අම්මා | Amma by Chandrasena Hettiarachchi

අම්මා ජීවන උයන් තෙරේ
ඔබ මට සුවය ගෙනේ

අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන් තෙරේ

සඳවතුරින් නොව රුහිරෙන්ම දියකොට
අමිල වු සෙනෙහස පුතුට පොවනු මැන
සෙනෙහස ගිලිහී වියැලුණු පුතු ලොව
මවුණි ඔබේ කිරි දියෙන් තෙමණු මැන

අම්මා ජීවන උයන් තෙරේ
ඔබ මට සුවය ගෙනේ

කඳූලින් ඉපදී කඳුලෙන්ම මියැදෙන
රණමඬලේ මිණි පහනක් වනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුළට ගෙන නිබඳ සරනු මැන

අම්මා ජීවන උයන් තෙරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන් තෙරේ
ඔබ මට සුවය ගෙනේ

ඩෝලෙ | Dhole by Charitha Attalage ft. Chandrasena Thalangama [2020]

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

කකියන ආලේ හොයන
හිටගෙන හීන මවන
කකියන ආලය
හිටගෙන හීනය නුඹ
හිමිහිට සිංදු කියනවා
බොරුවට රවලා බලනවා

කකියන ආලේ හොයන
හිටගෙන හීන මවන
කකියන ආලය
හිටගෙන හීනය නුඹ
හිමිහිට සිංදු කියනවා
බොරුවට රවලා බලනවා
බොරුවට රවලා බලනවා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

ඉග සුග සැලෙන ලෙලෙන
යන එන ගමන බිමන
ඉග සැලෙන ලෙලෙන
යන ගමන බිමන නුඹේ
ඇස් දෙක ගිනි විසි වෙනවා
නොකියන රහස කියනවා

ඉග සුග සැලෙන ලෙලෙන
යන එන ගමන බිමන
ඉග සැලෙන ලෙලෙන
යන ගමන බිමන නුඹේ
ඇස් දෙක ගිනි විසි වෙනවා
නොකියන රහස කියනවා
නොකියන රහස කියනවා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

ගහපං මල්ලියේ
ඩෝලෙ අරන් තාලෙටා
විදින්න සිංදුව
ආලේ බැදේ ප්‍රාණේ ටා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

නැවුම් කළේ | Nawum Kale by Charitha Attalage ft. Chandrasena Thalangama & Chamara Nirmal [2020]

නැවුම් කළේ පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ

පොලෙන් ගෙනා පොඩි නැවුම් කළේ උඹ
නැවුම් සුවඳ අඩු නෑ
අලුත් ළිඳේ දියවරින් පුදන්නට
කැමැත්ත දෙයි සැක නෑ

බිතක්කනට පිටදී නිය සැපුවයි
සැරින් සැරේ ඇහැ විදුලිය කෙටුවයි
යමින් එමින් ඇඹරෙයි මගේ හිත
බාන කඩාගෙන යයි

ඇබිත්තකට හිටපං තව නොදුවා
කොනිත්තමින් ගියෙ ඇයි මට පිටුපා
දාංගලේ බොහොමයි මගෙ නංගියේ
මේං මේක අහපං

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here