අන්තරාවයි | Antharawai by Lakmini Udawatta ft. Tharindu Damsara [2020]

ප්‍රේමය නම්
ආදරේ කටු කම්බි ඇතිරුනු
ගෑනුන්ට වැරදිච්ච තැන්මය
ඉතිං එහෙනම්
ආන්ත්‍රාවයි කියලා ගහමුද
කොයිකටත් රතු රෝස මල්වල

ගෑනු ඉර හඳ තාරුකා කළ
පිරිමි ඇති ලොව කට්ට කළුවර
සඳෙන් දෑතම අහක් කරගමි
කවි තියා යමි එහෙම තැන්වල

තවම මන්ද්‍රිලා නෙළයි පලවැල
කුවේණිලා ඇති වන්දි නඩුවල
‍ආදරේ වැරදුණේ කොහොමත්
ගෑනු බිම්මල් වෙච්චි බිම්වල