පෙරලන්නේ කෙසේ | Peralanne Kese by Kelwiz [2023]

Sinhala song lyrics with music notes illustration

පෙරලන්නේ කෙසේ නුඹත් එක්ක ඇදපු මතක
හීන මැදදේ අතරමං වෙලා මං කොනක
මත් වුනේ අදරේට නෙවෙයි කාමේ රසට
ගෙවපු විදපු කාලේ ගන්න බෑ ආපස්සට

නම ඇගේ ….. තාමත් හිතේ මුල් තැන
විසදගන්න බැරි උනා අපු පැන
අපි නැවතුනත් අපේ කතාව නවතීද
නුඹේ ඇස් මත්තේ නැහුන එක වැරදිද

නුඹ නැති මේ ජීවිතේ සතුටින් ගෙවෙන්නේ කෙසේද අහපන්
මගේ පපුවෙන්
පෙරලෙන දුක වචනවලට හැඩවෙද්දි ඇඩුවත් ඉනුවේ නෑ කදුලු
ඇස් ඇතුලෙන්

අම්මට පස්සේ මං දුන්නා කෙනෙක්ට මුල් තැන
ඒ නුඹ! දැන් ඉන්නේ අපි එකතු වෙන්න බැරි දුර,
තදින් අල්ලන් ඉන්න බැහැ හිත දුවයි ඒ මේ අත,
හැමදාමත් හරි කිව්වේ නුඹ…

ඈතට පාවි අපේ මතකත් එක්ක මං යාවී
සුන්දර ලෝකෙකින් ඈත් වී ඇයි කෙල්ලේ නුඹ තාම පමාවී..
මුළු පාරම පාලුයි මම තනිකමත් එක්ක දැන් යාලුයි,
ලස්සන මුහුදත් රළුයි නොදැන ගියා මං රැල්ලට ආදරේ දාපන් බල්ලට
ආයේ එන්න එපා මගේ මරණෙටවත්..

මතක එක්ක මගේ හිත හැමදාම පෑරෙයි
අදුරේ නිදන් ඉන්න බෑ ඉබේම දෙනෙත් ඇරෙයි
කවදාකහරි දිනකදී නුඹ පසුතැවෙයි
ගිලෙන බව දැනගෙනයි තිබ්බේ අඩිය නැවේ..

ආදර කතා සුන්දර නෑ හිතන තරම් අගේ
හිතේ ක්‍රෝධයක් නෑ ඈතින් හිටියට නුඹ මගේ
නුඹ පැත්තට හිනාවෙන විට මොනාලිසා වගේ
උනා සින්න නුඹ ළගදී ආදරෙත් මගේ..

මතකත් එක්ක තනියම ඇවිදින්නේ පාරේ
හිත වාරු නැති හැමවිට සැනසුනේ දුමෙන්
මං දන්නෑ නුඹ තියා මමවත් ඉන්නවද සුවෙන්
අපි වාද කරපු හැමදේම රෑපයට මැවේ..

බෑ මැකෙන්න මැකුවත් රෑපය හිත ඇතුලෙන්
තාමත් අහනවා වැරැද්ද මගේද පපුවෙන්
දෙන්නෙපා පොරොන්දු රකින්න බැරිනම් සරුවෙන්
පාලුවත් යාලු වුනා මං ගෙවපු ඒ අදුරේ

මං දන්නවා තව නොබෝ දිනකින් මං දිනනවා
ඒ වෙනකන් නුඹත් එක්ක මං පොර බදිනවා
දැනුනොත් ආදරයක් නැ කියා මං ඈත් වෙනවා
මං හිතට කියලා දෙනවා නුඹ මිය ගියා කියා…

ඈතට පාවි අපේ මතකත් එක්ක මං යාවී
සුන්දර ලෝකෙකින් ඈත් වී ඇයි කෙල්ලේ නුඹ තාම පමාවී..
මුළු පාරම පාලුයි මම තනිකමත් එක්ක දැන් යාලුයි,
ලස්සන මුහුදත් රළුයි නොදැන ගියා මං රැල්ලට ආදරේ දාපන් බල්ලට
ආයේ එන්න එපා මගේ මරණෙටවත්

written by Kelwiz

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply