මැණික 02 | Manika 02 by Suvini Sudhasni [2020]

මෝරපු කුසට වෙරදී සයනයම බදා
වෙව්ලන දෑස දියකර උණු කදුළු සලා
ඉකිලන මගේ දෙස බලමින් දෑස අයා
හිදිනා රැවක් දුටුවෙමි දුර ඈත තියා

ළගට විත් දෑතින්ම හිස හෙමින් අත ගගා
ඇසුණි නුඹ රිදෙනවද මැණික යැයි කිවු කතා
නුඹේ හුස්මක් පවා මට හුගක් හුරු නිසා
ඉතින් මම හැදිනුවෙමි ඒ ඉන්නෙ නුඹ කියා

පෙම් කරපු දා මගේ තුරුලේම ළග හිදන්
ගොඩ ගහපු හීන වල පැටව් ඇති ඇති තරම්
ඇවිලෙද්දි ඒ මතක හොරෙන් කදුලැලි පිහන්
දුටිමි නුඹ වෙව්ලනවා පිහිය දෑතින් බදන්

දෙපලු කර ගෙන නුඹේ පිහි තුඩ යනෙන කොට මගෙ කුස පුරා
ඇවිලෙනා ඒ විලිරුදාවන් ප්‍රේමයෙන් නිවි නිවි ගියා
දන්න හින්දා පරෙස්සම් බව නුඹේ ලග මගෙ පොඩි එකා
ඉතින් මම ඇස් පියා ගත්තා සත්තමයි හිනැහී එදා

අදටත් තියා ගෙන පෙම් හිත මා ගාව
නුඹ දුක් විදිනවා උහුලන්නද කෝම
ඉර හද සේම ඈතින් හිද බෝම
සැනසෙන එක නොවෙද අපි දෙන්නට උරුම

මං වෙනුවෙන් මේ දේ හෙට කරනවනන්
නුඹ කිව් ලෙසට පැටියට නුඹෙ නම දෙන්නන්
මං හැර වෙනත් හීනෙක සැනසෙන්න බලන්
දැන්වත් උඹේ පපුවෙන් මගෙ රුව මකපන්