ලෝ අඩ නින්දේ | Lo Ada Ninde by C. T. Fernando

ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ

කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහලට බැස යති දිය රැල්ලේ
නාමල් පිපිලා නැලවෙති සුළඟේ
සුවඳ හමා දසතේ
සෝබන මේ නදියේ
සෝබන මේ නදියේ සඳරැස් වැතිරෙන්නේ

ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ
දැන් දැන් මා හද නලවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසතම පැතිරෙන්නේ

කවුරුද ඇල්හේනේ
කවුරුද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

සදවට රන් තරු | Sandawata Ran Tharu by C. T. Fernando

බඩගිනි වෙලා ගොඩවුන කල පුතුගේ ගෙට
මා යකිනියක ලෙස පෙනුනයි ලේලියට…
දරු සෙනෙහසින් ඈගලේ පෙරලුනි කිරට
අම්මද බිරිදද ලොකු වෑඩියෙන් උබට
සදවට රන් තරු කෑකුලු පිපේවා
හිරුට වලාකුළු සළු පෑලදේවා
පොලොවෙහි මිනි මුතු..කෑට බිහිවේවා…
පුතෙකුට අම්මගෙ…අගය දෑනේවා…

ගගුලට ඈති බර… දිය වෑලි නේදෝ
කතරට ඈති හර… සුදු වෑලි නේදෝ…
ලදකට ඈති හෑඩ… යහගුණ නේදෝ
මවකට ඈති සෑප…. දරු සෑප නේදෝ…
ලදකට ඈති හෑඩ… යහගුණ නේදෝ
මවකට ඈති සෑප…. දරු සෑප නේදෝ…

ගින්නක් නෑති කල.. දුමක් කොයින්දෝ…
පින්නක් නෑති කල… තෙතක් කොයින්දෝ..
වහලක් නෑති කල.. ගෙයක් කොයින්දෝ..
අම්මෙකු නෑති කල… දෑයක් කොයින්දෝ..
වහලක් නෑති කල.. ගෙයක් කොයින්දෝ..
අම්මෙකු නෑති කල… දෑයක් කොයින්දෝ..
සදවට රන් තරු කෑකුලු පිපේවා
හිරුට වලාකුළු සළු පෑලදේවා
පොලොවෙහි මිනි මුතු කෑට බිහිවේවා…
පුතෙකුට අම්මගෙ…අගය දෑනේවා…

 

මී අඹ වනයේ | Mee Amba Wanaye by C. T. Fernando

මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ
සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
මොනවද හිමිහිට මුමුණනවා
හදවත රිදුමද නවතිනවා
මොහොතින් යලි නොපෙනී යනවා
බද වට සුදු ඔසරිය පටලා
මල් පොකුරක් ඔබෙ අත තබලා
ළගදිම මනමාලිය කරලා
ගෙන යන්නෙමි ඔබ මගෙ කියලා
මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
ළා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නළවන්නේ

 

ආනෙ ඩිංගක් ඉන්නකෝ | Ane Dingak Innako by C. T. Fernando

ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය
දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බලබල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ

ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය
දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බලබල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ

පුංචි මාමගෙ කුඹුරෙදී
පැලක් ඉන්දන දවසෙදී
පුංචි මාමගෙ කුඹුරෙදී
පැලක් ඉන්දන දවසෙදී
දනක් මඩයේ එරි එරී
එදා පැල සිට වූ සැටී
දනක් මඩයේ එරි එරී
එදා පැල සිට වූ සැටී
තාම මතකයි රීයෙ වගෙමයි
දෙතොල් අව්වේ සැලි සැලී

ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය
දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බලබල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ

කුඹුක් ගහ යට බටකැලේ
නාන විටදී ඔබ දොලේ
කුඹුක් ගහ යට බටකැලේ
නාන විටදී…

 

කිමද සුමිහිරියේ | Kimada Sumihiriye by C. T. Fernando

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

සෙවනැල්ල වගේ වගේ ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ….
මුදු තොල් පොපියා කිසිවක් නොකියා
ඇයි යන්නේ පැන විගසේ….
හැම උදේම තනියම මෙසේ….
හැම උදේම තනියම මෙසේ….
පිය ළඳේ ඔබව හමුවේ….
කල්පනාව පෙම්බර හිනාව පින්බර
මගේ සිතට සුවදේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

කෙහෙරැල්ල වැටි නලලට සිරසේ
සිරි වැසේ බොළඳ මුහුණේ….
වනමල් පිපිලා බරවී නැවීලා
ලං වෙන්න එයි මැණිකේ….
දුටු වහාම හදවත ඔබේ….
දුටු වහාම හදවත ඔබේ….
දුක නැසී සතුට ඇතිවේ….
ඔබ ගියේ බලන් හිඳ අගේ කරන්නද
කියන්න සුරතලියේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

 

සිහින ලොවේ මිහිර මැවූ | Sihina Lowe Mihira Mawu by C. T. Fernando

සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ
සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ

මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
පෙම් මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ
කවියන්ගේ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී
සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ

මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
පෙම් මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ
කවියන්ගේ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී
සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ
සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