නුඹට ඉන්නට තිබුනා | Bubata Innata Thibuna by Chamara Fernando

බිමට නැමි ඉති.. ඉද්ද මල් මැද
ඉවරයක් නැතී.. කතා කිය කිය
දෑත් පටලන්.. ඇවිද යන්නට
නුඹට ඉන්නට තිබුනා මා ලග

නුඹට මා ලියූ.. කවිත් එක දෙක
මියුරු ස්වරයකින්.. ගයන මා දැක
සතුට නිම් හිම් නැතිව විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ලග

සිහින් සීතල.. ගත වෙලෙන විට
උරහිසේ හිස.. හොවා හෙමිහිට
සුසුම් අහුරක සුවය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ලග

රැයේ සීතලේ.. ගුලිව තුරුලට
සැලුනු මල් කෙමී.. සුවය විද විද
දෙතොල් පහසක රසය විදිනට
නුඹට ඉන්නට තිබුනා මා ලග

පෙති ගෝමර | Pethi Gomara by Chamara Fernando [2021]

පෙති ගෝමර පිපි ළමැදට
සැලෙන ලෙලෙන නාරි ගතට
නැමුණු සලෙල පිරිමි හිතක නෑ සැබෑ සෙනේ..
හඳුන් සුවඳ ගල්වාගෙන නුඹේ අතින් පිදූ පහන
නුඹම නිවා යන්න ගියේ ඇයිද මා ලඳේ..

මා හදේ ගැබේ පුදසුන
ප්‍රේමයෙන් සුගන්ධිත කර
ඔබේ පෙම් කුසුම ඒ මත පිබිදුවා එදා..
සිනිඳු මුදු බඳින් පහලට
ගලා හැලුණු මකරන්දය
පිරුණු කුසුම අද වෙනතක
වල්මත්ව ගියා..

සුවෙන් හිස තැබූ මුදු ලය
පොට්ටු පිපුණු යහන් තලය
නොමැති පාලු සයනය මත මතක පාරනා..
නලවන්නට තාල නොදැන
කිරි කඳුළට හඬා වැටෙන
නුඹෙයි මගෙයි ලේ ධාතුව
සිඹිමි රෑ පුරා..

මං තාම සොයයි | Man Thama Soyai by Chamara Fernando [2020]

හැමදාම දුටුව ඉවුරු කොනේ
මනමාල හැගුම් සිහිව ලදේ
දියකඩිති සැරයි බෝම මෙහේ
හදපාන බලන හැංගි හොරේ

ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ
ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ

පෙරදාක දැනුන උණුසුම් සේයා
නෙතු දැහැන් බිදී ගොලු වූ සේමා
පෙරදාක දැනුන උණුසුම් සේයා
නෙතු දැහැන් බිදී ගොලු වූ සේමා

නුඹ හිනැහෙනවද ඔහු ලග බෝමා
මං තාම සොයයි වැරදුණ සීමා

හැමදාම දුටුව ඉවුරු කොනේ
මනමාල හැගුම් සිහිව ලදේ
දියකඩිති සැරයි බෝම මෙහේ
හදපාන බලන හැංගි හොරේ

ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ

ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ

ඇස් තාම සොයයි
නුඹගෙ රුවේ

නුඹ ඇවිත් මා බලන්න | Nuba Awith Ma Balanna by Chamara Fernando & Rebeca Perera [2020]

ආදරෙයි අහසක් කියන්න
තනිකමෙන් මා මුදන්න
සතුට පමණක් මවන්න
නුඹ ඇවිත් මා බලන්න

ගැඹුරු හිත ලග රැදෙන්න
බිදුනු හදවත සදන්න
සිනහා ඇස් මගේ දකින්න
නුඹ ඇවිත් මා බලන්න

සදයි තරු මෙන් හිදින්න
ස්නේහ හැගුමන් පුරන්න
සොදුරු මාවත සදන්න
නුඹ ඇවිත් මා බලන්න

ආල වැස්සෙන් තෙමෙන්න
උණුසුමේ මගේ රැදෙන්න
නොනිමි සෙනෙහස විදින්න
නුඹ ඇවිත් මා බලන්න

ආදරෙයි අහසක් කියන්න
තනිකමෙන් මා මුදන්න
සතුට පමණක් මවන්න
නුඹ ඇවිත් මා බලන්න

ගැඹුරු හිත ලග රැදෙන්න
බිදුනු හදවත සදන්න
සිනහා ඇස් මගේ දකින්න
නුඹ ඇවිත් මා බලන්න
නුඹ ඇවිත් මා බලන්න
නුඹ ඇවිත් මා බලන්න

සඳවතී | Sadhawathi by Chamara Fernando [2019]

නොඅසන්… නෙතුකදුල වියලුනු හැටි..
නොබලන්… පණ ගැහෙන මදහස යලී..
පෙර මන්දාරම් වැහි වැටුනු ඒ මාවතේ..
හිරු කිරණක්ව පියනගමි යලි ජීවිතේ..
සදවතියේ.. නුඹෙ සෙවනේ..
මා නොදුටු තරු දෑසේ…
මම ගිලුනා අවපසදී..
යලි එලිය විය ලෝකේ..
ඒ තරුව අද මාගේ..

විදිමින්…නුඹෙ සේද සිලිලාරේ..
දැවෙමින්… ඒ හීන ගංගාවේ..
පිණි බිදුවක්ව හැඩු තැනම මම සීතලේ..
යලි උණුසුම්ව සුරගනක තුරුලේ රැදේ..
සදවතියේ.. නුඹෙ සෙවනේ..
මා නොදුටු තරු දෑසේ…
මම ගිලුනා අවපසදී..
යලි එලිය විය ලෝකේ..
ඒ තරුව අද මාගේ..