කටහඬ | Katahanda by Nilakshi Dinusha Perera ft. Tharindu Damsara

මට අපේ කටහඬ ඇසේ
ආදරේ තවමත් තිබේ
සිත තවම ඔබ වෙනුවෙන් තැවේ
බොහෝ දිනවල අපේ කටහඬ ඇසේ

අත හැරී අත් නොහළ රිදුමක
පාට වියැකී මියෙන සිහිනෙක
යළිදු නුඹ පා නේන හරියක
නිධන් කරනෙමි මගේ ප්‍රේමය

නොපෙනෙනා හද දැවෙන යුවලකි
නොඇසෙනා ඉකි බිඳින කඳුළකි
නොහැඟෙනා මිය ඇදෙන සිහිනෙකි
ආදරේ නිම නොවන කවියකි