Sinhala song lyrics with music notes illustration

2023 කරටියෙ බැස්සෙ මං 2020,
තනිගේම ඇද්දාමං වැලිනෑ දනිස්සේ
ඇවෑමෙන් කාලයාගෙ ඉඟුරුත් මිරිස්වේ
රැප වල් ඌරෙක්නම් අඩො ඇන්න මං කිනිස්සෙන්,

බින්න බහින්නයි ආවෙ යන්න නෙමෙයි අකුලන්
උකුසු ඇස් තියුණු කොරහෙත් හිටියා කිඹුලන්
රැකවරනෙ දැඩිමුණ්ඩ මටත් ඕන මගුලක්
බොලා දින්නා කියලා හිතුවද,
හුත්තො මේක උගුලක්

පිස්සට නෑ හැතැක්ම DISS මේවා රැප් අන්දරේට
මූනිස්සම් හතක්ම පන ගහන් UNDERTAKER
කෝ රැපාලා underrated
අපි බැස්සා මණ්ඩපේට
පොදි ගහපු දේවල් කෝශ දෙකයි ඇත්තෙ සන්තකේට

ගරුකල යුත්තාට ගරූ.. කරා
බිමදාන්න කඳු වල් බල්ලෝ බිරූ තරම්
හරෝ හරා, හොර රහසෙ අපිව Follow කරා,
මෙලෝ රහක්, නැති එවුන් යවමි එලොව කරා,

වද්දගන්න නහින නැහිල්ලේ..
සීමාවක් තියාගනිං හබල් ගාන වංශෙ තතු ඇහිල්ලෙ,
නිශ්පලයි වඳින එකාට ගහන ගැහිල්ලේ,
ගම වටේ දිව්වැකි http උඹව ගහගෙන කිහිල්ලේ,

මැදුරට ආවෙ මහපාරෙන්
රැප චීන අදිරාජ්‍ය මමයි චීන ප්‍රාකාරේ
ආවට කම් නෑ මල්ලි අපි ආපාරේ
බලපං ගිලිහුන ගේම ශෙනිකව අල්ලන ආකාරේ,

අස්සහං මල් අහන උන්ට මේ ගීය
ඇඟිලි ලේවකන්න නෙමෙයි මං කැඩුවෙ මීය,
පැතීය..! බුදුවේවා rappersලා දහසකට පස්වාන්..!
එක ගානෙ මාසෙකට මම ගේම දෙන්නෙ ඇස් වහං…

“Its my turn”
බොලා විලි වහගනිං..
බොලා බය උනේ අපි සෙල්ලම බිලිබාගනී
“Its my turn”
කංවල ඇඟිලි ගහගනිං
ගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං…//

කෝලං එපා.. වෙලා..
වැටුනාම ආර්ථිකේ.. ඒ..
ඕලක් ඔතන් බීලා..
දින ගෙවං සාර්ථකේ,
මෝලම් දෙකක් ගහලා
Festival type එකෙන්
රැපයි තොපියි යා කරල
ගැහුව්වා පාලං දෙකාක..

මනබැන්දු හිතරැන්දු ගීත,
කනවැද්දුං රැප, යලිබැන්දු
බලපංඩො ගැලපිල්ල ආතල්
නලවන්නෑ වදන් පදබැන්දු,
ගහපු ඒවා සිහි විකල්.කරා,
ගියේ බකාල් ගගා
ඕන ගේමක් අපි ටකල්.කරා,

ගහ ඵලබරයි පොලු ගහල
කඩංකාදෙං..
ගමෙන් එකෙක් හින්දනෙ සැලකිලි කුඩම්මාගෙ,
සෙල්ලමට කඟවේනා වගේ මං
කෙලං ආවෙ,
ඉතා අසීරු භාදක මැදයි මේගඟ
ගලං ආවෙ

මුං මාව මරංකාවී
සිංදු නොදා හිටියොතින් සෙනික,
මොකද වෙන්නෙ මැණික,
පැදුර සැපයි සෙට්වෙන්නැ මෙට්ටෙහෙක,
එකෙම්ම ගොඩෙ උපත හින්දුස්ථාන් පොට්ටෙකක

අපි දැකල මොකෑ…. මේ පිම්ඹිලි
බල කරවල අස්සෙ කවුද ගැහුවෙ මල්ලි බොම්බිලි,
ලෙසි වෙන්නෑ තැම්බිලි,
පුලුන් වලා යටින් යන්නෙ සීන් එකේ මාමා වගේ අමිබිලි,

නැති තැන වනසෝනො
මූනිච්චාවට මූනට ගගා ඉන්නෙ සුදු හූණු,
ගෑණු වගේ පිරිමි පිරිමි උනා ගෑණු
ජීවිතේනම් ලේසිනොවේ නොවුනෝතින් පුහුණූ..

කැරට් අලේ පෙන්නා පෙන්නා සූරකයි ශ්‍රමේ..
නැගනිය දැනුවත්ද ඇන්නා පැන්නා සල්ලාල ක්‍රමේ..
නයා කියා පෙනේ පෙන්නා පෙන්නා ඉන්නම ඕනෙ නෑ..
රතු කට්ටා පයිනට ඔන්න මෙන්න ගැහුවට කාරිනෑ…

වදින තැන් ගෙවුනෙ වැදිලමයි
හිතාගනිං මේ අවුරුද්දෙ නවතින්නෙ හැදිලමයි..
කිරි එරෝගන්න ඕන අඬලමයි
කිරි නාවත් වැලපෙන්නෑ අඬන්නෙ නෑ හොඳළමයි..

කරත්ත වල නොනැග අනූනවයෙන් බේරුනාම..
කෝකත් එකයි වගෙ දැනෙයි මේ ෆැන්ටසිය තේරුනාම..
තැනක් නොතැනක් නෑ පුතෙ Rap වයිරසේ බෝඋනාම
මෝඩයො එක්ක බෑ ජිල් ගහන්න එපා වෙනෝ එහෙම උනාම…

හෙන ලයින් කනයොන්ගෙත් කාලෙ ලුල්ලු කටපියන් හිටපු,
කොට්ටෝරුවා කන්ඩම් උනා කෙහෙල් ගහට කොටපු,
වැරදි කටක් අවුස්සගත්තෙ හුත්තො පාඩුවෙ හිටපු,
බුලත් කොලෙයි රුපියල් 5යි දීලා ගස්සනවා තොට වටපුක්,

කෑවා වගේ නයි පොළොන් උග්‍ර විස සර්ප
නරක නාම සමඟින් වඳුරු කුණුහර්ප
ගෙයින් එලි බහින්නෑ සමාජෙ ගැන තර්ක
අඩෝ ඇඹරෙයිද මාගම්පුර, ගෝතයොන්ට ගොරක…

“Its my turn”
බොලා විලි වහගනිං..
බොලා බය උනේ අපි සෙල්ලම බිලිබාගනී
“Its my turn”
කංවල ඇඟිලි ගහගනිං
ගැලපෙන එවුන් එක්ක බුදු මල්ලි වලි දාගනිං…//

written by Shana

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply