චාරිකාව | Charikawa by Shenal Maduranga [2020]

ආදරයේ සොඳුරු සිතුවම් නැගේ
ජීවිතයේ කියනු රහසක් නැතේ
මා සිතෙහි චාරිකාවක් මැවේ
නුඹේ නමද එය හා

සිත ඇඳ බැඳ නුඹ ගැන බස
රැස් විහිදෙන නොහැඟෙන නෙත
සිත ඇඳ බැඳ නුඹ ගැන බස
රැස් විහිදෙන නොහැඟෙන නෙත

චාරිකා ඔබ නිසා
මා ලොවක සිරවුනා
මා සොයා එන ලියා
කාටවත් නොහැඟුනා

මනමාලකමක් සොයමි නුඹේ
හිතවතිය වී මා .. රැඳේ
මලකි නුඹේ පින්තාරු කලේ
එය මමද සිතුවා

සිත ඇඳ බැඳ නුඹ ගැන බස
රැස් විහිදෙන නොහැඟෙන නෙත
සිත ඇඳ බැඳ නුඹ ගැන බස
රැස් විහිදෙන නොහැඟෙන නෙත

චාරිකා ඔබ නිසා
මා ලොවක සිරවුනා
මා සොයා එන ලියා
කාටවත් නොහැඟුනා

පාරුවට නැගිලියා
ජීවිතය හොයනවා
මා හදෙහි කිමිදිලා
ඈ චරිත මතුකලා

සිත ඇඳ බැඳ නුඹ ගැන බස
රැස් විහිදෙන නොහැඟෙන නෙත
සිත ඇඳ බැඳ නුඹ ගැන බස
රැස් විහිදෙන නොහැඟෙන නෙත

චාරිකා ඔබ නිසා
මා ලොවක සිරවුනා
මා සොයා එන ලියා
කාටවත් නොහැඟුනා

චාරිකා ඔබ නිසා
මා ලොවක සිරවුනා
මා සොයා එන ලියා
කාටවත් නොහැඟුනා