අකීකරු | Akeekaru by Zany Inzane [2025]

Cannabis මැව්වා melodies

ඉතුරු වෙන්නේ දාන memories

හලන්නේ කශේරුකා නැති එවුන් Jellyfish 

වැදගත් එක දෙයයි “inner peace”

කර්මෙට වග කියන්නෑ මේ ඇස්වත්

යන්නෝනේ පාර කියයි හද ගැස්මත්

ජරාව තෝරන්නයි කැමති මැස්සත්

මේකේ ලොකු නෑ කවුරුත් මොන ලෝකෙන් බැස්සත්

හේතුවක් ඇති මං මේ දූපතේම ඉපදෙන්න

තේරුමක් නැති දේවල්, දෙන්නෑ මං පිටවෙන්න

ගමන කෙළින්, ගැහුවත් ඇද වෙන්න

එකෙන්ම! නොදන්න සත්තු මගේ සීමාවෙන් එහාට වෙන්න!

බස්සන්නයි ආවේ මුන්ගේ ඉදිමුණු තැන්

උරුමේ ප්‍රශ්නේ අපි විසඳමු දැන්

අල්ලන්න මෝරු අද එලනවා දැල් මුහුදේ,

මහා ගස් අපි’ උඹලා ඇඹරෙන වැල්

කොලේ වැදගත් බැරවීම්

වලංගුයි අදටත් වැරදීම්

කර්මේ දිගයි වගේ Limousine

නමුත් මං තාම පාවෙන්නයි කැමතී

2.0 දැන් ඉන්නේ BigZ

ඌ තමයි සිහියෙන් දකින්නේ සිද්දී

වටේම පේනවා මට මැද ඉද්දී

මං අකීකරුයි වචනෙට පණ එද්දී

තෙතමනේ වැඩියි හිතේ

සංවේදී වුනේ ඉබේ

හතුරගේ දුකේදිත්,

උන් දන්නවා Zanyත් එකයි, උගේ පේලිත් එකයි

ගියත් එකයි, එවුන් මෙලොව හැර ගියත් එකයි

බැලුවත් එකයි, උන් මූණ නොබැලුවත් එකයි

මුං පොරකන්නේ එක වෙන්න, අද බෑ හෙට එන්න

මේ ඉන්න සතාට උඹ මොකා වුනත් එකයි

අකුරු සාක්කි ඇහෙන් දුටු මරද්දී වදන්

වීරයා වෙයන් උඹ වෙනම කතාවක් හදන්

වෙනම සේනාවක් අරන් වරෙන්

මේ රස්නේ පිටවෙන්නේ Ozone ස්තරෙන්

Wonka Willy චොක්ලට් නෙවෙයි Charlie 

පෙන්නන තරම් කවුරුත් නෑ නිහතමාණී

වචන කඩදාසී වදන් Origami

නවන තැන් බලාගනින් අවදානෙන්

written by  Zany Inzane

ස්වර | Swara by Zany Inzane [2025]

වචනෙත් පරිස්සමෙන් බිත්ති වලත් ඇති කන්
ඒ දේවල් ඕනතරං අත්විදලා ඇති මං
ලැබුන තෝරාගැනීම් බහුතරේ බහුවරණ ප්‍රශ්න වගෙ
ගොඩක් එක සමානයි අමාරුයි
ලැබෙන්නෙ හදනං අල්ලන්න හිතෙන්නෙ අඟහරුයි
ඒ තමයි ගේම ලැබෙන්නෑ කාටත් හැමදේම
ඔව් සමහරු තනි අතින් ගේම ගහයි
ඒත් තව සමහරු දෑත තියන් අතපායි

මේ ලෝකේ මාරයි
සමාන නෑ ඇගිලි පහ
නිධාන පහල උනේ නෑ මට හතරමහ
තාමත් පුලුවන් බෙදාගන්න ගහන කාලෙනුත් කාලක්
රියල්ම යාලුවො ඉන්නෙ සීයට ගානෙනුත් ගානත්
අශුද්ද එවුන් ගාවත් තියෙයි දේවල් ශුද්ධ
උන් දන්නෙ නෑ ප්‍රාණෙ වෙනකන් නිරුද්ධ
ආසයි මිනිස්සු පෙන්නන්න තමන් ප්‍රබුද්ධ
ඒත් හර්දශසාක්ශියට විරුද්ධ

දෛවෙ මාර ආතල් කොහෙන් ඇනුවත් කොලේ joker
ඒ කාලෙ මේ කාලෙ කියලා නෑ ඒවා වෙනසක්
දකුණු පාදෙ යනකන් ඇඟෙන් වම් පාදෙ දන්නෑ
සදාකාලික දෙයක් මං දකින්නෑ
වදන් ගේම easy වගෙ ඇන්තනීට මැන්ඩලීන්
කියලා දෙන්න කලින් අහලා එන්න century
තාම ගෙම අල්ලං ඉන්න strong mentaly
සන් සුන් කලේ මාව ගල් මුල් එල්ලවීම්

අතේ නැතත් සල්ලි කොළේ
මං විකිණෙන්නෑ පොලේ
ඒකට ඉඩදෙන්නෑ මොළේ
විනය තීරණේ කරයි දිනන දිනය
හීනය නෙවෙයි රූපවාහිනී තිරය

සල්ලිත් එක දෙයක් විතරයි ඒක නෙවෙයි තරඟේ
මම විකුණන්නෙ කන නෙවෙයි මතකේ
නොලද දේවල් හීන කලේ මම ලදදේ
ගඟ ගලන්න දීලා බලන් ඉන්නවා වෙනදේ
පපුව පාරක් දුමෙන් දැම්මා තාර
මං මාර කැප උනා වෙන්න මේ රැප් මාර
තිරිසන් ගතිගුණත් දිලිසෙද්දි රන් සේ
මිනිස්සු කරපු ධාතු වැඩ නෑ ධාතුවංසේ

නිරායාසයෙන් ලැබෙද්දි ආත්මාවබෝදේ
යාත්‍රාවෙන් එහා දැක්කා ආන්ත්‍රාවක් මුහුදේ
හිටියත් මොන තත්වේ මරපං මමත්වේ
කාටවත් වැඩක් නෑ උබෙ ලේ වල ඝණත්වේ

අවසිහියෙන් එදාමං අමාවකේදිත් හද හෙව්වා
උබ යන පාර කෙටි මට අහස කිවුවා
ඇඟ ඉල්ලුවෙ නැති දේවල් හිත නිසා බිව්වා
ඒ අවසිහියෙන් ඉද්දි දැනුන හැමදේම ලිවුවා

තණ්හාව ලෝකේ සාතන් අවුව වගෙ රාස්සිගේ
මේ දේවල් දිලිසෙද්දි එනවා ආසාවක් හිතේ
ලැබෙන දේවල් වලින් පුලුවන් මට සෑනෙන්න
ඒත් මම බීරෙක් නෙවෙයි ගෙදර ප්‍රශ්න නෑසෙන්න
අංක ගහපු කඩදාසි හිස් කරද්දි ආමාශේ
මං හිතුවා ගොඩක් දේවල් බලාගෙන ආකාසේ
ඇයි මං දුවන්නැත්තෙ පිස්සුවෙන් වගෙ ඉබාගාතෙ
ඇයි සමාන අරමුණක් නැත්තෙ අනිත් උන්ට වාගේ
විශ්වාස කරන්නෙ මං ආත්මෙට දැනෙන දේ
මං දන්නෑ වැරදි දේ ඒවගෙම හරිම දේත්
දන්නෑ මං ස්වර හතෙන් පස්සෙ දෙයක් සංගීතේ
මං දන්නෙ ලියන්න මේ දැනෙන දේ හදවතේ

උනත් අද fucked up
පපුව තාම ලබ් ඩබ්
කැපවෙනවා තාම හීන කරගන්න අත්පත්
මේ වත්මන් මත් මං
මනෝකාය නෑ ඇගේ සරීරෙයි කලේ සක්මන්
කිසිදෙයක් ලබාගන්න වෙන්නෙ නෑ මං ඉක්මන්
ඉවසන්නම් එතෙක්මං
සම්මාදන් වෙන්නෙ නෑ මං ආයෙත් එපා හවුලෙ කැද
වැඩක් නෑ එලියෙ දේවල් ඉද්දි මම රවුම මැද
මං පාරක් හදාගත්තා මිසක් දෙයියො මැව්වෙ නැත

ඕනෙනං යන්න කාටවත් කියන්නෑ යන්නෙපා
ගැලෙපෙන්නෙ නැත්තන් හලලා දානවා අවුලක් ගන්නෙපා
කියන්නෑ කාටවත් මං ගාවට ලං වෙන්නෙපා
ලඟින් ඉදපන් හැබැයි වේදනා දෙන්නෙපා

written by Zany Inzane

ජුදාස් | Judaz by Zany Inzane [2024]

මේ තමයි අවදිය
පීනලා ගගේ හොයන්න යන්නෙ කරදිය
සියල්ල නැති කලා අවසිහිය
මිනිස්සු තරන් විස නෑ ශරීර හැරගිය එවුන්

දක්ශ්‍යා බාලයි නමුත් තදයි ගැහුව ගැට
එන දවස් හැටම නැවතීමක් නැත අවදිමත් බව
නිරීක්ශණ සියල්ල රන් නෙවෙයි දුරට දීලීසෙන
මොලෙ දිනෙව්වා සල්ලි හදවත මරා
දරා ගන්න බැරි උන් වෙනව තරහා
මං යන පාර මම තීරණෙ කරා
අහන උන්ගෙ රෝම උද්වීපනෙ කරා
වංචනිකයි සියලු දෑස්
කොයිවෙලාවෙ අරීද කියන්න බෑ judas ද homiev
විස්වාසෙ කෝ
විශ්වාස මායාවෙන් නිදාස් ද bro
Yeah
මං පොකුණක් වගෙ පිරිසක් දකින්නැති හෝ ගාන
පඩියෙන් එන්නෙ උඩට නෑ විදුලි සෝපාන
අත්තටු නෑ අනුන්ගෙන් ණයට ගත්ත
උපන් කැරිකම මුන්ගෙ කයට බද්ද
හුලගක් වගෙ තනි එකෙක් වෙන්නයි ඕනෙ ඇරියස් එවුන්ට මාව මතක් වෙන්න
අවංක උන්ට අපි අවන්කෙන්ම නමුත් මමත්වෙට සලකන්නෙ මමත්වෙන්ම

අවුරුද්ද වඩාගන්න පිලිගන්නෙ ජනවාරි
අල්ලන්න ලැබෙයි මිටිගනන් සර්ව බලදාරි ස්වාදීන තීරණ ස්වාදීන ගමන ස්වාදීන තරගෙ තනි සමීකරණ

කියාවි පරිමාණෙ මගෙ පරිණාමෙ
සෙල්ලමෙ boss වචන shot gun
ඔලුව කුඩුවෙයි ඇගිල්ල තද කරොත් මං
මගෙ සත්තු කයි උබව අණකරොත් මං

මුරණ්ඩු හිත ගැහුවත් මෙල්ල වෙන්නෑ දඩුකදේ
අල්ලන්නයි අහස බැරි උනත් ආස
සාතන් නෙවෙයි උබලා අදුරන්නේ ටාසන්
සාතන් මම උබ නල්ලතම්බි සාජන්
මරිසී අදුරගන්න ඕන ගේම ගහන්න නොනෑසි
නොනැසී
සම්මාව දකින්න මනසීන් අවස්තානු රූපී
නලුවන්ට movie උබෙ එක දුර්වල කමක් ඇති
උන් උබව නසන්න
bro අමාරුයි වසන්න
දන්න්නත්තන් ක්‍රීඩාව උබ කැපෙයි ඊගාව
පණපිටින් තාම
ස’යන්නෙන් මිස් උනත් ගේම අල්ලනවා රී’ගාව

written by Zany Inzane

රවටාවි ඇස් | Rawatavi As by Zany Inzane [2024]

රවටාවි ඇස්
මං හිතන් උන්නු හැමදේම වැරදී
ඈ වැරදි කරන්නමලු කැමතී
හැඟීම් අවුස්සාවි ලඟ දැවටී
ඈ පිලිගනී මාව රතින් සැරසී
ඈ පලදාවි ඇගෙ ලෝකෙ ඔටුනු
මට විවෘතයි ඒ ලෝකෙ හැම දොරටූ
ඈ ශුංගාරෙන් මුමුණාවි

මම jack sparrow කෝ මගෙ redrum
බලන්න බැරි උන් ගහයි අපිට පෙත්සම්
ගැහුවා කිවුවා හැබැයි කටින් ඔයාගෙ ex නම්
හරිම තාලෙ අල්ලන්නෙ මං කෙල්ලො ඩෙස් නම්
ඔයාට ගැලපෙන්නෙ නෑ කෙල්ලෙ toxic love
හැමදාම වලි boxing පව්
ආදරෙ කැස්සක් වගෙ හංගන්න බෑ ඒ කැස්ස ලෝකෙට පේන්න කැස්සත් අවුල්
ඔයා දැක්ක දේට වඩා මගෙ ලෝකෙ වෙනස්
ආදරේදි නීති නෑ මං ගාව ඔයා නිදහස්
ඇස් කිනිස්සක් ගල්වාපු විසක්
ඇනුනොත් බෙහෙත් නෑ ඒක දැනන් ඉන්නෙ වෙදාත්
හංගන්නෙපා හැඟීම් දෙන්න මට ගෙනත්
ඔයා තමයි තේරුම් ගන්න අමාරුම කෙනාත්
ඔයා දිහා ගොඩක් අය ඇහැ දානෝ
අපි තිරේ රඟපානෝ

රවටාවි ඇස්
මං හිතන් උන්නු හැමදේම වැරදී
ඈ වැරදි කරන්නමලු කැමතී
හැඟීම් අවුස්සාවි ලඟ දැවටී
ඈ පිලිගනී මාව රතින් සැරසී
ඈ පලදාවි ඇගෙ ලෝකෙ ඔටුනු
මට විවෘතයි ඒ ලෝකෙ හැම දොරටූ
ඈ ශුංගාරෙන් මුමුණාවි

අපි දෙන්නා ok නං අදාල නෑ ලෝකේ
කැමැත්ත විතරමයි ඕනේ
හිතන්න දෙයක් නෑ දෙපාරක් තීරණෙ කරන්න එකපාරින් මම කාර්‍යබහුලයි මේ මොහොතේ
ආස නැද්ද අල්ලන්න මොණරු මාත් එක්ක
තනිවෙන්න කැමතිද vine glass එක්ක
මම time pass නෙවෙයි කලේ ඔයත් එක්ක
වෙන කවුරුවාත් නැ මං ඔයා වගේ දැක්ක
වැඩී උපරිමයි විසේ කැඩී යදම් අද මගේ හිතේ ඔයා නිසා හැගීම් මුරන්ඩු වෙලා අකීකරුයි කෙල්ලෙ
ඈ තිබ්බා මතකයන් මගෙ බෙල්ලේ
මොනාද ගැලපෙන්නෙ නැත්තෙ අපි දෙන්නම එක vibe
එකේ මුනගැහෙන්නේ ඒ වගෙ දාහකින් එකයි
මං නවතින්න ඔයා ලග හේතු ගනනාවකි
මං තාම කිවුවේ දෙක තුනයි

රවටාවි ඇස්
මං හිතන් උන්නු හැමදේම වැරදී
ඈ වැරදි කරන්නමලු කැමතී
හැඟීම් අවුස්සාවි ලඟ දැවටී
ඈ පිලිගනී මාව රතින් සැරසී
ඈ පලදාවි ඇගෙ ලෝකෙ ඔටුනු
මට විවෘතයි ඒ ලෝකෙ හැම දොරටූ
ඈ ශුංගාරෙන් මුමුණාවි

written by Zany Inzane

කෑෂ් වදන් | Cash Wadan by Zany Inzane & Jemaa [2024]

මාරයා මං අමතන්න හෙලෝ
මඑ එන්න බෑ දැන්ම යෙලෝ
සිංහයෝ නිදි රෙදි පෙරෝ
නරි ඉදිමෙනෝ
වස විස වද දෙනෝ
මට දමා ගන්න බැ කෙලෝ
ඇස් බර වෙනෝ
දන්නැති උන්ට මේවා රහක් නෑ මෙලෝ
උගුරට එනෝ

මොනීකා
මං අසම පාට මං ආසම ගාන
මලීනා
හොයං යන්නේ වැදීලා
මේන් ඉන්කම් ශුගර් ඩැඩීලා
හොදම විසෙන් මත් වීලා
දෙයි ඈ දිව්‍යයලෝක වීසා
ඩේලි ඩෝප් මොනාලීසා
ඇල්කොහොල් වතුර
හෝමීස් බවුසර්
කෙල්ලෝ ගෙදරට බේබි
නහයේ පවුඩර්

රුපියලේ එවුන් පොර ටෝක් තවුසන්ට්
මම කියන්නම් අනාවැකි වගේ සිම්ප්සන්
මගේ රැප් පොලිතින්
දිරන්නේ නෑ මේවා එක දවසින්
දකුනෙන් ස්මෝකින්
ලිව්වේ වමතින්
බලන්න ඕනද සිඇසින්

කෑෂ් වදන් කෑෂ් ///

දෑත් බැදන් යනකන්
දෑත් ඩේලි ඇති ඇවිලෙනවෝ
ඈස් කැමතී දකින්න ගොඩක්
ඈත් කැමති මවන්න ගොඩක්

කෑෂ් වදන් කෑෂ් ///

දෑත් බැදන් යනකන්…

නෑ මෙහෙ දියවෙන්නෙ අයිස් කදු
වෙන්නෑ මෙහෙ ටියුබ් ලයිට් කුඩු
අපි එතුවේ කැනබි විතරයි සුදු
ඒකයි මං ඉන්නේ හරි ට්‍රැකේ
බලන්නෑ යාලුවෝ දිහා සැකෙන්
බොරු කිව්වේ නෑ බේරෙන්න ඇපෙන්
වෙනවා රැපෙන් සාමෙන්

මෙහෙ නෑ මස්ත දවස්
කෝල් එන්නෙ වෙද්දි හවස්
සිහි එන්නෙ පහුවෙනිද හවස්

සමහර උන්ගේ IG Story Andrew Tate
ඒත් එලියට බහින්නෑ දෝනි කේස්
දෙයියෝ නෑ හොයාගන්න කෝවිලෙන්
දෙයියෝ සැපේ අහසේ ඉන්නේ කොයිවෙලෙත්
හැබයි ලිමිට් පනින්නේ නෑ කොයි වෙලෙත්

කෑෂ් වදන් කෑෂ් ///

දෑත් බැදන් යනකන්
දෑත් ඩේලි ඇති ඇවිලෙනවෝ
ඈස් කැමතී දකින්න ගොඩක්
ඈත් කැමති මවන්න ගොඩක්

කෑෂ් වදන් කෑෂ් ///

written by Zany Inzane

මත්වුනු සුසුමන් | Math Wunu Susuman by Zany Inzane ft. Shane

මත්වුනු සුසුමන්
පාසා මැකී අදීය රා පැන්
අත් හැරීම පුරුද්දක් කරන්
පාවෙලා නිවීගියා තරු

මල්පෙති කඩන් වැටේවි හොරෙන්ම රහසේ
තනිකමක් නිසංසලේ අවවාදේ
වස දාපු පාට දෙකයි ඇස්
රතු වෙල ඉබාගාතේ
හපයි ගැස්ම දේ

මන් ඉන්නෙ වෙනස් වෙලා
ඒ කාලෙ අස දේවල් අද එපා වෙලා
ඒ පොඩි කාලෙ මවාගත්ත සුරංගනා ලෝකෙ කෝ
ඒවා බොරු අපි ඉන්නෙ මුලා වෙලා

මගේ ජීවිතේ මට තියෙන අවංකම සතුට මං
ගියේ නෑ ඉගිලෙන්න වෙන උංගෙ තටු අරන්
සන්සාරෙ කාංතාරෙ මාරයා ගිජුලිහිනියෙක්
දරන්න ඕන හැබැයි අඩන්න බෑ පිරිමියෙක්

හැමෝම නලුවො තමයි මරනෙ දක්වා
දුක ගැන දන්නෙ මටත් වඩා මගෙ අක්මා
සීමාවක් නැති යාලුවොත් ගැහුව ඩස්පා
වෙව්ලන්නෙ උංගෙ නෙවෙයි මගෙයි අත්පා

හිනාවෙන උංගේ ඇතුලෙන් අදෝනාව
ගැඹුරුයි තේරුම උස්සන් යයි වචන දෝලාව
දැනෙන්නෑ කිසි දෙයක් මම ඉන්නෙ කෝමා ද
මේ කාලෙ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක

අතයට ඉන්නකං හැමෝම ආදරෙයි
සීමාව පනිද්දි උංට බලන්න අමාරුවෙයි
හිනාවෙන.හැටි දැනගෙනයි යලුවෙක්
රජ ටෝක් දුන්නත් උබෙ හදවත කාණුවෙ

සමානයි ජීවිතේ අවදානම් ක්‍රීඩාවක්
අකාලෙ පැරදිලා ඇතිද කීදාහක්
උදව් කාල කාලකන්ණින්ට පුලුවන් තරන්
හැබැයි තේරුමක් නෑ ඇගිලි.නැති උන්ට දීලා වීනාවක්

අකාරුණික ලෝකේ හොයන්නෙපා කරුණාව
මිනිස්සු හොද කිව්වෙ ඉද්දි වෙනෙයි මැරුනාම
ඉවරයි අනාගතේ වැරදි පාරෙ වැටුනාම
සතුටුයි අවංකෙන්ම අපෙ කොල්ලෙක් හැදුනාම

නිවන්න බෑ ගිනි වැටුනත් පොද වැසි
මනුස්ස කම කෙල්ලෙක්නම් සමාජෙ ගැහුවා ඇසිඩ්
කිව්වෙනෑ පාට මූන වහගෙන දෑතින්
අකුරක් නෑර කීව්වෙ දැක්ක දේවල් දෑසින්

මත්වුනු සුසුමන්…

written by Zany Inzane

සියවසක් | Siyawasak by Zany Inzane [2023]

දනගාපු නිසයි විශ්වාස පොළොව
මේ තරම්
බලපං අහස මගෙ සීමාව ඒ තරම්
යනවා මේ ගඟේ දුක සැප එක සේ ගලන්
බිංදුවෙන් ආවේ උපතින් නෑ කිසි දේපලක්
හදන්නෙ හිත් ඒ වගෙමයි හිත්
ඒ නිසයි අකමැතිත් උන් මට කැමතිත්
තීරණ නෑ නිවැරදිත් නැහැ වැරදිත්
දෝතින් ගෙනැවිත් පුදන්නෑ දිනුම
කවමදාවත්

වැදගත් මේ හැම තප්පරේ
හිතට වඩා ප්‍රෙබල දෙයක් නෑ මේ සක්වලේ
වගකිමෙන් මන් කියන්නේ
මේ හිත නෑ හීනෙට තිත තියන්න කියන්නෙ
ඉතින් කොහොමද තියන්නෙ

වස විසට විතරමයි උනෙ සීමා
මරන්නෙ verse අරන් යන්නෙ herse දැන් මගෙ bars
පුරවන්නෙ perse
උපතින්ම සූදානම් දූපතෙන් එකයි
මගෙ වාසනාවකට මට වැඩි නහර එකයි

වචන මෝපීන් මත් කරන්නේ ලෝලීන් මන් දාන්නෙ නෑ ස්ටෝරීස්
කරද්දී මන් රෝලීන්
ඕනි සල්ලි නම් ගෝනි
ඇයි නිකම්ම යෝ# මේ වදන් හයි ප්‍රෝටීන් ඔව් මමමයි කෝකිත්
දැන් ගණනින් කෝටී මං කරන්නම් රෝගීන්
සමහරු නම් OG ඒත් කන්නෙ අසූචී
මුන් දන්නව CD ඒත් දන්නෙ නෑ AB
මේ සෙල්ලම 2D මං පෙන්නන්නෙ 3D
මං කැඩුව නීතී

රැප් ලිව්ව කඩදාසි කොළ ඩොලර් මැව්ව
පන්දම අතෙ පප් තුන තුන යැව්ව
පිස්සන්ගෙ දූපත
ප්‍රශ්නයක් සමහරුන්ට මේ ඉන්නෙ ඌමද….. ????

වැරදි කළ එවුන් වින්දා දිට්ඨදම්මවේදනීය
බලන්න අමාරුයි ඒ විපාක මාර ඛේදනීය
ක්‍රීඩාව මරණීය මිනිස්සු නෑ ප්‍රේමනීය
ඉදන් නෙමේ අද ඊයේ මාරයත් එක්ක පැද්දෙ සීසෝ
පඩියක් නැග්ග ගමං හැම එකාම Ego
මේ යකා බය වෙන්නෑ කියපන් ඉතිං පීසෝප්
ඩෝ මම INZANE මං උබෙ සෙන්සේ ශිෂ්‍යයෝ බීරෝ

ඉපදුනා ගුලිකරන් මරණෙ අතේ
මං කාපු දේවල් ගැන ප්‍රශ්න කොහෙවත් උන්ගෙ දතේ
මං අදුරනව සතෙත් ඒ වගෙමයි පන්දාහත් ඒකයි දවස ගානෙ පිරුණෙ ගෞරවෙ කැටේ
ඕනෙ නෑ වෙන්න මට තව එකෙක්ගෙ පිටපතක්
විස්වාසයි මුන් මාව කොපි කරයි සියවසක්
දැක්ක මං ගියපු උන්වත් පහළ ඉදන් ඉහළටත්
දැක්ක වැටුණ උන්වත් ඉහළ ඉදන් පහළටත්

පළමු පාඩම තමාන්ට තමාන්මය
නාමය නෙමෙ ZANY කියන්නෙ සන්නාමය
නිමාව කලියුගෙ ආරම්භෙ යුගාන්තය
පිළිගන්න ළගයි නෞකාව ගමනාන්තය

written by Zany Inzane

මයීක්‍රෆොන් | Microphone by Big Doggy ft. Zany Inzane

LK රැප් සෙල්ලම සමානයී මගෙ රැප්වර්ශ,
දශක දෙකට දැක්කා මීනිස්සු එක එක වර්ග,
බීන්දා සියක් තර්ක, දෙන්න හීනෙට අර්ත,
ගෙම මස්ත,අකපැයී රැපට අනුවර්ත

කොලබ අහස යට ගීනී ගහන කාස්ටක,
අපී ඔක්කොම නලුවො, තව එකෙක්ගේ නාටිටෙක
මට මාර fun දකීද්දී රැපර්ස් ලගේ පාට් එක
කල් යන්න යන්න ප්‍රියතම චරීතෙ තාත්වීක

සෙල්ලම හෙල සීනමාව මම ජෝඅබෙවීක්‍රම
ඩා වින්චී, වගේ අදීන්නද මොනලීසා සීත්තම?
ගේම උඩු කුරු වුනේ ගහන වෙගෙන් පීල්ලම
සීල්ලරට විකීනීච්ච රැප අද ඉල්ලම

කබ්බො ෆොම්, වැඩ්ඩො නීදී, ගහපන් හිමීට හොන්,
රැපර්ස් ලාගේ බාර්ස් දරුනුයී ෆ්ලොව්ස් රීජීෆොම්
මම මැරුණම බොඩීයට ඔනේ නෑ
ලෙජ්න්ඩරී වෙලා ඉවරයී check out ma check microphone

මේ ගේමේ දැන්නං විහිලු ඇති
මං දෙනවා වචනෙන් විසිවෙන්න උන්ට ගැලපෙන්නැති
මං ගැන දන්නවා ඇති ..ay!
දැනුවත් වෙන්නැති..
වදන් පුරවාපු නැව්, මොළවල් හුළඟෙන් හෙලවෙන්නැති..ayy

පිටිපස්සෙත් ඇති ඇස්
මම දැක්කා වැඩී රැස්
පොඩ් උන්ගේ මාතර – යාපනෙ Rhyming
මේකනෙ පාර උබ කොහෙද Driving
Ayy
දැන් සෙල්ලම රැප් නෙවෙයි කාවඩි
ඒකෙ තේරුම බල්ලන්ට බාරදී
අපි සෙල්ලමෙ කොඳු නාරටි
වදන් ගාවදි නෑ break, පිස්සු…
වැලපෙන ශාපෙන් miss u සිංහල රැප්
Rest in piece සෙල්ලම boxing නං මම tyson
කෙලින්ම icon ! මුලින්ම silent බලන්නෙ timing වගෙ sniper ..
මම කලින්ම කිවුවා පිස්සො වගෙ අපි දඟලන්නෑ මේවා cider..
Ay ay

වැරදි පරම්පරාවෙ මං J cole
ඒ නිසා තරඟෙ එකම අච්චුවෙ උබලත් එක්ක no race bro
මැරෙද්දි අන්තිම රෑත් dope
Doggy ලෙඩ්ඩුන්ට බෙහෙත් ko
උබලා ගහද්දි එල්ලෙ හු## අපි දැන් ගහන්නෙ baseball !

Shout out Sri Lanka
It’s Schama, another product of colonization
Thought I’d start off with something we might relate to
Resources within a land could start to attract the hateful
If you only speak the truth, aint no need to retract ya statements
Back in cages is what they fascinated with
But they miscalculated cause we bout to pack the stadiums
Couldn’t let you join our circle cause you lacked the radius
Currently in Colorado but his hearts wherever Haiti is
Im in South Asia, it’s me doggy and zany
Climate is similar to my flow, it’s tropic and ancient
I am so ridiculous with the flow it’s quite amazing
If we passed you the microphone, we’d have to light some sage huh?

Check check check to out my microphone
Death to all whack rappers what i condone

written by Big Doggy x Zany Inzane

Local by Sithi J ft. Zany Inzane [2023]

නිකරුනෙ ගැවසීම අධිඅවදානම්
හුස්මවත් ගන්න බෑ නිදහසෙ මේ පොළවේ
හිතන් ඉන්න සුරංගනා ලෝකෙ නෑ යථාර්තේ
ජරාව දුන්නොත් මහ ගස් පවා හෙලවේ
දුර්වල තැන් වලින් ගන්නෙ උන් ප්‍රයෝජන පන්තියෙ උන්ම පවාදුන්නා හර්දසාක්ශිය
කොහොමත් දෙපැත්තෙම තියෙන්නෙ අසාධාරණේ ඒක දැනගෙන තමයි අපිත් උඩ දැම්මෙ කාසිය

