මාගේ සුකුමල | Mage Sukumala Sanda by Romesh & Lakshan

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී

තාරුකා පියගැට සදා නැග ප්‍රේමේ කදු රැල්ලේ

නුඹ දිහා එමි සැතපිලා ඉමි නුඹගේ හසරැල්ලේ
හැංඟිලා ඉඳ ලං වෙයන් මට පටලා දැවටිල්ලේ
කින්නරී නුඹ ලං වෙලා.. ආදරේ කියනාතුරා
සිත නෑ ඉවසිල්ලේ

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී..
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැදි කොමලී
පිය වදනී.. පිය වදනී

මාලිගාවක සුව දෙනා සිත නුඹමයි ගෙන ආවේ

ප්‍රෙහෙලිකාවක විසදුමක් ලෙස ලංවෙලා සිටියේ
ශාලිකාවක දහසක් නෙත්ලග තනියක් දැනුනු වෙලේ
ගීතිකාවක සුවය දී.. සිහිනයේ රස පහස දී
තුන් පැය ලඟ සිටියේ

සාගරේ රැලි ආදරේ ගැන කරනා ඇවටිල්ලේ
පීදෙනා සිත ගායනා කල ප්‍රේමයෙ නැවතිල්ලේ

මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලග රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කැකුළී
පිය වදනී.. තරු රැජිනී
මාගේ සුකුමල සඳ කොමලී
තනියට සිත ලඟ රැඳි කොමලී
පිය වදනී.. පිය වදනී
මාගේ සිත ලඟ තරු රැජිනී
නෙතු මල් ලස්සන කොඳ කකැකුළී
පිය වදනී.. තරු රැජිනී

romes u0026 lakshan,sinhala songs,lakshan,sinhala love songs,romesh,sanath prasanna,romes sugathapala,drunkanlankan,sana beat,saluna,music,nethu

මාත් දැක්කාම | Maath Dakkama by Romesh Sugathapala

මාත් දැක්කාම දෑස් පාලා
ඔහුත් දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා
රහස් රැක්කාද වහන් වීලා
දෑස් රිද්දාලා ඈත් වීලා
ඒ හීන දේ වේදනා

පෑහෙනා කාරණා රිදේවී බෝමා
රෑක ඈ දෑස බෝ සිහිවෙලා
මා හා යාවෙලා ඈ පාව ආවා
මාව දාලා යාවිදෝ වෙන්වෙලා

මා දැක්කාම දෑස් පාලා
ඔහූ දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා…

රැඳුනා වෙළුනා ඈ මා ගාව
විමසා බැලුවා සැමදා මාව
ඒ නාරි මාගේ වෙලා
රැඳුනා වෙළුනා ඈ මා ගාව
විමසා බැලුවා සැමදා මාව
ඒ නාරි මාගේ වෙලා

දෑත ආයේ පාමිනා
ඈ ආයේ මා සොයා
හීන හිත ගාව ඒදෝ ගෑවිලා

මාත් දැක්කාම දෑස් පාලා
ඔහූ දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා…

තනෙනෙ දෙරනෙනා, තනින දෙරෙනා
තනෙනෙ දෙරනෙනා, තනෙනෙ නානා
තනෙනෙ දෙරනෙනා, තනින දෙරෙනා
තනෙනෙ දෙරනෙනා, තනෙනෙනේ

සිඳදා බිඳදා මාගේ හීන
නොසිතූ විලසේ රැඳිලා ඈත
නෑ තේරි ප්රේමේ සදා
සිඳදා බිඳදා මාගේ හීන
නොසිතූ විලසේ රැඳිලා ඈත
නෑ තේරි ප්රේමේ සදා

දෑස මානේ රූරනා
පාට හීනේ සේදනා
මාගේ සඳ සාවී වේදෝ මංමුලා

මාත් දැක්කාම දෑස් පාලා
ඔහූ දැක්කාම දෑත් පාලා
රහසේම මා පාරලා
රහස් රැක්කාද වහන් වීලා
දෑස් රිද්දාලා ඈත් වීලා
ඒ හීන දේ වේදනා

සිරිලක පිරි අවුරුදු සිරි | Sirilaka Piri Awurudu Siri by Rohana Baddage and Various Artists

මේ අවුරුද්දේ
කිරි ඉතිරෙන්ටයි
රට වැසියන්ගේ
ආයු වැඩෙන්නයි

රට පුරාම අවුරුදු සිරි
මේන් බලන් රඑරබදු මල්
බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා
මීන රාශියෙන් හෙමිහිට
මේෂ රාශියට පැමිනෙන
හිරු දෙවිදුගේ මංගල්ලේ මේන් බලල්ලා

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

ගමේ පැටව් ගැටිස්සියන්
ගම් මැද්දේ රංචු ගැසී
අවුරුදු ජන කෙලි අතරේ
කරක් ගහන්ටා
ආච්චිඒ තාච්චියේ හැඩට නටන
කොන්ඩ කැවුම් රහ බලන්න
වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

අටු කොටු සරු වෙන්ටයි
දොම්නස් දුරු වෙන්නයි
පහුගිය දොහේ අබර දබර
දුරු වෙලාම යන්නටයි

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

කුඹුක් ගහේ ඔන්චිල්ලේ
නැගෙනා වාරම් මැද්දේ
ආන් බලන් ටිකිරි නගා
රන් ඔන්චිල්ලේ
රැක නැකතේ වැඩ ඇල්ලේ
මුලු ගමේම හරි සද්දේ
නැකත් වෙලාවත් කිට්ටුයි
වරෙව් ළමයිනේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

පවසන්න | Pawasanna by Romesh Sugathapala [2021]

නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න

සීතල පවනැල්ලක් විහිදා
මේ ගත වටලා දමා
ගිනි ගන්නා රස සීමා
පැන් කිනිතෙන් දෝවාලා

අරුණට පෙර නැගෙනා
මිහිදුම් සලුව නෙලා
සිපගන්නම් සැමදා

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න

දෑසට ලොව්තුරු සුව ගේනා
දෙවියන් මැවු රූ නිසා
ඔබ දකිනා බිගු සේනා
වශියෙන් එයි පේවෙලා

දින සති ගත වීලා
යනතුරු මියැදීලා
මට ඔබමයි ඕනා

නාදුනන ලෙස
මගහැරලා යන්නැතිව
නතර වෙලා මොහොතකට
දැන්වත් මේ අහගන්න

මා උමතු කල
ඔබට කියූ ආදරය
හඩනගලා ලෝකයට
මම අසයි පවසන්න

හදවත් හදනා | Hadawath Hadhana by Romesh Sugathapala [2020]

ඈ ගෙන් ආයේ අයදින්නෑ ආලේ
තනීවෙම් ලෝකේ උරුමයි මේ ශෝකේ
නුඹ නම් මාගේ හැමදේ වූ කාලේ
මොහොතක් ගානේ රිදවයි ඒ හීනේ

හදවත් හදනා හදවත් බිඳිනා
ආදරේ මට හමුවුනා…
කවදත් රිදෙනා කවදත් දැවෙනා
ආදරෙන් සමුගන්නවා…

රෑක තුරූලේ ගැවසෙනා
තෝඩු දෙතෝලේ පැටලෙනා
සොඳුරු වූ ස්නේහාදරේ වියැකී ගියා
කෝල දෑසේ ඇහීරිලා
හාදු යායේ වැතිරිලා
ගෙවුනු ඒ ප්‍රේමාදරේ මියැදී ගියා

පිනි පොදයි ඒ ආදරේ මාව ජීවත් කලා
පෙන බිඳයි ඒ ආදරේ මා තනිකලා

රෝස යහනා පරවුනා
හීන හඬලා වියලුනා
අඳුරු වූ ගිම්හානයේ පියනගමී මා
නීල අහසේ තරූ පවා
පාළු මැකූවා මගෙ සදා
සොඳුරු වූ වස්සානයේ නවතිමී මා

මිහිරාවී | Mihiravi by Romesh Sugathapala [2019]

සද පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමි දෙන්නම්
හදපත්ලේ ඔබ සැග වූයේ
මගේ ලෝකේ හමුවේවී

සදසාවී සද ඇති තුරා
සද තුරුලේ සුව විදිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරේ පෙම සොයනවා

මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා
තුරුලේ තියා
මගෙමයි කියා
සැරිසරමි සසරේ පුරා

හද ගැස්මත් පවා
දැනෙනා නිසා
ඔය හදට තව ලං වුනා
රෑ අහසේ තරුවක් සේ
නිල් දෑසේ පැතුමන් දී
හිනැහෙන්න බැල්මන් හෙලා
මා දිහා

මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා

සද පෑයූ මේ රෑ යාමේ
නිල් දෑසේ කිමි දෙන්නම්
හදපත්ලේ ඔබ සැග වූයේ
මගේ ලෝකේ හමුවේවී

සදසාවී සද ඇති තුරා
සද තුරුලේ සුව විදිනවා
ඒ වාගේ මං සොයනවා
හද ගැඹුරේ පෙම සොයනවා

මිහිරාවී සෙව්වේ මා
ආදරයයි පීරා
මිහිරාවී පැතුවා සේ
ලග ඉන්නම්
පායා

 

Download the Official audio from here!!