අඳුර අඳුර | Andura Andura by Priya Sooriyasena

අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

ගන රෑ කළුවර
තනියම කුටියේ
ගතකල දිවියේ
රස තැන් සිහිවේ

කුටියේ කෙලවර
එළියක් දිස්වේ
එළිය සොඳුර මගේ
දිවියට ලංවේ

අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

පෙම් එළි විහිදා
නිවා දැමූ පසු
දුන් නෙත් පීඩා
දනිමී පෙරදා

සදාකාලිකය
අඳුරේ රැජිනිය
ඔබ හැර යන්නට
නොදේවී මගෙ හිත

අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ
නොයනු මැනවි දා
තනිකර එළියේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

සරතැස නිවා | Sarathasa niwa by Priya Suriyasena

සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ

වියළුණු දෙතොල් සිසිලෙන් තෙමා
පුබුදා උපුල් නෙත් යුග යොමා
රණ මයුරියක ලෙසින් හද තුල සැරි සරා

සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ

සඳවත ඉතින් පල නැහැ ප්‍රියේ
ඔබෙ වත ළඟින් මගේ වත තියේ
හෙට යයි තවත් දිනක් මට ඇත ඔබ නිසා

සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ
දිය ගලනා උල්පත් මව මවා
සරතැස නිවා දිවි කතරේ
ඔබ හමු වුණා මට සොඳුරේ

 

ඈත රන් විමන් | Atha Ran Wiman by Priya Suriyasena

ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
හහ හා හහ හා හහ හා හ හා…

මේ ලොවින් එ‍හා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මේ ලොවින් එ‍හා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා.
හහ හා හහ හා හහ හා හ හා

රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා…
හහ හා හහ හා හහ හා හ හා

ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා
හහ හා හහ හා හහ හා හ හා

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

ඈත රන් විමන් තුලින් | Aaatha Ran Viman by Priya Suriyasena

ඈත රන් විමන් තුලින්
පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් තුලින්මුදු සීත හිම මුදුම් අතරින් එබී බලනවා…

ආ… ආ… ආ… ආ…

මේ ලොවෙන් එහා සිටන්
ඈත ලොකයෙන් අවිත්
මේ ලොවෙන් එහා සිටන්
ඈත ලොකයෙන් අවිත්

මුදු නීල පීත ලෝහිත පැහැ ඈත දිලෙනවා…

ආ… ආ… ආ… ආ…

රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී
රෑට තරු දහස් ගණන්
ඈත සුරපුරෙන් වැටී

අද රෑට, අද රෑට, අද රෑට දිලෙනවා…

ආ… ආ… ආ… ආ…

ගීත රාවයෙන් සැළී
දෑත ආදරෙන් වෙළී
ගීත රාවයෙන් සැළී
දෑත ආදරෙන් වෙළී

ඔබ කීව පෙම් කතා ඇසුරින් ගීත මැවෙනවා…

ආ… ආ… ආ… ආ…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සුදු පරවි රෑන සේ | Sudu Paravi Rana Se by by Priya Suriyasena

සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ
ඈ තාම නෑ
සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ . ඈ තාම නෑ

පොත් පත් අහුරා
මුදු ළැමට තුරුලු කරවා
පොත් පත් අහුරා
මුදු ළැමට තුරුලු කරවා

පිරුණු සදක් සේ මහද දිලේ
පිරුණු සදක් සේ මහද දිලේ

යහලු යෙහෙළියන් අතරේ
ඈ තාම නෑ . ඈ තාම නෑ

සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ . ඈ තාම නෑ

මල් හිනා පිපී මුව මඩල පුරා රදවා
මල් හිනා පිපී මුව මඩල පුරා රදවා

මුතු අහුරක් සේ දසන් සලා
මුතු අහුරක් සේ දසන් සලා

ඉර හද දහසක් පරදා
ඈ තාම නෑ . ඈ තාම නෑ

සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ . ඈ තාම නෑ
සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන්
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ .
ඈ තාම නෑ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

ආපසු එනවා | Apasu Enawa by Apasu Enawa

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්

ඔබ නැවතුන තැන මගේ හිත ඔබෙ ළඟ
වෙනතක නැතේ ලැගුම්
ඔබ නැවතුන තැන මගේ හිත ඔබෙ ළඟ
වෙනතක නැතේ ලැගුම්

කවුරු කියන්නද කෙලෙස පතන්නද
අද මා හෙලන සුසුම්

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්…

ඉහට වහල සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළවයි
ඉහට වහල සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළවයි

හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි
නොහඬමු ඔබයි මමයි

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

අසුරින් මිදීලා | Asurin Midela by Priya Suriyasena

අසුරින් මිදීලා ඔබගේ ලොවේහී…
සැගවී ගිහින් මා වෙන්වී මෙසේ…
නොමැකී තියේ නම් ඔබගේ සිතේහී…
මගේ ආදරේ මා යලි එන තුරා…

රැකවල් සදාලා සීමා මවාලා…
වෙන් වේවිදෝ ආදරේ…
දෙසිතේ කතාවී දලුලා වැඩී යාවී…
රහසේම ඒ ආදරේ…

අසුරින් මිදීලා ඔබගේ ලොවේහී…
සැගවී ගිහින් මා වෙන්වී මෙසේ…
නොමැකී තියේ නම් ඔබගේ සිතේහී…
මගේ ආදරේ මා යලි එන තුරා…

කදුලැල් නිවාලා දෑසින් සිනාසී…
සැගවී යම් මේ ලෙසේ…
කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ…
සගවා තබා ආදරේ…

අසුරින් මිදීලා ඔබගේ ලොවේහී…
සැගවී ගිහින් මා වෙන්වී මෙසේ…
නොමැකී තියේ නම් ඔබගේ සිතේහී…
මගේ ආදරේ මා යලි එන තුරා…

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

රටකින් එහා ඉගිලී | Ratakin Eha Igili by Priya Suriyasena

රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ…
සිතකින් නොවේ කිසිදා…
හැරයන්නෙ මා
අදමෙන් ලඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා…
ගෙනයමි ඔබේ ආදරේ…
ආදරේ…

ලාදළු දෙතොල්
හසරැළි මට වෙළී…
ආගිය ගමන් සිහිව එයි යළි යළි
අසමාන වූයේ අප ආදරේ…
කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ

රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ…
සිතකින් නොවේ කිසිදා…
හැරයන්නෙ මා

අතිනත වෙලා පටලලා රන්හුයෙන්
ඔබ ගෙන යමි සපුරලා සිතුපැතුම්
හෙට ඒ දිනේදී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණි වහා

රටකින් එහා ඉගිලී
තනිවෙන්න බෑ…
සිතකින් නොවේ කිසිදා…
හැරයන්නෙ මා
අදමෙන් ලඳේ හෙට නෑ
හමුවෙන්නෙ මා…
ගෙනයමි ඔබේ ආදරේ…
ආදරේ…

සද තාරකා හඩාවී | Sanda Tharaka Handawi by Priya Suriyasena

සද තාරකා හඩාවී,
කදු මීදුමෙන් එහා…
ඔබ හා ගෙවූ අතීතේ,
මතකේ ලියා තියා…
මතකේ ලියා තියා…

සිත පාවෙලා ගියාවේ,
නටඹුන් සොයා අනාතේ…
අනුරාග මල් හිනාවන්,
පෙර සේ මුවේ නොවේ…

සද තාරකා හඩාවී,
කදු මීදුමෙන් එහා…
ඔබ හා ගෙවූ අතීතේ,
මතකේ ලියා තියා…
මතකේ ලියා තියා…

අඩ නීල රෑ වලාවේ,
නෙතු පායලා උදාවේ…
කවදාක දෝ විදින්නේ,
මතු ඒ අමා සුවේ…

සද තාරකා හඩාවී,
කදු මීදුමෙන් එහා…
ඔබ හා ගෙවූ අතීතේ,
මතකේ ලියා තියා…
මතකේ ලියා තියා…
.
ආආආ… ආ ආ ආ…
ආ ආ ආ ආ…

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

හදවත ඉල්ලා | Hadawatha Illa by Priya Suriyasena

හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී
මිතුරිය ඔබ කෙලසක හෝඅමතක කරමී
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවි

ඔය නෙතු අඟ රැඳී තිබු – නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලි – සෙනෙහස කීවා

හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී

මතු අප උපදින භවයේ – යලි හමුවෙවා
ඔය නෙතු අග සිසිල රැදී – මට ලංවෙවා

හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී
මිතුරිය ඔබ කෙලසක හෝඅමතක කරමී
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවි

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here