මණිමේකලා | Manimekala by Vindula Attygala [2021]

සලාලා දෑස මා හා විකසිත වී සිනා
බලාලා පෑව ආශා සුලලිත රූ මවා
මණිමේකලා වත පැහැ දරා
මා දෑස අභියස පා නගා
මන කළඹනා ඈ රූප නාරි මා
මන කළඹනා ඈ රූප නාරි මා

නීල නෙතු ඇගෙ පැහැසරී
හීන සරසන රූබරී
හීන සේයා රෑම ගේනා
සේද නලඟන මා හැගී

නීල නෙතු ඇගෙ පැහැසරී
හීන සරසන රූබරී
හීන සේයා රෑම ගේනා
සේද නලඟන මා හැගී

හීන පාසා දෑස පේනා සෑම භවයෙම මා රැඳී
ශෝභනා ඈ රූප නාරි මා
මන කළඹනා ඈ රූප නාරි මා

මාගේ මන බැඳී ආදරී
දෑස පිනවන රූ සිරී
රූප සේයා රෑද පායා
නීල සඳවත සේ මැවී

මාගේ මන බැඳී ආදරී
දෑස පිනවන රූ සිරී
රූප සේයා රෑද පායා
නීල සඳවත සේ මැවී

හීන පාසා දෑස පේනා සෑම භවයෙම මා රැඳී
ශෝභනා ඈ රූප නාරි මා
මන කළඹනා ඈ රූප නාරි මා