කරකාරෙ බඳින්නට | Karakare Badinnata by Upali Kannangara

කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්

නෑදෑයෝ බලන්නට ජෝඩු වෙලා අපි බක්කි කරත්තෙන් යන්
මන් රත්තපුරෙන් මගෙ මැණිකෙට ඕනෙ හැම දේම ගෙනත් දෙන්නම්
පන තියෙන තුරාවට හැමදේම දෙන්නෙමි සත්තයි දිව්රමි මන්
අනෙ සත්තයි දිව්රමි මන්

කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්

මුතු මාල පොටක් ඔය ගෙල පළඳින්නට හීන බැලුවේ මන්
මනමාලි කරන් නුඹ කැන්දන් යන්නට පෙරුම් පිරූවේ මන්
පුර පෝයට ඉස්සර කූඩු වෙන්න අපි නැකතක් බලමුද දැන්
අනෙ නැකතක් බලමුද දැන්

කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්
මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්
මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න කියන්

පාරට කිට්ටුව | Parata Kittuwa by Upali Kannangara

පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුනු රන් සුලැඟිලි තණ්ඩිය අත්තෙං අත්තට මාරු වෙනා
අත්තෙං අත්තට මාරු වෙනා
කනේ තිබුනු රන් පුස්කොල තෝඩුව ගුවන් තලේ උඩ නාද කරනා
අම්මාට පින් ඇත මේ දුව තැනුවාට

මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා
මුහුණ මුකුළු මුවරද ළඳුනේ මගෙ මුහුණ බලන්නැති කරුණ කිමා
මුහුණ පිරූ යස සිනා මකා නුඹ
මුහුණ වසන් කල කරුණ කිමා
මුහුණ කන්න ආ රකුසෙකු නොව මම මුහුණ බලාපන් මෙන්න මෙමා
මුහුණ බලාපන් මෙන්න මෙමා

ඉන්න හිටින්නට ගේ දොර ඇත මට සොරබොර වැව් ඉස්මත්තෙ
සොඳින් කන්න අඳින්නට දෙන්නට හැක මට අම්මට බය නැති වෙන්ට කියන්
දෙන්න කියන් කරකාරෙ බඳින්නට නැකතට එන
බක් මහට කලින් නැකතට එන බක් මහට කලින්
පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ රට වටිනා ලිය දෙල් නෙලනා
අතේ තිබුණු රන් සුලැඟිලි තණ්ඩිය අත්තෙන් අත්තට මාරුවෙනා
අත්තෙන් අත්තට මාරුවෙනා
කනේ තිබුණ රන් පුස්කොල තෝඩුව ගුවන් තලේ උඩ නාද කරනා
අම්මාට පිං ඇත මේ දුව තැනුවට
මහ මුහුදේ බැස දිය නානා
මහ මුහුදේ බැස දිය නානා

ඉවසිල්ලක් නෑ | Iwasillak Na by Upali Kannangara

ඉවසිල්ලක් නෑ.. දකින තුරා

ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක් නෑ.. ලැබෙන තුරා
මට ඔය දෑත නගේ..
ඇස්වහ නෑ කටවහ නෑ..
නුඹේ රෑපෙට උපමා නෑ..
මනලෝල හිනාවට ආස වෙලා මගේ
සිත උන්මාද වෙලා..

ඉවසිල්ලක් නෑ.. දකින තුරා
ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක් නෑ.. ලැබෙන තුරා
මට ඔය දෑත නගේ..

දුටුව දිනේ.. මන බැදුනේ…
නුඹ දගකාර නිසා…
තවත් අගේ.. වැඩි වෙන්නේ..
ආඩම්බර හින්දා…
හදක් වගේ.. සුදු මුහුණේ..
දිලෙන හිනා දැකලා..
මටත් හොරා බොලද මගේ..
සිත මනමාල වෙලා..

ඉවසිල්ලක් නෑ.. දකින තුරා

ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක් නෑ.. ලැබෙන තුරා
මට ඔය දෑත නගේ..

මල් වයසේ.. සමනලියේ..
නුඹේ ආදරය පතා…
මතුවන්නේ.. හද පතුලේ ..
ඇති ආදරය නිසා…
හැම මොහොතේ ..ලතැවිල්ලේ ..
මම ඉන්නේ.. ඉවසා
හැංගෙන්නේ… ඇයි කෙල්ලේ ..
ආදර හිත හංගා…

ඉවසිල්ලක් නෑ.. දකින තුරා

ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක් නෑ.. ලැබෙන තුරා
මට ඔය දෑත නගේ..
ඇස්වහ නෑ කටවහ නෑ..
නුඹේ රෑපෙට උපමා නෑ..
මනලෝල හිනාවට ආස වෙලා මගේ
සිත උන්මාද වෙලා..

ඉවසිල්ලක් නෑ.. දකින තුරා
ඔය සුදු මූණ නුඹේ..
සැනසිල්ලක් නෑ.. ලැබෙන තුරා
මට ඔය දෑත නගේ..