ඇස් අස්සෙන් සොකරි | As Assen Sokari Natawana by Nisal Sathsara

භාග හද පායා ආපු දාට
බට ලී ගී ගයන රෑක
කඩුපුල් මල් හොරෙන් ඇහැරනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

වැව පිට වැටිලාන ලියන
රිදී පාටිනා
අහසින් පැන ජෝඩු කාර
කදු‍ත් බලාන දුවන
ආල වඩන නාඩගම වෙලා
ගම්මානෙම හිත වශී කලා
හිතට කුමකට්ද මතක් වුනා
පෙරමග සුබ ලකුනු මතුවුනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

හිත යට පිපෙනා මල් මාලතී කතා
රහසින් වගේ පැණි රසකට රස හිතිලා
හිත් වෙන සබකෝලම පිරිමි කම පුරා
රන් පාරට මං වශී වෙලා
දෙව්ලොව ගම කියා තේරුනා
මන්දාකිණි මා දිහා බලා
ඇස් අස්සෙන් ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

භාග හද පායා ආපු දාට
බට ලී ගී ගයන රෑක
කඩුපුල් මල් හොරෙන් ඇහැරනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

මේ මොසම් | Me Mosam by Nisal Sathsara [2020]

ලා හිරු රැස් මියෙනා මොහොතේ
ඔය හසරැල් මා හද ගත්තේ
තරු විකසිත වී රෑ අහසේ
ඔබ වෙනුවෙනි කවි ගී මැව්වේ

ඒ ලියැලූ කුලුදුල් හීනේ
සායම් අද හිනැහෙයි රහසේ
විසිරී ගිය සිතුවිලි අතරේ
තාමත් ඔබ පමණයි ඉන්නේ

මේ මොසම් මාරුතෙන්
සිත සැලෙනා පාලුවෙන්
ලග නැති දා රුව සොයනා
රුව අද ඇත තනිකමෙන්

මේ ගයනා ගීතයෙන්
මම අමතමි හදවතින්
ඇහෙනවා නම් සද මාගේ
සැගවෙනවද යලි මගෙන්

ඔය දෑතේ වෙලිලා
ලොවටම කවි කීවා
ඒ සොදුරු අතීතයේ
ජීවිතේ

මගේ උනුහුම වීලා
දින එක දෙක ගෙවුනා
මේ අදුරු අමාවක‍යි ජීවිතේ

ඇසිපිය සැලෙනා මොහොතක් පාසා
යලි සිත අවදි වුනා
වැටෙනා කදුලැල් රහසේ සැගව ගියා

මන්දාරම් වැස්සේ
අපි පියමන් කෙරුවේ
අද ඔබ නෑ මා පමණයි තෙමෙන්නේ

ඔහුගේ මල් යහනේ
සදගන වී රහසේ
ඇයි මා එතරම් කලේ ආදරේ

ඇසිපිය සැලෙනා මොහොතක් පාසා
යලි සිත අවදි වුනා
වැටෙනා කදුලැල් රහසේ සැගව ගියා

මේ මොසම් මාරුතෙන්
සිත සැලෙනා පාලුවෙන්
ලග නැති දා රුව සොයනා
රුව අද ඇත තනිකමෙන්