රේස් එක | Race Eka by Dhanith Sri [2023]

Sinhala song lyrics with music notes illustration

I hope you find
freedom in this world ////

Welcome to Raplanthaya

නැග්ගා අසුපිට
උදේ පාන්දර
යන්නයි යන්නේ රේස් එක
යුනිෆොර්ම් ඇද

මාසෙක අන්තිමයට ප්‍රතිඵල
අරගෙන විසදමි ප්‍රශ්න ආර්ථික

වෙලාව 8යි සභාව දුරයි
රජ දැක්කොත් පඩි නෑ දුකයි
ඇද ගත්තා කමිසය
ගත්තා දත් බුරුසුව
මූන හෝද ගමි යනි ගමන් අසුපිට

රැල්ලට ගහගෙන යන ලෝකෙක
විකුනමි මම නිදහස මනසික
අපි අපේ වටිනාකම් නැති කරගෙන
කොල එක දෙක තුන හතර පස්සේ ගියා නේද

ගියොත් ආයේ අල්ලගන්න බැරි
නැවතුනොතින් ඇඩ්‍රස් නැති
හිත හැමතැන විසිරුනා
අල්ල ගන්න බැරි වුනා
අපිට අමතක උනේ
මේ මොහොතයි පුතේ

අනේ හපොයි
තරග කරන්නේ කවුරු එක්කද
සිතුවද
මොහොතක් ලං වුනාද දිනුමට
සසදන එක ඉවරයක් නැ නේද?

ඉන්නතාක් හම්බ කරගනින්
පුතේ
කියලා තමයි ලෝකෙම ඉගැන්නුවේ
අනුන් ගැන හිතන්න නම් ඉඩක් නෑ වටේ
ප්‍රශ්න තමයි ඔහොම තමයි පුතේ ජීවිතේ
කියලා තමයි සීයා හැමතිස්සේම අපිට කිව්වේ
නවතින්නේ නෑ රේස් එක අපි දුවන්නේ
නවතින්නේ කවදාද නවතින්නේ?

අපිට කොහෙද නිදහසක්
ජීවිතේ ගැන හිතන්නවත්
මම ඉගෙනගෙන ඉගෙනගෙන
ඉවරයි
නිදහසක් නැති වේදනාව පමණයි
කවදාවත් නැති විදපු නැති
ආස දේවල් ගොඩයි
හිතේ විතරක් තිබුන දෙයින්
රාජකරි ගොඩයි

තේරුම් ගන්න බෑ
තේරුම් ගන්න බෑ මට
නිදහසක් නෑ නිදහසක් නෑ මට
හැම මොහොතෙම හිත බරයි
කරුමෙට
කල්ප කාලයක් දුරයි නේද නිවනට?

written by Dhanith Sri

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply