මං නාවොත් | Man Nawoth by Sahan Chamikara ft. Pasan

සඳ පායා නැති දා මා දිගු නින්දේ හී සැතපීලා
පලඳාලා මල් මාලා දිවි සාදෙන් සමුදීලා
හමුවෙන්නෑ අපි ආයේ
නොදැනේවා සංතාපේ
හිතවන්තී කෝ මාගේ මා දකිනා හසරැල් පෙර වාගේ

මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ

නැවතීලා සමුදීලා තරු යායෙන් මා මිදීලා
සැනසීලා මුහු වීලා සුළඟේ යන්නම් පාවීලා
හමුවේ නම් සංසාරේ
සමුගන්නම් මේ යාමේ
පලඳින්නම් ඔබ මාගේ වී ගොතනා කඳුලැල් මල් මාලේ

මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ

තනිවී තනියෙන් මං ගාවා නොහඬන්න දරාගන් ආ දා
කඳුලැල් හුරු නෑ ඔබ දෑසේ පානා
අමනාප නොවෙයි ඔබ මා හා සෙනෙහේ ආදර මල් පාලා
හිත අල්ලාගෙන මං ගාවින් ආවා

written by Nisal Gamage

උන්මාද චිත්‍රා | Unmada Chithra by Sahan C ft. Kavindya A

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකලේ
නොහඩන්න දේවී කුමරා එයි දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

සමුදුර තොටුල රැළි නැගුනේ
සුවදට මදනලයි විසිකලේ
සැගවෙන්න දේවී පඩු එයි මතු දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

නාදලු පැටලේ
මීවිත සැපයට නැලවේ
ඔබ ගෙල දo ගෙඩිය රසවන්ත වේ
මැකෙනා රූපේ පාට පෙනි පෙනි ආලවන්ත වේ
ආලේ වේ

රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකලේ
නොහඩන්න දේවී කුමරා එයි දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

written by Milinda Madawa Perera

මැවුම්කාරයි | Mawumkaarai by Sahan Chamikara

ඔබේ දෙනුවන් මැවුම්කාරයි
මගේ හැගුම් පෙම්පායයි
ආදරේ නම් මේ දැනෙන්නේ
මදහාසයෙන් මුව සැනසේවී
දෑත ගන්නම් සීත නිම්නේ
සොදුරු හැඩකාරී

ඔබේ දෙනුවන් මැවුම්කාරයි
මගේ හැගුම් පෙම්පායයි

සරසන්න මල් පෙති
දේදුන්නකින් පාට තවරලා
සනසන්නම් කන් පෙති
තව හාදුවක් දවටලා

ඉවසිලි නෑ සිතත් මගේ
දෝරේ ගලන ආදරේ
ඔබ මගේ වූ කතන්දරේ
විදිමී

ඔබේ දෙනුවන් මැවුම්කාරයි
මගේ හැගුම් පෙම්පායයි
ආදරේ නම් මේ දැනෙන්නේ
මදහාසයෙන් මුව සැනසේවී
දෑත ගන්නම් සීත නිම්නේ
සොදුරු හැඩකාරී

ඔබේ දෙනුවන් මැවුම්කාරයි
මගේ හැගුම් පෙම්පායයි
ඔබේ දෙනුවන් මැවුම්කාරයි
මගේ හැගුම් පෙම්පායයි

සිධoගනා | Sidhangana by Sahan Chamikara [2021]

සිධංගනා
සඳත් නැති දාක
තුන් යාමේ අමාවක මකා
සිධංගන දෑස
කියා දුන්නු ආලේ කතා
නිම් නොවනා – ළසෝ තැවුල් නිවනා
නිරුදකට වඩිනා
මන සුව සාර වර්ශා ගෙනා

නිල් දිය කඳුරකින් – ඉපැදෙනා ගංගා
බිඳෙන් බිඳ මුසුවෙමින් – සයුරු තෙර වෙත ආ
නෑර කැටුවම ආ
පෙම් පුරනා සුගම්‍යාව මා

දුරතීතෙන් ගෙනා – සසර හුරුවට මා
සෙනෙහේ ඵල දරා – සදාතන බැඳෙනා
පුරාවත ලියනා
පෙම් පුරනා සුගම්‍යාව මා

වීදිය බලා | Weediya bala by Sahan Chamikara [2019]

වීදිය බලා රතු සායම් කොපුල් මත
මන්මද බිසෝ විලසින් පා තබන විට
රන්සලු එකින් එක පැත්තට වැටෙන විට
රුපියල් වලට මිල කෙරුවලු තරුණ කම

වෙරි වී පනින මගේ මිනිහට මැණිකේ වුනී
රන්කිරි කට ගාන පුතු වෙත අම්මා වුනී
ඔත්පල අම්මා කීවේ මට සුදු දෝනී
පාරට බැස්ස මට ඇහුනා බඩුව ජොනී

අදටත් යන්නේ රස්සාවට බුදුන් වැඳ
ආසයි මටත් හවසට පංසල් යන්ට
නිලමෙලා ජාති පෙන්නලා එලෙව්වට
මමමයි දන්නේ උන් හංගන කැරැට්ටුව

වැරදුනේ මගේ උපතද මේ මුඩුක්කුවේ
නැතිනම් බැන්ඳ බේබද්ද කසාදයේ
ලැබුවොත් පිනක් උපදින්නට පිරිමි ලොවේ
පෙන්නමි මමත් උඹ දාහට කරන රඟේ

ලංවෙලා | Lanwela by Sahan Chamikara [2017]

හැංගිලා ඔයා හොරෙන්
ලංවෙලා තවත් ලගින්
ඉන්නවා වගේ අදත්
දැනෙනවා අනේ මටත්

වැරදිලා කියූ දෙයක්
දෙයි රිදුම් හදේ තවත්
වෙන් වෙලා ගියේ නැතත්
ඇයි තවත් ගතින් දුරින්

ගලා හැලෙන
ඇල්ලක් වගේ
ආදරේ කලා

වෙනස් වෙන්න බැහැ මට කොහොමත්
ඔබ මගේ නිසා
අරුමකක් නැති ලොවේ
පුදුමයක් ඔයා මගේ

හැංගිලා ඔයා හොරෙන්
ලංවෙලා තවත් ලගින්
ඉන්නවා වගේ අදත්
දැනෙනවා අනේ මටත්

වළාකුලක සුදුමුදු පහසේ
පාව යං කියා
සැබෑ නොවුනු එය මගේ දිවියේ
පැතුම වූ නිසා
කවුරුවත් නැති ලොවේ
ඔබ මගේ
ඔයා මගේ

හැංගිලා ඔයා හොරෙන්
ලංවෙලා තවත් ලගින්
ඉන්නවා වගේ අදත්
දැනෙනවා අනේ මටත්

වැරදිලා කියූ දෙයක්
දෙයි රිදුම් හදේ තවත්
වෙන් වෙලා ගියේ නැතත්
ඇයි තවත් ගතින් දුරින්

හීන රටේ | Heena Rate Kinnaraawi by Sahan Chamikara

සිහිනේ
සිහිනෙන් ආ මල් මාලතියේ
සොදුරේ නොසොතූ සේ ඇයි සිත් බැදූනේ

සැනකින් ආවත්
හීනයක් වී
ඔය හිත් මානේ මායාවක් සේ
මුමුනමින් ගී රෑ දවාලේ
ඉන්නවානම් සොදූරේ

හීන රටේ කින්නරාවී
මා ලගින්ම ඉන්නවා
ආලවන්ත ඇස් දෙකෙන් දැන්
කී කතාව දන්නවා
මේ යාමේ හැමදාමත්
පවතින්නයි මං පැතුවේ
මං ආසයි නවතින්න මේ හීනයේ
මං ආසයි නවතින්න මේ හීනයේ

සිහිනේ
සිහිනෙන් ආ මල් මාලතියේ
සොදුරේ නොසොතූ සේ ඇයි සිත් බැදූනේ

කුන්ඩසමන් මල් වසන්තේ
ආදරෙන්ම මත් වෙලා
ආ යහන් ඉමේ නිදද්දී
හාදුවක් දී හැන්ගුනා
මේ යාමේ හැමදාමත්
පවතින්නයි මං පැතුවේ
මං ආසයි නවතින්න මේ හීනයේ
මං ආසයි නවතින්න මේ හීනයේ

රහසින් ආවත්
හීනයක් වී
ඔය හිත් මානේ මායාවක් සේ
මුමුණමින් ගී
ර්‍රෑ දවාලේ
මල් දූවිල්ලේ ඉන්නම්
සැනකින් ආවත්
සිහිනයක් වී
මා හිත් මානේ මායවක් සේ
මුමුනමින් ගී රෑ දවාලේ
ඉන්නවානම් සොදුරේ

Written by Nilar N Cassim