දුක නැති ආදරයක් | Duka Nathi Adarayak by Janaka Sooriyabandara

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ
හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ
ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු

සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ
රිදවාලා හඬවාලා මොනවද ලැබුනේ
සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ
රිදවාලා හඬවාලා මොනවද ලැබුනේ
දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ

නිම නොවෙන පෙම් කතා අතරමග නවතලා
අළුත් කතාවක් සොයා ඔබ ගියා වෙන් වෙලා
නිම නොවෙන පෙම් කතා අතරමග නවතලා
අළුත් කතාවක් සොයා ඔබ ගියා වෙන් වෙලා
මා තනිකර දාලා කාගේද වීලා
ඇයි ගියේ මිරිඟුවක් මවාලා

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ

අපෙ මතක එක් කළා එකිනෙකට ගලපලා
සොයාගන්නකෝ ඔයා වැරදුනේ ඇයි කියා
අපෙ මතක එක් කළා එකිනෙකට ගලපලා
සොයාගන්නකෝ ඔයා වැරදුනේ ඇයි කියා
මා තනිකර දාලා කාගේද වීලා
ඇයි ගියේ මිරිඟුවක් මවාලා

දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ
හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ
ඔබ ළං නොවුනානම් නෑ මේ දුක පාළු

සිහිලෙහි හැන්දෑවේ | Sihilehi Handawe by Amila Indrajith ft. Sadeeptha

සිහිලෙහි හැන්දෑවේ
රොන් විසිරුණු යායේ
ඔබෙ අත සුරතේ තියා
ලන්වී තුරුලේ මේ
හදවත සවනේ හි
රිද්මේ දැනෙනා සේ තියා
රැඳී උණුහුම දැනුනා ද මගෙ සුසුමේ
ඔබ මියදෙන දාක නවතින්නේ
හිත කියනා දේ මයි මා පවසන්නේ
ඇහුනාද ඒ දේ මගෙ හදගැස්‌මේ

තරු අරන් රෑ සඳ අරන්
ගෙනවිත් පුදන්නට මා දන්නෙ නෑ
ඇති තරම් සෙනෙහස අරන්
ඔය හිත පුරවන්න බැරි නම් නෑ

සිහිලෙහි හැන්දෑවේ
රොන් විසිරුණු යායේ
ඔබෙ අත සුරතේ තියා
ලන්වී තුරුලේ මේ
හදවත සවනේ හි
රිද්මේ දැනෙනා සේ තියා
රැඳී උණුහුම දැනුනා ද මගෙ සුසුමේ
ඔබ මියදෙන දාක නවතින්නේ
හිත කියනා දේ මයි මා පවසන්නේ
ඇහුනාද ඒ දේ මගෙ හදගැස්‌මේ
දෙතොලගේ ඇඳි මදහසේ
සැඟවී මැකී යන්න මා දෙන්නෙ නෑ
නෙතු අගේ ඇති ආදරේ
දිව්රා කියන්නට ඕනෙම නෑ

සිහිලෙහි හැන්දෑවේ
රොන් විසිරුණු යායේ
ඔබෙ අත සුරතේ තියා
ලන්වී තුරුලේ මේ
හදවත සවනේ හි
රිද්මේ දැනෙනා සේ තියා
රැඳී උණුහුම දැනුනා ද මගෙ සුසුමේ
ඔබ මියදෙන දාක නවතින්නේ
හිත කියනා දේ මයි මා පවසන්නේ
ඇහුනාද ඒ දේ මගෙ හදගැස්‌මේ.

අතීතේ නිවන් දුටු | Atheethe Niwan Dutu by Tharaka Gunarathna ft. Sadeeptha

අතීතේ නිවන් දුටු මගෙ ප‍්‍රථම පේ‍්‍රමයෙන්
ඉතිරි නම් සමරුවක්…….
නුඹේ වතමයි මැණික……
පාර පාරා මසිත – සිත දුවන අතීතෙට
මග නුඹයි මගෙ දුවේ……
ඉරි තැලූනු අතීතෙට…….

සියොලගෙහි දැවටෙනා…..
නුඹේ කෙහෙරැලි සුව`ඳ…….
දුන් කෙනෙක් වේද මට
නුඹේ අම්මා මිසක
මගේ එක කදුලකට හඩනවා වගේ නුඹ
හැඩු කෙනෙක් වේද මට
නුඹේ අම්මා මිසක

සැරවැරව හිනහෙනා…….
අපූරුම නුඹේ සිනහ…….
දුන් කෙනෙක් වේද මට
කදුළු හසරැල් මිසක
නුඹේ එක සතුටකට සැනසෙනවා වගේ මම
සතුටු වෙන කෙනෙක් වෙද
ඇය ගොසින් අද දුරක

තණ්ඩලේ | Thandale by Sadeeptha ft. Tharuka Gunarathne [2021]

තණ්ඩලේ යන්න වරෙල්ලා
කටු කැලේ ගාලෙ නොයල්ලා
කැළණි ගං ඔරුවේ නැගලා
යන්න වරෝ..

ඕං මලේ ඔය මල නෙලලා
අතු බිඳෙනා පය උඩ තියලා
කැලණි ගං ඉවුරෙ නටන්නට
යන්න වරෝ…

වයිර ගොනෝ ගැල හයියෙන් ඇදහන්
උදේට කිරි උතුරනවා
රොත්ත පිටින් අපි බජව් දාන්නම්
තම් දෙන තානේ පැදහල්ලා

තණ්ඩලේ යන්න වරෙල්ලා
කටු කැලේ ගාලෙ නොයල්ලා
කැළණි ගං ඔරුවේ නැගලා
යන්න වරෝ..

ඕං මලේ ඔය මල නෙලලා
අතු බිඳෙනා පය උඩ තියලා
කැලණි ගං ඉවුරෙ නටන්නට
යන්න වරෝ…

අත්ත බිඳෙයි පය බුරුලෙන් තියලා
නැගපන් මැණිකේ ගැල් යන්ටා
නැකතට කලියෙන් කැන්දන් යන්නට
තරිකිට දොමිකිට ගම ආවා

තණ්ඩලේ යන්න වරෙල්ලා
කටු කැලේ ගාලෙ නොයල්ලා
කැළණි ගං ඔරුවේ නැගලා
යන්න වරෝ..

ඕං මලේ ඔය මල නෙලලා
අතු බිඳෙනා පය උඩ තියලා
කැලණි ගං ඉවුරෙ නටන්නට
යන්න වරෝ…