Sinhala song lyrics with music notes illustration

නිකරුනෙ ගැවසීම අධිඅවදානම්
හුස්මවත් ගන්න බෑ නිදහසෙ මේ පොළවේ
හිතන් ඉන්න සුරංගනා ලෝකෙ නෑ යථාර්තේ
ජරාව දුන්නොත් මහ ගස් පවා හෙලවේ
දුර්වල තැන් වලින් ගන්නෙ උන් ප්‍රයෝජන පන්තියෙ උන්ම පවාදුන්නා හර්දසාක්ශිය
කොහොමත් දෙපැත්තෙම තියෙන්නෙ අසාධාරණේ ඒක දැනගෙන තමයි අපිත් උඩ දැම්මෙ කාසිය

තදින් හීන බඳන් අකාලෙම මියැදෙන
සිය දහස් ගනන් කොල්ලො මග හමුවිය
සිනිඳු හදවත් පොඩිකාලෙම රළුවිය
පැතිරිලා මත්ද්‍රව්‍ය වගෙ අද වසූරිය

ඇවිදින ෆාමසි සාක්කුවෙ කරල්
අවතාර මෙහෙ ඇවිදින්නෙ මහ දවල්
හැම එකාම බඳන්, උන්ගෙ පාරක් උන්ම හදන් පාඩුවේම ගේමක් ගහන කොල්ලොත් ඇති ඕන තරන් මෙහෙ

කලා රස්සාවෙන් පවා අවතක්සේරු
ඉන්න පැත්තලු ඒක උන්ට ප්‍රශ්නෙලු
අපෙ ඇස් වල වස විස උශ්නෙලු
උන්ගෙ තේරිමෙ අපි ඉන්නෙ අගිස්සෙලු

අල්ලන්නෙ ස්වර්ගෙ පය තියන් අපායෙ ගිනිගත්
මේ සමාජෙට ගැලපෙන්නෙ නැහැ සිරිමත්
විනාසෙ ගිලගත් ජීවිත වැලපෙන්නෙ අද කමින් හිරබත් ! හිරබත්

written by Zany Inzane

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply