සේල තුන්පට | Sela Thunpata by JAY [2020]

සේල තුන්පට ඔතාලා
මාල සත් බර පළන්ඳා …
පෝරුවක නැකැත් සඟවලා
රන් කෙන්ද නොපෙනේද මන්දා …

නුඹ නොවිඳිනා අතීතයෙ හිඳන්
අද මං මං විඳිනවා
මතක දුර නැති විරාමේ හිඳන්
නුඹ මට වියන් බඳිනවා ….

නොවේ මා සතු නුඹ ත් ගව්වක්
තුන් පට ම තොණ්ඩුවක් වූ දා …
මරා සෙනෙහස නෙලූ කුසුමක්
හිත වටා දැවටුනේ පෙර දා …

නුඹ නොවිඳිනා අතීතයෙ හිඳන්
අද මං මං විඳිනවා
මතක දුර නැති විරාමයෙ හිඳන්
නුඹ මට වියන් බඳිනවා ……

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here