මත්වුනු සුසුමන් | Math Wunu Susuman by Zany Inzane ft. Shane

Sinhala song lyrics with music notes illustration

මත්වුනු සුසුමන්
පාසා මැකී අදීය රා පැන්
අත් හැරීම පුරුද්දක් කරන්
පාවෙලා නිවීගියා තරු

මල්පෙති කඩන් වැටේවි හොරෙන්ම රහසේ
තනිකමක් නිසංසලේ අවවාදේ
වස දාපු පාට දෙකයි ඇස්
රතු වෙල ඉබාගාතේ
හපයි ගැස්ම දේ

මන් ඉන්නෙ වෙනස් වෙලා
ඒ කාලෙ අස දේවල් අද එපා වෙලා
ඒ පොඩි කාලෙ මවාගත්ත සුරංගනා ලෝකෙ කෝ
ඒවා බොරු අපි ඉන්නෙ මුලා වෙලා

මගේ ජීවිතේ මට තියෙන අවංකම සතුට මං
ගියේ නෑ ඉගිලෙන්න වෙන උංගෙ තටු අරන්
සන්සාරෙ කාංතාරෙ මාරයා ගිජුලිහිනියෙක්
දරන්න ඕන හැබැයි අඩන්න බෑ පිරිමියෙක්

හැමෝම නලුවො තමයි මරනෙ දක්වා
දුක ගැන දන්නෙ මටත් වඩා මගෙ අක්මා
සීමාවක් නැති යාලුවොත් ගැහුව ඩස්පා
වෙව්ලන්නෙ උංගෙ නෙවෙයි මගෙයි අත්පා

හිනාවෙන උංගේ ඇතුලෙන් අදෝනාව
ගැඹුරුයි තේරුම උස්සන් යයි වචන දෝලාව
දැනෙන්නෑ කිසි දෙයක් මම ඉන්නෙ කෝමා ද
මේ කාලෙ සෝපාකත් එල්ලෙනවා බෝ ගහක

අතයට ඉන්නකං හැමෝම ආදරෙයි
සීමාව පනිද්දි උංට බලන්න අමාරුවෙයි
හිනාවෙන.හැටි දැනගෙනයි යලුවෙක්
රජ ටෝක් දුන්නත් උබෙ හදවත කාණුවෙ

සමානයි ජීවිතේ අවදානම් ක්‍රීඩාවක්
අකාලෙ පැරදිලා ඇතිද කීදාහක්
උදව් කාල කාලකන්ණින්ට පුලුවන් තරන්
හැබැයි තේරුමක් නෑ ඇගිලි.නැති උන්ට දීලා වීනාවක්

අකාරුණික ලෝකේ හොයන්නෙපා කරුණාව
මිනිස්සු හොද කිව්වෙ ඉද්දි වෙනෙයි මැරුනාම
ඉවරයි අනාගතේ වැරදි පාරෙ වැටුනාම
සතුටුයි අවංකෙන්ම අපෙ කොල්ලෙක් හැදුනාම

නිවන්න බෑ ගිනි වැටුනත් පොද වැසි
මනුස්ස කම කෙල්ලෙක්නම් සමාජෙ ගැහුවා ඇසිඩ්
කිව්වෙනෑ පාට මූන වහගෙන දෑතින්
අකුරක් නෑර කීව්වෙ දැක්ක දේවල් දෑසින්

මත්වුනු සුසුමන්…

written by Zany Inzane

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply