අරගලයේ රාවේ
ආකාශේ පාවේ
ඇසුණාදෝ ඇසුණාදෝ
ඇසුණාදෝ ?
ජනබලයේ ජීවේ
හදමඬලේ යාවේ
දැනුණාදෝ දැනුණාදෝ
දැනුණාදෝ ?
සතර දෙසින් ආවේ
සටනට හද පෑවේ
දුටුවාදෝ දුටුවාදෝ
දුටුවාදෝ ?
සත්‍යය දිනුවාවේ
කවුරුද තව නාවේ
එනවාදෝ එනවාදෝ
එනවාදෝ…?!
There are 5 posts filed in Samanalee Fonseka (this is page 1 of 1).
අරගලයේ රාවේ
ආකාශේ පාවේ
ඇසුණාදෝ ඇසුණාදෝ
ඇසුණාදෝ ?
ජනබලයේ ජීවේ
හදමඬලේ යාවේ
දැනුණාදෝ දැනුණාදෝ
දැනුණාදෝ ?
සතර දෙසින් ආවේ
සටනට හද පෑවේ
දුටුවාදෝ දුටුවාදෝ
දුටුවාදෝ ?
සත්‍යය දිනුවාවේ
කවුරුද තව නාවේ
එනවාදෝ එනවාදෝ
එනවාදෝ…?!
යායේ ඉදන් අහස බලන්
තැනුවාම හීනේ
නුඹව පතන් ආව දුරක්
සසරේම පැතු එක වාරේ
අහස උනත්
කදුලු අරන්
හැඩුවාම රෑනේ
යන්න දුරක් මාව අරන්
පසුඅර කදුලැලි පාරේ
අරබන්න හිත එකට බන්දා
අපි කරපු ආදරේ හින්දා
යලි හෙටක් එන අයුරු දුටුවා
දුර යන්නම හිතුනා
යායේ ඉදන් අහස බලන්
තැනුවාම හීනේ
නුඹව පතන් ආව දුරක්
සසරේම පැතු එක වාරේ
රිදුනු තැන් ආලයෙන් සනසා
විටෙක මා නොවිදමින් හෙලවා
තරු පවා හරි පාර කිව්වා
යලි එන්නට හිතුනා
යායේ ඉදන් අහස බලන්
තැනුවාම හීනේ
නුඹව පතන් ආව දුරක්
සසරේම පැතු එක වාරේ
පණ ගැගෙන හදවතයි
ආදරෙයි අරගෙන
එකම පවුරක
එක මිටට වරෙල්ලා
පණ අදින මේ දෙරණ
වල දමා පස් දමන
අලුගෝසුවන්ගෙන්
උදුරාන පණ දෙන්න
එකාමෙන් පෙරට වරෙල්ලා
නොකා හාමතේ ඉන්නා අපට
කොකා ගස්සන
රජවරුන්ගේ පපුවට
ආදරේ බරම අවියෙන්
වෙඩි තියන්නට වරෙල්ලා
එකා පිට එකා මැරුණත්
මහා ජන ගඟක් වී
වීදි මං මාවත් පුරා
දෝරෙ යන්නට වරෙල්ලා
අපේ ලේ කදුළු නෑවුන
නිධානය කඩා උදුරා
කකා මන්දිර වල නටන
සාදයට තිත තියන්නට
මාරුතය වී වරෙල්ලා
ආදරේ බරම අවියෙන්
මාලිගාවේ උන්ගෙ හිසට
වෙඩි තියන්නට වරෙල්ලා
දෙනෝදාහක් ඇස් ඉදිරියේ
කවදාද දෙන්නේ
මං උණුහුම් හාදුවක්
කවදාද දෙන්නේ
අපි උණුහුම් හාදුවක්
පපුවට තුරුළු වී ඉන්නට
සොයා යා යුතුද
සැගවුනු කුටියක්
කවදාද මේ ඇස් වලට
හාදුවක් නොවන්නේ
සාපරාධී වරදක්
ආදරෙන් සිපගන්න
පලදින්න ඕනමද මුදුවක්
එහෙම නැත්නම්
මේ බඹසර බිදින්නට බැරිද
හිතෙන මොහොතක බිදුවක්..
කොවුලෙක් මොටද
මට මිහිරී ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳ හිට දුක අහනා
කොවුලෙක් මොටද
මට මිහිරී ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳ හිට දුක අහනා
රුවලක් මොටද
සුළඟක් එන තුරු සිටිනා
හබලක් වෙයන්
ඔරුවක් වෙරළට ගේනා
කොවුලෙක් මොටද
මට මිහිරී ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳ හිට දුක අහනා
නටුවක් මොටද
මට ලා සුළඟට වැනෙනා
කටුවක් වෙයන්
මල් නටුවක් මුර කරනා
කොවුලෙක් මොටද
මට මිහිරී ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳ හිට දුක අහනා
කොවුලෙක් මොටද
මට මිහිරී ගී ගයනා
උලලේනෙක් වෙයන්
ඉඳ හිට දුක අහනා