නෞකාවක් | Nawukawak by Zany Inzane [2022]

Sinhala song lyrics with music notes illustration

රුවල් බිදී ගිය
සී සී කඩ සුන්බුන්
ඒත් මගෙ අරමුණ නොවෙනස්
මම අවදි වුනා සිහි සුන් වී
ගිනි කාශ්ටකේ
එන ගැම්ම
නැගිටින්න යන්නේ තනියෙන්ම
යන දිශාව ගැන අවබෝදෙන්
දයි වෙට ගැහුවේ උගේ අවියෙන්ම
මගේ කතාවේ මුල් පිටුවෙන්ම
දිවි ලෝකේ දොරටුව වැසූනා
නරකාදියේ විලාපේ ඇසූනා
ඒ විලාපෙට රස වැටුනා
ඒ දිශාවට මම හැරුනා

එදා ඇස්වහගෙන ඇන්දේ මාව
ඇස් ඇරලා බලද්දී මම දැක්කේ
මාව නෙවෙයි මාරයාව
ඉතින් තේරුම ගත්තා මම අනිත්‍යය

මුඩු බිමක් වගේ වියලී මගේ
මගේ ඇගේ නෑ අනාගතේ ලියවී
ගිනියම් උන අගුරක රස්නේ දිවෙන් විමසන්නෙ
කෙසේ
මට අම්මා තාත්තා හැර නෑ වෙන කිසිම කෙනෙකු
අදහන්න දේවත්වෙන්
මේක අදහස් වල පරතරයක්
උඹට බෑ තරග කරන්න මාත් එක්ක
උඹේ ඔය සිගිති මානසික තත්වෙන්
මම පිනට කෑවේ නෑ කාගෙන්වත්
ඒක නිසා උඹට බෑ මාව විවේචනේ කරන්න
ඒක තමයි ලූ හේතුව
දෙවියෝ උනත් හීන මවන්න
එන හැමෝම කිව්වේ මම ආවේ කලාව වෙනස් කරන්න
වෙනසක් නෑ මුගේ එකම වචන ටික බං
ඊලග කෙනා එවන්න

අද තීරණාත්මක හීන මගේ
ඉවසීම මතම ලියවිලා වගේ
ඒ නිහඩතාවේ මට තේරුන දේ
මගේ දයිවේ මට ඉර ඇන්දා වගේ

මේ සාගරේ මම බලාපොරොත්තු වුනා
මීට වඩා සුලි කුනාටු
අද ඉබ්බාත් අහනවා
කොහොමද බං උඹ ගැලෙවේ මට නැති පිහාටු
මම සංසුන් හිත නිර්වින්දනේක
නිරුත්තරයි
මට තේරුනා එක දෙයක්
උඹලට වඩා මම සෑහෙන වෙනස්
මම දෙයක් කලොත් තනි පුලුල් කරයි

මම වැටුනානම් තවත්
ආයිම නැගිට්ටා දනිස් පිහදලා
උඹ මට රැප් ගැන උගන්නන්න එනවද බං
මගේම පොතෙන් කියවලා
එකෙක් අවංකව උදව් කරයි
එයි දාහක් බොරුවට වැලදගන්න
මම දන්නවා බං ඔය උඹලා සැරසෙන්නේ
කපන්න බැරි දේ ඉබලා ගන්න

එන ප්‍රශංසාව වැඩි නම්
මම එවෙලෙම ලෑස්ති වෙන්නේ නින්දාවට
අත්දැකීමෙන් කියන්නේ උඹ අවංකනම්
ගැලපෙන්නේ නෑ ලංකාවට
අප්‍රසිද්ද අමිහිරි අතීතේ ගෝශාවක්
ඒ අතීතේ දිලිදුයි
මම දන්නවා සිතුවමේ
උඹට පේන්නේ බලිකුරුටුයි

මම පිලිවෙලකට පෙල ගැස්සුවා අතීතේ
ගෙවෙන හැම තප්පරේම පාඩමක්
අත්දැකීමක් මට පසුතැවෙන්නෑ උන හිත් රිදීමකට
ඉගෙන ගත්තා මම පුලුවන් තරම්
මේ සෙල්ලම ගැන
මම ඉවසන්නේ මට ඕනෙ තැනට යනකන්
ඊට පස්සේ බලාගමු වචනේ දාපු සේරම ගැන

written by Zany Inzane

zany inzane cider, zany inzane lyrics, zany inzane piranha

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply