රස ආහාර කවලා | Rasa Ahara Kawala by M.S.Fernando

රස ආහාර කවලා රන් කූඩුවෙ දමලා
ඇති කරන්න ගත්ත මාල ගිරවි
අත හරින්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා
හිතුවද ඈ දාල යයි කියාලා

මම බත් කෑවද ගිරවි කියල ඇහුවම
ඔව් මම බත් කෑව කියනවා
මම ගිරවි ගිහින් කැළේ අත හරින්නද
අනේ අනේ එපා කියනවා
අපි ඇති කෙරුවත් රන් කුඩුවෙ දමලා
කුස පිරෙන්න රස ආහාර කවලා
ගිරවුන් යනවලු ලැබුනොත් පැනලා
ඔබ යනවද මටත් එහෙම කරලා
වත්තෙ මල් පිපෙන්නේ නෑ – ගෙදර සිරියාවක් නෑ
ඔබ නැති නම් මේ දේවල් නෑ
වෙන ගිරවුන් හොඳ නෑ – මේ ගිරවි එහෙම නෑ
අත හැරියත් දාල යන්නෙ නෑ

ඔබේ රෑන සමඟ පියඹාගෙන යන්න
කුඹුරට ගොස් අහුලාගෙන කන්න
කැලේ ගහක රෑ කාලෙ ගෙවන්න
ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න
ලස්සන මල් වතු වල ගැවසෙන්න
වළකුළු ඉරාගෙන ඉගිළෙන්න
නෙළාගෙන ඇවිත් පලතුරු කන්න
ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න
ඒ විදියට ඉන්න – ආසදැයි බලන්න
මේ කූඩුවෙ දොර ඇරල තියන්න
මාව දාල යන්න – බැහැ නේද කියන්න
මට ආසයි එය දැන ගන්න

කැකිරි පැලෙන | Kakiri Palena Tikiri Sina Wai by M.S.Fernando

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි

කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි

ආදරෙන් බලන්න හිතෙනවා
ආදරෙයි කියන්න හිතෙනවා
කෝප වෙයි නොවෙයිද සිතෙනවා
ඈ මා ළඟින්ම පාද තබනවා
වාසනාව මෑත පෙනෙනවා
රහසකින් රසින් ඇසෙනවා
ආසාවෙන් දෑස වැහෙනවා
රෝස මල් ලොවක් මැවෙනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි…

රන් තොරන් බඳින්න ඕනද
පාවඩ එලන්න ඕනද
හේවිසි වයන්න ඕනද
ඔය දෙපා තබන්නේ එහෙමද
මල් සරාට වැරදිලා වගේ
මට පෙනෙන්නෙ වැරදිලා වගේ
රුව තරම් සිත නොවෙයි ඇගේ
ආදරේ එපා කියයි මගේ
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා
ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි…