආලෝක වර්ශ ගනන් දුර ඈතක ගියත්
අමතක නෑ මම පටන් ගත්ත තැන
තව කොච්චර දුර ගියත්

නුඹ දුන්නූ දුක
කොලවල මම ලිව්වා
ලියලා තනු එක දෙක තුන
පද බන්දා
මතකය හඩනා
හදවත හැරදා
රැප්ලන්තයේ මම මාව හොයනවා

අඩියෙන් අඩිය තියලා
උඩටම නගිද්දී
මගේ වටේ උන් උනා මට
ජෙලසි
මතකයි හිතින් උඹ
මාව පාගද්දී
ලියලා තියාගනින් මගේ නම
දනිත් ශ්‍රී

දනිත් ඔයා මදි
අහින්සක වැඩි
අපි ගැලපෙන්නෑ
ගෙදරින් බනී
ඉන්ජිනේරුවෙක් වෙන්න
නැත්නම් බඩගින්නේ මැරෙයි
මියුසික් කරලා ජීවත් වෙන්නේ
කොහොමද අපි

ඇයි?
මට ඕනේ දේ කරන්න බැරි
මට ඕනෙ දේ අදින්න බැරි
ඇයි?
මට කොන්ඩය වවන්න බැරි
මට මමම වෙන්න බැරි?

මම ඇහුවේ ඔච්චරයි
විසිවුනා මම සිස්ටම් එකෙන්
එලියට නැති වෙන්නම
ඈත දුරකට
කවුරුත් නැති ලග පාතක

මම තනියෙම තනි කාමරයක
විකුනුවේ නෑ මම මගේ ආත්මේ
කාටවත්
ඉඩදුන්නේ නෑ
නවත්වන්න මාව කාටවත්

උදුරන්න බෑ මගේ සිතුවිලි කාටවත්
අවංකයි ගිටාර් එකයි පෑනයි ලග
මම අදටත් //

written by Dhanith Sri

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply