මිත්‍යා මායම් | Mithya Mayam by Mihiruk S X Uzey C Na

කාටත් හොරෙන් ලියන්නම් තනි නිසදැස්
මේ කතාවෙ පාලුවත් එක්ක මමයි තාම හිතවත්
සමාජෙ කොනක යාතිකාව විසලත්
මේ මනුසතා උබයි බුදු රුවනක වරලත්

සමජෙ කොනක මම ගෙතුවෙ පද වැල්
මේ අම්මා තමා මල් වත්ත හිතෙ උඩ තැන ගත්
හරි තැනින් පටන් ගන්න මුල් දුන්නත්
එයා තමා තනි කලෙ පර වෙලා කතවත්

ඇස් වල දුක් නතු කාථාව මං කියන්නම් හොරහින්
මට මමද ලස්සන මතක සෑහෙන්න තවම
එකල මගෙ ලගින් ඉදින් කත තමයි පෙම්බර
අවාසනවකට මුල පිරුවෙ නිසැක

මගෙ කතාවෙ අද හිඩැස් පාලුවක්
ගින්දර දුකක් අම්මෙ එදා උබ මගෙ යාලුවත්
තරහක් නෑ නොකියම මෙමට පිටු පෑවමත්
අරලිය මලක් මං සොහොනෙ දුරුයි උබෙ පාලුවත්

රෑ අහසෙ බොද උනෙමයි සිත්තම්
මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං
හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං
ඇසුවයි වසයි විසම මානුසීය සමයං

වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි
සමයි තමයි බුදු රුවනටත් ගථා
අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා
ඈ තමයි හිතේ තාමත් කකියන මාතා

දෑස් වලින් මං බලන්නෙ බං හරි කෝනෙ
ජිවිතෙ යථාර්තෙ පිනිසමයි නිසි අවබෝදේ
හරි ගස්සන්නෙ වැරදි මගෙ යන පාරෙ
ඇස් වල දුක් නතුයි කතාවක නං බං අවසානෙ

සැදි පැහැදි කතාවට සිල්
හොයන්නෙ මස්
පස්සට දැම්මත් අන්සතුයි කලාවට පිං ලියන්නෙ වැල්
බලා හිදිං අවසානෙ ලග හිදිනු වස්
පෙම්බර කත අම්ම තමයි ජිවිතේම පුද ලත්

අන්සතු දේවල් මගෙ ලෝකෙ කරත් සැර සරදම්
වස්සන වැසි සැඩ වෙයිද ඇනුම් කන පොලොවට
සිංහල විචාරෙ එලිසම ගැලපුවෙත් අද
කියන්න කනකට හොරෙන් මිත්‍යා මායම්

අදුරු මතක ගොඩයි හීන අස්සෙ වැජබූ
මේ කලාව මතමයි මගෙ පාදෙ මම තැබූ
පදයෙන් සැනසු කිරි රසයෙන් තෙත් වූ
කවියක් නං කතාව මගෙ අම්ම තමයි කතෘ

රෑ අහසෙ බොද උනෙමයි සිත්තම්
මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං
හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං
ඇසුවයි වසයි විසම මානුසීය සමයං

වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි
සමයි තමයි බුදු රුවනටත් ගථා
අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා
ඈ තමයි හිතේ තාමත් කකියන මාතා

written by Mihiruk S x Uzey C Na x Azee Boy

සක්කරවට්ටම් | Sakkarawattam by Uzey C Na [2022]

මත්උන මිවිත අද මගේ ලඟ
රත්උන මතකයන් පිචිචෙන වෙලාවට
හිත්වල සමහරු මගේ ගැන තිබ්බ
විස්තර කො අද නැති උන හැමදේම

තිත්තම උන තැන්වල ජිවිතෙේ
අන්තිම අඟලත් ඉවසපු නැති මට
තත්පර ගානකටවති උබලාගේ
බොරු අදහස් මම අහන්නෙ නැ තව

උකසට ගියා ඔක්කම හීන ටික
සින්න උනේ කොලේට මටම පේන මානේ
දැතට හයිය අරගෙන මම ආයේ
එන්න ගොඩ හදන්නෙ දුවිලි අපායෙන්

තනිකම වගේ තොටියෙක් නැති ඹරුවේ
අවසානේ දකින්නෙ මටම ලීයපු පෑනේ
හදවත ඉරි තලලා වගේ කතරේ
වතුර හොයන මුවා මම ඩො සාගරේ

බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මං දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ

හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ

කටු කාගෙන ජිවිතේ නැගිටපන්
දාසියෙක් වෙන්න එපා කාගේ කව්රුවාත්
මට වැරදුන දා මට හිටියෙ මං
කාලයක් වින්දා දුක හිතේ හිර කරන්

හදවතේ මගේ හීන පොදි බැදන් මං
ගියේ මගේ පාරේ නිමාව දකින කං
විඩාබර දෙනෙතට සංගිතය උනේ
මදුවිත අද නාඩි වැටෙනකං

කරුමෙන් බැට කෑවා
පොලිසිය වගේ එද්දි මම දිව්වා yehh…
තේරුනෙ පස්සෙ හින්දා
දෛවය ලීව පිටු වල තිත මම තිබිබා

නොදකින පැති දැක්කා
හංගලා ලෝකෙට බොරු දිස්නයක් දුන්නා
වදන් සැර වැඩි මන්දා
බලාගෙන යාලු සෙල්ලම මගේ අතේ තියන් හින්දා

බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මං දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ

හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ

වෙලා මදි අපි ලොකෙට නවක මේ
දුක වගේ කකුලට වේදනා නාශකෙ
ජිවිතේ යැද්දා මං අදුරුම කාලෙක
ආමඟ පිරිලා බං කටු වගේ යායක

කරවටිං දාගෙන අත පිටිං යාලු
පන දෙන්න වගේ දඟලන්නෙ බොරදියේ මාලු
කලවයසට ආවාම නෑකම නෑලු
පටවන්නෙ නඩු පිටං ඇප දෙන්නෙ අපෙ හිතලු

පාඩුවේ හිටියට වගේ මම නයා දැන්
මරාන යන්නෙ පලි අරාන සමාජෙන්
විලාප දෙන උන්ගෙ කඩාන පපු මැදින්
කියන එන්නෙ මම මගේම තාලෙකින්

බලාන හිටියෙ මං එනකං මේ වාරේ
ජරාව නැ අඩො උරා බිවාත් සාරේ
කපාන අපිත් ගියා ඇලේට වැදුනේ
ගොනාටත් හුරු දක්කලා මේ කරත්තේ

ගොඩ ගෙන මගේ ජිවිතේ උඩ යන්න
කාගෙන ගියත් රටිටු බලන් ඉන්නෙ වැටෙනකං
රගපාන උන්ගෙ කටෙ තියන් දිව දෙකක්
නටවන්නෙ අපි අල්ලෙ කෙලවන්න හෙටටත්

තියා ගනිං හැම එකා අතේ දුරින් ගානට
කාගෙවත් ලග නැ හොද හිත ජාමේට
පෝරකෙ අත ලග තියන් අපි සාදෙට
දාසයෙක් වෙන්නෙප අනුන්ගෙ කතාවක

බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මජ දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ

හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ

බොරු සක්කර වට්ටං හින්දා නැ මං
මත් කර ගත්තෙ ඇස් දෙක
තිස්සෙම රෑ මජ දැක්කෙ මගේ
හීනෙට මාවත
නැත්තට නැති උනත් අපි ඉන්නෙ බං පාඩුවේ

හිත අස්සට අරඟෙන වදන් ලග
අත් දෙක දන්නවා කැව කට්ට
ඔන දේකට ගැලපුනේ මට
ඉන්න ඔන හරි තැන
ගානට පදං උනේ මම ලොකෙට තියෙන රඟේ