තදින් හීන බඳන් අකාලෙම මියැදෙන
සිය දහස් ගනන් කොල්ලො මග හමුවිය
සිනිඳු හදවත් පොඩිකාලෙම රළුවිය
පැතිරිලා මත්ද්‍රව්‍ය වගෙ අද වසූරිය

ඇවිදින ෆාමසි සාක්කුවෙ කරල්
අවතාර මෙහෙ ඇවිදින්නෙ මහ දවල්
හැම එකාම බඳන්, උන්ගෙ පාරක් උන්ම හදන් පාඩුවේම ගේමක් ගහන කොල්ලොත් ඇති ඕන තරන් මෙහෙ

කලා රස්සාවෙන් පවා අවතක්සේරු
ඉන්න පැත්තලු ඒක උන්ට ප්‍රශ්නෙලු
අපෙ ඇස් වල වස විස උශ්නෙලු
උන්ගෙ තේරිමෙ අපි ඉන්නෙ අගිස්සෙලු

අල්ලන්නෙ ස්වර්ගෙ පය තියන් අපායෙ ගිනිගත්
මේ සමාජෙට ගැලපෙන්නෙ නැහැ සිරිමත්
විනාසෙ ගිලගත් ජීවිත වැලපෙන්නෙ අද කමින් හිරබත් ! හිරබත්

written by Zany Inzane

සීතල ගිනි | Sithala Gini by Zany Inzane [2023]

සීතල ගිනි //

අදින්නෙ දිවි මකුලු විස
උරුම නැ දෙයක් මරනෙ මිස
පනනැ කොදු තියන්න තිත
සමාජෙ නොව දුර්වල හිත

සමහර කොල්ලො පිච්චුව දිව
ආව එක්කන් යන්න පෙන්නන්න ශිව
විනාසෙ ලග අල්ලල ඉව බේරල පන
ආව මං දිව

මේකද සැප නැ මේක දුක
වෙන්නෙ නෑ පොර
වීදුරු කෑලි රත්කලාට මොල
විකුර්ති වෙලා ඇටකටු පෑදිල ගහන්නෙ කොර
පැනල ඉර

දැන් මගෙ සමහර යාලුවො සික්
දකින මිනිස්සු කියන්නෙ ශික්

වචනයක් ඇති දාගන්න වලි
මේ වගෙ හැසිරුන්නැ මීට කලින්
සීතල හේතුවක් දැන් පිලිගනින්
ඕව විසි කරපන් මැරෙන්න කලින්

නැ උන්ට හැගීම් දැනීම් කිසි දෙයක්
ලස්සන් පව්ලක් කලා මලගෙයක්
නැ උන්ට වටින්නෙ නෑ ජීවිතයක්
උන්ට තිබ්බෙ වද්දගන්න තරගයක්

සීතල ගිනී yha සීතල සීතල ගිනි
නිවන්න නිවන්න ඇවිලෙයි ගිනි yha සීතල ගිනී
සති ගනන් මෙහෙ නැ කොල්ලො නිදි
නැ කොල්ලො නිදි
සාතන් ඇවිත් අරගන්නව බිලි
කොල්ලන්ට දැනෙන්නෙ නැ බඩගිනී //

දවසින් දවස වැනසිලා පසුතැවෙවි උබල ගැනම
සීතල ගින්නෙන් දැවි ඇග පුරාම තුවාල ගලාවි සැරව
කරුමෙ කියන්නෙ මෙ ගිනි පැතිරිල හැම තැනම
දැක්කම පුදුමයි සීතල නිසා යාලුවො වෙනස් වෙන තරම

ගෙවන්නෙ පව් නැහැ උදව්
ඔව් ලංවෙන්න බයයි මිනිස්සු කලින් උන්න කොල්ල නෙවෙයි

තිරිසනෙක් ඉන්නෙ ඇගෙ විදවන්න්නෙ උගෙ මව්
මොනාද තව ඉතිරි දෙ
සාතන් ඉන්නෙ උබෙ ඉදිරියේ
තේරෙන්න කිව්ව සෑහෙන්න කාලයක් බැරිම තැන මම අතෑරියේ
බලපන් උබ දිහා
ඇගම යන්නෙ දිරා
ජීවිතෙ වැරදිලා
හිතපන් නැවතිලා
කියන්නෙ කාලකන්නි එ නම කැතවෙලා
අකාලෙ ගිනි ගනී සීතල ගින්නට මැදි වෙලා

written by Zany Inzane