මං ආව පාරෙ | Man awa para by DropC x Smokio [2023]

Sinhala song lyrics with music notes illustration

මං ආව පාරෙ හති වැටුනා
ඔව් වැටුනාත් එසැනින් දූවිලි පිස දැමුවා
මං ආව පාරෙ දාඩිය හැලුනා
ඔව් හැඬුනා ලේ වලින් මං සලකුණු තැනුවා
මං ආව පාරෙ තවත් උන් ඇදුනා
දැනුනා ඒ තැන් හදවතටම දැනුනා
තමා මයි තමාට බව හැඟුනා
ඒ තැන් මට ලෝකෙ මට පෙන්නුවා
පාඩම් ගත්තා මේ තාක් මං රැඳුනා

මම ආව පාර කටුකයි දුරයි දුර උනත් අවසානෙ වෙත යා යුතුමයි මම හීනෙන් දැක්ක තැන් ඇත්ත වෙද්දි පුදුමයි රාමු නැති හීන ලෝකෙ ඇත්තක් වෙලා උරුමයි
ඝන අඳුර ඉරා පෙනෙවි ආලෝකෙ නිම්න ඒ ආලොකෙන් වැහුනා වින්ද දුක් ගින්න හිත හයියයි ඒ වේදනාවන් සින්ද
ලැබුනෙ ඒකයි SMOKA ලඟ ඉන්න
අවශ්‍යතාව රුධිර නාල පීරා
ආවා අවසානෙ කරා වෙහෙස මහන්සි වීලා
මං ආ පාරෙ ආව ගොඩක් උන් මගදි හැලීලා මං නොමැරි මැරීලා ඒත් තාම නෑ ඇස් වැහීලා
හැඟීම් එක්ක සෙල්ලම් කරා මගදි පිල්ලි බැඳීම් කියලා කිව්වා කව්රුත් ලඟ ඉද්දි
පැතූ හැම දේම එලෙසින්ම ලැබෙද්දී සැපයි ගැලපිල එලිසම වැටෙද්දී

මං ආව පාරෙ හති වැටුනා…

ඒයි.. ඒයි..
දකිද්දි අම්මගෙ කඳුලු බින්දු මට සින්දුවක් විතරක්ම උනෙ නෑ සින්දු
ලොකු දේවල් නැ අම්ම මගෙන් ඉල්ලු මම බේරිලා ජිවත් වෙනකං ඈ සතුටින් ලු
ලෝකෙන් ලැබෙද්දිත් අසාධාරණ තීන්දු තැනක් නෑ අම්මා මගෙ අතින් අත හරින්න හිතූ
මම ආව පාරෙ දෙපතුල් පිච්චුනත් ඒ තැන් මට හයියක් උනෙ වෙද්දි හීනෙට කිට්ටු
දැන් කෙල්ලො කොල්ලො පිස්සු වැටෙන SMOKA පිස්සුවක්
වදන් සෙල්ලමෙ මිම්ම මං ඉස්සුවා
ඉරිසියාකාර හදවත් පිලිස්සුවා
උන් මාව මූනට හම්බුනාම දත් විලිස්සුවා
බෑ කිව්ව උන්ගෙ මූනු දැං මං ආසයි බලන්න
ආසයි මං ආව පාර සම්බන්දෙන් පාඩමක් කරන්න
එයි තාමත් ඉන්නෙ මං ඒකට වරයක් බලන්
ඒයි මිනිස්සු විසින් දුන්න ගරු නාමයක් අරං
කැප කලා මං ආසාවල් මේකෙ පනපිටින් ඉන්න වැඩ කලා මං දැක්ක හීනෙ ඇත්තක් මෙන් දකින්න
විඳවපු තැන් මයි තැන් ජීවිතෙ වින්ද
ගොඩ කාලෙකින් එයි අද ඇස් වලට නින්ද

මං ආව පාරෙ හති වැටුනා…

written by DropC x Smokio

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply