බුදු බණක් කියන්නට | Budu Banak Kiyannata by Edward Jayakodi

බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
තුරුළු කරගන්නනම් එපා ඉක්මන් වෙලා
බත් කටක් කවන්නට හිත ගියත් ළං වෙලා
එපා සිල් ඇවැත්වෙයි මවු සෙනෙහෙ සිහි වෙලා

බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා
කඳුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා

බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

Eka Yaye Kaka Wati / එක යායේ කකා වැටී – Sunil Edirisinghe, Edward Jayakodi, Bandula Wijeweera

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ
කල අරක්සා…
නාස් ලණුව දමනවාද
කරත්ත්‍යක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු
නාබර වස්සා…

ගෙට ආකල ටිකිටි ලියා…
උඹ වේවිලු කඹර ගොයා…
ළිදට ගියත් අවසරයක්
ගන්නට වේවී…
දළ ගලවා
අතේ තියා…
නුඹ නටවයි
ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්න නීති…

වලට වැටුනු එකා යකා
වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති…
නෑදෑ හිතවතෙක් නැති
ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම්
කසාය හරි තිත්ත බෙහෙතකි..

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ
කල අරක්සා…
නාස් ලණුව දමනවාද
කරත්ත්‍යක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු
නාබර වස්සා…