මං ආදරෙයී | Man Adarei by Kanchana Anuradhi [2024]

හුස්ම වැටෙනා ඇසිල්ලේ
මා ඔබ සොයා එමි නිදැල්ලේ
තබාගෙන ඔබෙ තුරුල්ලේ
නලවන්න ඔබෙ හද තොටිල්ලේ

කියනු මැන තුරුලට අරන්
මං ආදරෙයි මගෙ රත්තරං //

සඳේ සාවිය විලසටා
ගුලිවෙන්න මට ඔබේ තුරුලටා
නිශාවේ ඇති සරා සඳ වී
එළිය දෙමි ඔබෙ දිවියටා

කියනු මැන තුරුලට අරන් //

මා දකින හැම සිහිනයේ
ඇසිපිය හෙලන හැම වාරයේ
අතින් අල්ලන් තුරුළු වී අපි
ඇවිද යමු සංසාරයේ

ඔබේ ලෝකයෙ රැඳෙන්නම්
ඔබ භවෙන් භවයේ පතන්නම්
ඔබේ හුස්මට එකතු වී මම ඔබව ජීවත් කරන්නම්

කියනු මැන තුරුලට අරන් //

written by Gen.Kamal Gunaratne

ලොවීනා | Loveena by Chitral Somapala & Kanchana Anuradhi [2023]

ලොවීනා
ලොවීනා මගේ සොදුරියේ
නුඹේ තුරුණු ලැම හද කිතිකවයි
නුරා ඉතිරෙන වියරු බැල්මන් එල්ලවී තිසරුන් දවයි

ස්වාමීනි මම රොඩි කුලයේ
ඉපදුනේ පෙර පවකටයි
ලැම වසන්නට වරම් නෑ මට
රාජ අණ හරි බලගතුයි

රණ තිසරු උස් අහස දෙස නෙත් යොමා ඇති හැටි සුන්දරයි
පිරුණු ලැම මත වැතිර සිටිනා උනුත් හරි ආඩම්බරයි

රාජ තේජස කොතෙක් තිබුණද මුතු වදන් ඔබේ පෙම්බරයි
ඔබෙන් ලැබෙනා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි

මගේ හාදුව ලබන තිසරුන් වෙනත් නෙත් නොගැටිය යුතුයි
වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි

ලැම වසන්නට ඔබෙන් ලද අණ මතක් වෙන විට සුන්දරයි
ඉගිල යන්නට අර අදින රණ තිසරු මන්මත් වී නටයි

written by Gen. Kamal Gunaratne