මාගේ දෑසින් | Mage Desin by Viraj Perera ft. Dilrukshi Perera

මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ
කොපමණ සිතුවිලි එක්විලා බැහැ ඔබ මතකෙන් මුදවන්න
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ

මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පසා මට සිහිවෙන්නේ
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ
කොපමණ සිතුවිලි එක්විලා බැහැ ඔබ මතකෙන් මුදවන්න
ඔබගේ ආදරේ මැවිලා අද ආයේ

ඔබ නැති ශෝකෙන් මා දැවිලා
යනවානම් මේ ලෝකෙන් දැවිලා
මාගේ දෑසින්

සැනසිමක් නැහැනේ ඔබ ලඟ නැතිවිලා
දුක හිතෙහි හිත පුරා දැන් ඇවිලිම ගිහිල්ලා
හැම රෑකම උදේ හවාකම
සිත පුරා රිඳුම් දී මා හඬන්නේ

ඔබ නැති ශෝකෙන් …
මාගේ දෑසින් වැටෙනා …

මාගේ දෑසින් පෙනෙනා හැම තැනකම දිස්වන්නේ
ඔබගේ ආදරේ දැවිලා අද ආයේ
හැම හුස්මක හැම ලේ බිඳුවකම ඔබ රැඳිලා වාගේ තෙරෙන්නේ
ඔබගේ ආදරේ දැවිලා අද ආයේ

තනිකමෙන් වෙලී මං ඔබ ලඟින් සිටිත් මං
දුක දනී සිනාවන් තව නොවා නිසාවෙන්
මේ ලොවින් පිට කොහේ ගියත් ඔබ තරම් වු
රුවින් පිරි රුවක් පතන් නෑ

තනිකමෙන් වෙලී මං ඔබ ලඟින් සිටිත් මං
දුක දනී සිනාවන් තව නොවා නිසාවෙන්
මේ ලොවින් පිට කොහේ ගියත් ඔබ තරම් වු
රුවින් පිරි රුවක් පතන් නෑ

හදවත ගැහෙනා | Hadawatha Gahena by Viraj Perera

දෑසේ ඔය රුව මැවිලා..
නෑ ලඟ සැනසුම රැදිලා..
කාලය හෙමිහිට ගෙවිලා..
යයි තව අපි දුර ඇදිලා..

හදවත ගැහෙනා..ගැහෙනා මොහතක් පාසා..
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..
මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා..

රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ..
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ..
මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ..
ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ..

පාළුවේ තනිවෙලා මා ඉන්නවා..
ඔබ ලඟින් උන්නු කාලයේ..
දුන් ආදරේම ජීවිතේ වෙලා..

හදවත ගැහෙනා…

මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ..
දුක දන්නේ කවුරුද මගෙ ඇස්වාගේ..
සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ..
මියැදෙන්නම් ලඟටම වී ඔය තුරුලේ..

පාළුවේ තනිවෙලා මා ඉන්නවා..
ඔබ ලඟින් උන්නු කාලයේ..
දුන් ආදරේම ජීවිතේ වෙලා..

තහනම් | Thahanam by Viraj Perera

තහනම් දැන් මට ඔයාගෙ
රූපෙ පේනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැදිලා අප වටා…
මේ ගෙවෙනා මොහොත ගානේ…
ඔබව යාවී දුරට මාගේ
පුලුවන් නම් තබමි කාලේ නවතලා…

අපි ආයේ හමු වෙන්නෙ
කවදාදෝ නෑ දන්නේ
එතකල් ඉන්නවා මග බලා…
මා ඉන්නේ ලතැවිල්ලේ
හිත ඇතුලේ ගිනි දැල්වේ
ඔබ දන්නෑ මගේ වේදනා

තහනම් දැන් මට ඔයාගෙ
රූපෙ පේනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැදිලා අප වටා…
මේ ගෙවෙනා මොහොත ගානේ…
ඔබව යාවී දුරට මාගේ
පුලුවන් නම් තබමි කාලේ නවතලා…

ඈයී දෝ මේ බාධා
අපි කාටත් නෑ වරදක් කරලා…
මේ කදුලක් පාසා
ප්‍රෙම තව වැඩි වුනා…

නෑ අන්සතු වෙන්නෙ…
ඔබ මා ඉන්නා තුරු මේ ලෝකේ…
ඒ බව දිවුරන්නම්
ඔබ දුක් වෙන්නෙපා
අන්සතු වෙයි කියා
හිතන්නත් එපා
සදාකල් මගේමයි ඔයා…

ආදරයේ නාමෙන්
මෙතාක් කල් වින්දේ දුක විතරයි
ඒ ගැන වෙන කවුරුත්
නැහැ තේරුම් ගන්නේ…
ජීවිතයම මාගේ…
පවතින්නෙ ඔබෙ සෙනෙහේ හින්දා
මා හැර ඔබ ගියොතින්
අසරණ වේවි මා
ඉතින් කිසිම දා
වෙනස් වෙන්නෙපා
සදාකල් මගේමයි ඔයා

තහනම් දැන් මට ඔයාගෙ
රූපෙ පේනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැදිලා අප වටා…
මේ ගෙවෙනා මොහොත ගානේ…
ඔබව යාවී දුරට මාගේ
පුලුවන් නම් තබමි කාලේ නවතලා…

අපි ආයේ හමු වෙන්නෙ
කවදාදෝ නෑ දන්නේ
එතකල් ඉන්නවා මග බලා…
මා ඉන්නේ ලතැවිල්ලේ
හිත ඇතුලේ ගිනි දැල්වේ
ඔබ දන්නෑ මගේ වේදනා