නිල්ල පුරා | Nilla Pura by Milin Rupasinghe

නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා…

නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා…

ලොව කොතැන ද කොහේ ද තියෙන්නේ
නුඹ මා හා නුඹ එක් තැන් වෙනා තරම්
සුවබර සුන්දර පිරිපුන් මනරම්
මෙතරම් ලස්සන නවාතැනක්
තුරුලේ….උණුහුම විදිනා…

නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා…

නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා…

නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා…

ඔබ යන්න | Oba Yanna by Milin Rupasinghe

එපා තවත් මගෙ හිත රිදවන්න
එපා..තවත් මගෙ හිත රිදවන්න
ආල නුරා කම් පෑවට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදු
ඔබ යන්න…ඔබ යන්න…

හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියට
නුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවට
නුඹ නැතිව බැරි වුනත් උණුහුමකට මා ලඟ
පෙම් කරන්න බෑ යළි ගොළුවූ හදකට
ඔබ යන්න…ඔබ යන්න…

හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියට
නුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවට
නුඹ නැතිව බැරි වුනත් උණුහුමකට මා ලඟ
පෙම් කරන්න බෑ යළි ගොළුවූ හදකට
ඔබ යන්න…ඔබ යන්න…

හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියට
නුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවට
නුඹ නැතිව බැරි වුනත් උණුහුමකට මා ලඟ
පෙම් කරන්න බෑ යළි ගොළුවූ හදකට
ඔබ යන්න…ඔබ යන්න…

එපා තවත් මගෙ හිත රිදවන්න
එපා..තවත් මගෙ හිත රිදවන්න
ආල නුරා කම් පෑවට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදු
ඔබ යන්න…ඔබ යන්න…

මේ තරම් නුඹ | Me Tharam Numba by Milin Rupasinghe

මේ තරම් නුඹ සුවද දැයි
නුඹ මලක් දැයි මට සිතෙයි ……
මේ තරම් නුඹ සුමුදු ඇයි
මල් වතක් දැයි මට සිතෙයි……..
මේ තරම් නුඹ සිසිල ඇයි
සඳ වතක් දැයි මට සිතෙයි ……..
මේ තරම් නුඹ මිහිරි ඇයි
නුඹ මගේම දැයි මට සිතෙයි….

දිය සරැළි වෙරළට හාදු දෙයි
මට වෙරළ වන්නට සිතෙයි

නිල ගඟුලට දිය ඇදෙයි
මට සයුර වන්නට සිතෙයි. ……..

සඳ එළිය කදු මත තොල් තියයි
මට කන්ද වන්නට හිතෙයි

මුළු ලොවම නුඹ මුව මත තබයි
නුඹ මගේම යැයි මට සිතෙයි. ……

වල්ගා තරුවක් | Walga Tharuwak by Milin Rupasinghe

වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා
පැතුමම ඉටුවී මෙදා ඔබ නොපෙනී යන්න ගියා
ඔබ නොපෙනී ගිය නිසා සැනසුම මට ඉතිරි වෙලා…….
වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා…….

ඇඟට පතට නොදැනී නුඹ මට ගෙනදුන් වේදනා
හිතට ගතට උරුම කළා නුඹ නිරයේ වේදනා
මනසක් නැති මිනිසෙකු වූ මෙදා
සිහිනය විත් බැලුවා මා දිහා
නුඹ මට දුන් වේදනා යළි කිසිදා මට එපා
අපි ගැලපෙන්නෑ කියා මට දැනුනා හිත තියා…….

වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා…….

ළයට තුරුළු කරගෙන නුඹ මට ජීවේ රසය කතා
පලකට නැති සුළඟක් සේ දැනෙනා මට මෙදා
හරයක් නැති මිනිසෙකු වූ මෙදා
අඳුර තුළින් ලෝකය බැලූ නිසා
නුඹ මට දුන් වේදනා යළි කිසිදා මට එපා
අපි ගැලපෙන්නෑ කියා මට දැනුනා හිත තියා…….

වල්ගා තරුවක් අහසේ දැක මා
පැතුවා මට සැනසුම දෙන්න කියා…….

රහස් | Rahas by Gayya ft. Charitha Attalage [2023]

මා කිවූ රහස්
පොළවට හෙලන්නෙපා
මා එනතුරා ඔබ
නිදිමරන්නෙපා
මා හා ගැලුමෙන්
ඔබ දුර යන්නෙපා
මා ඉන්නවැයි
අමතක කරන්න එපා

මා ගැන මුසා ඔබ
අවුලන්නේපා
අපගේ පැටව් ඔබ
විසි කරන්නේපා
මා ගැන තැබූ
විශ්වාසය බිදින්නෙපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා

ඔබට නොකිවූ
ඔබගෙන් සැගවූ
රහසක් නෑ ජීවිතේ
ලොවෙන් නොලැබූ
ඔබගෙන් නොඅඩුව මට ලැබුන තරම්
ආදරේ

මා ජීවත් වන්නේ
මා එකම අරමුණද වන්නේ
ඔබ ආරක්ෂා කර මා
දෑත් ඔබ රකීවී
මා මියැදුනත් නෑ
දෑස් මා පිය වෙන්නේ

මා කිවූ රහස්
පොළවට හෙලන්නෙපා
මා එනතුරා ඔබ
නිදිමරන්නෙපා
මා හා ගැලුමෙන්
ඔබ දුර යන්නෙපා
මා ඉන්නවැයි
අමතක කරන්න එපා

මා ගැන මුසා ඔබ
අවුලන්නේපා
අපගේ පැටව් ඔබ
විසි කරන්නේපා
මා ගැන තැබූ
විශ්වාසය බිදින්නෙපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා

written by Gayya