මන්දෝදරී | Mandodari by Chamara Karunanayake & Tharindu Damsara ft. Kethaki Suraweera [2019]

කිමද රාවණා නුඹ නේන කාරණා
කන්කලු රාවණා වෙණ නද නෑසෙනා
හදවත පාරණා පැතිරෙන කාරණා
කදුලු බර වැඩී දෑසට රාවණා

කාරණා මන් කියන්නම්
පෑරෙනා හිත හදන්නම්
වේදනා පිස නිවන්නම්
රාවණා මා
මන්දෝදරී

සක්වලින් පිට පවා රැව්දුන් අපේ ආදර අන්දරේ
ප්‍රේමයේ දෙවගන නුඹයි ගිරි මාලිගේ
මදාරා මල් අතර සැගවූ ප්‍රේම ආලක මණ්ඩපේ
මියෙන තුරු සොදුරුතම රතිගන
නුඹ තමා මන්දෝදරී

අදුරු කළුදිය පොකුණ සැගවුන
කටුක අමිහිරි බෝ රහස් ඇත
අතීතය සිත ගොළු කරයි මා ආදරී
ගැඹුරු සිතිවිලි අතර සැගවී
නුදුරු ලෝකයෙ සැගව යමු අපි
අතීතය හීනයක් නොව මන්දෝදරී