මී පැණි දී රිදී ගන්ට | Mee Pani Dee Ridi Ganta by Sathish Perera

මී පැණි දී රිදී ගන්ට ගම්පොජ්ජට මංගච්චා
සහේ ගෙනා මයෙ නෑනිට වන දෙයියෝ බැළුම් ලන්ට
කැළෑ පොජ්ජ පට ඇරගෙන සීපාවුන් ගිනි බිඳිනා
සිදාදියේ හුරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ…

දිය පොජ්ජක් ඇන්න එන්ට
රූටන්නේ බලාගෙනයි
දිය පොජ්ජක් ඇන්න එන්ට
රූටන්නේ බලාගෙනයි
කැලේ සතා බරු ගසාවි
වහන් වෙයන් ගෝමරියේ

මී පැණි දී රිදී ගන්ට ගම්පොජ්ජට මංගච්චා
සහේ ගෙනා මයෙ නෑනිට වන දෙයියෝ බැළුම් ලන්ට
කැළෑ පොජ්ජ පට ඇරගෙන සීපාවුන් ගිනි බිඳිනා
සිදාදියේ හුරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ…

අපිලැත්තොට හිත් ලෑවට
රැහේ එවුන් මනාප නෑ
අපිලැත්තොට හිත් ලෑවට
රැහේ එවුන් මනාප නෑ
වස විස දෙයි මිය ඇදෙන්න
වහන් වෙයන් ගෝමරියේ

මී පැණි දී රිදී ගන්ට ගම්පොජ්ජට මංගච්චා
සහේ ගෙනා මයෙ නෑනිට වන දෙයියෝ බැළුම් ලන්ට
කැළෑ පොජ්ජ පට ඇරගෙන සීපාවුන් ගිනි බිඳිනා
සිදාදියේ හුරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ…
සිදාදියේ හුරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ…
සිදාදියේ හුරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

කදුළු වලින් පෙම් හසුන ලියන්නට | Kandulu Walin Pem Hasuna Liyannata by Sathish Perera

කදුළු වලින් පෙම් හසුන ලියන්නට
කදුළු වලින් පෙම් හසුන ලියන්නට
කදුළු නැතේ මා ලග ලදුනේ
කදුළු නැතේ මා ලග ලදුනේ
මෙමට ලදේ ආදරය කලේ
මෙමට ලදේ ආදරය කලේ
කදුළු වලින් පෙම් හසුන ලියන්නට

ඇස කදුලින් බරවී ඇඩුවා
ඒ කදුලේ ඔබ රුව දුටුවා
සිත දැවෙමින් මුළු රැය ගෙවුනා
ඔබ නැති දා තනිකම දැනුනා
මම ඔබට ආදරෙයි සැමදා
කදුළු වලින් පෙම් හසුන ලියන්නට

ලොව මාගෙන් ඔබ ගැන ඇසුවා
මුව ගොලුවී අසරණ වූවා
කියූ වදන් අමතක කරදා
ඇයි ද ගියේ ඔබ මා හැරදා
මම ඔබට ආදරෙයි සැමදා

කදුළු වලින් පෙම් හසුන ලියන්නට
කදුළු වලින් පෙම් හසුන ලියන්නට
කදුළු නැතේ මා ලග ලදුනේ
කදුළු නැතේ මා ලග ලදුනේ
මෙමට ලදේ ආදරය කලේ
මෙමට ලදේ ආදරය කලේ
කදුළු වලින් පෙම් හසුන ලියන්නට

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මහ මුහුදු විමානේ | Maha Muhudu Wimane by Sathish Perera

මහ මුහුදු විමානේ
රණ තිසර උදානේ
සවනට නෑසුනේ මාගේ
සවනට නෑසුනේ මාගේ

මහ මුහුදු විමානේ
රණ තිසර උදානේ
සවනට නෑසුනේ මාගේ
සවනට නෑසුනේ මාගේ

මහ මුහුදු විමානේ
රණ තිසර උදානේ
සවනට නෑසුනේ මාගේ
සවනට නෑසුනේ මාගේ

ඈත දියේ පාවී මහ සයුරේ රෑ වී..
ඔ.. ඔ.. ඔ.. ඔ.. ඔ.. ඔ
ඈත දියේ පාවී මහ සයුරේ රෑ වී
අඳුර මැදින් අපි යනවා
ඔරුව නුඹේ රුවල උඩින්
වෙරල කොහේදැයි බලපන්නේ
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා… හේ…
පහනට තෙල් නෑ…නිවසේ

මහ මුහුදු විමානේ
රණ තිසර උදානේ
සවනට නෑසුනේ මාගේ
සවනට නෑසුනේ මාගේ

දරු පැටවුන් මාගේ රෑ බත ඉල්ලාවී..
ඔ.. ඔ.. ඔ.. ඔ.. ඔ.. ඔ
දරු පැටවුන් මාගේ රෑ බත ඉල්ලාවී
සොඳුර මගේ වෙරළේ ඉඳි
ඔරුව නුඹේ රුවල උඩින්
මගේ පවුලේ කඳුලු බලාපන්
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා
හෙල හෙල හෙලෙයියා… හේ…
පිරුනත් මඩිය ඉරේවී..

මහ මුහුදු විමානේ
රණ තිසර උදානේ
සවනට නෑසුනේ මාගේ
සවනට නෑසුනේ මාගේ

මහ මුහුදු විමානේ
රණ තිසර උදානේ
සවනට නෑසුනේ මාගේ
සවනට නෑසුනේ මාගේ

මහ මුහුදු විමානේ
රණ තිසර උදානේ
සවනට නෑසුනේ මාගේ
සවනට නෑසුනේ මාගේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් | Sundarai Oba Nihanda Balmen by Sathish Perera

සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ලOවි ලගින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැගුම් ඔබ ගැන නිතර සිතුවාම
ඔබව විතරයි මම පතන්නේ සසරෙ හැමදම

ඔබව මට හරි දුර තමයි
නමුදු මගෙ සිත ඔබ ලගයි
සොය එන්නට මට සිතෙයි
සුලග ඔබ ගැන ගතු කියයි
සුලග ඔබ ගැන ගතු කියයි
සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ලOවි ලගින් ඉන්නම් ඉතින් හැමදාම

ඔබව මට හරි දුර තමයි
කදුලු නෙතු අග ඉකි ගසයි
සිතෙ සිතුවිලි ඔබ ගැනයි
ඔබට මම හරි ආදරෙයි
ඔබට මම හරි ආදරෙයි
සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මදෙස බැලුවාම
ඔබට ලOවි ලගින් ඉන්නම් ඉතින් හැමදාම
පෙම්බරයි මගෙ හැගුම් ඔබ ගැන නිතර සිතුවාම
ඔබව විතරයි මම පතන්නේ සසරෙ හැමදම
සසරෙ හැමදම
සසරෙ හැමදම

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මිහිරැති වසන්ත කාලේ | Mihirathi Wasantha Kaale by Sathish Perera

මිහිරැති වසන්ත කාලේ
කීම ඔබ මෙතෙක් නොආවේ
ගිම්හානයේ ගිලන්වී තනිවී වේදනාවේ
මිහිරැති වසන්ත කාලේ

සිතුවිලි සිතුම් සඳැල්ලේ
ලතවෙයි රැඳී නිදැල්ලේ
මිහිරක් කොහෙද ඇත්තේ
කිව මැන මටත් වසන්තේ

දාහය ගතේ වෙලීලා
කඳුලැලි නෙතින් ගලාලා – කඳුලැලි නෙතින් ගලාලා
ඈතට ඇදී ගලා ඒ
සොයමින් ගෙවූ අතීතේ
සෙනහස ඔබෙන් උදාවූ
යුගයකි ගෙවා නිමාවූ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

අවසන් ලියුමයි | Awasan Liyumai by Sathish Perera

අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඬුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ

එයා පැලැන්දූ මංගල මුදුවේ
ආඩම්බර කම මම දුටිමි
ගෙල වට කරගෙන ලැමැදේ ලගිනා
මංගල මාලය මම දුටිමි
අබරණ අන්දන රන්වන් ඉහිලූ
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ

පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා
අබරණ අන්දන රන්වන් ඉහිලූ
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඬුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ

එගොඩහ යන්නෝ | Egodaha Yanno by Shelton Perera

එගොඩහ යන්නෝ ……..
තව කවුරුද ඉන්නේ …
එගොඩහ යන්නෝ
මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ …
එගොඩහ යන්නෝ
මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ …

ගඟුල අනොමයි අද මට වෙහෙසයි
යනවානම් එන්නේ
ගඟුල අනොමයි අද මට වෙහෙසයි
යනවානම් එන්නේ
මම මේ ගඟුලේ අගුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා
එගොඩහ යන්නෝ
මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ …

පමා නොවන්නේ අදුර වැටෙන්නේ
යනවා…. නම් එන්නේ ….
පමා නොවන්නේ අදුර වැටෙන්නේ
යනවා…නම් එන්නේ
මම මේ ගඟුලේ අගුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා
එගොඩහ යන්නෝ….
තව කවුරුද ඉන්නේ …
එගොඩහ යන්නෝ ……..
මෙගොඩහ යන්නෝ……..
තව කවුරුද ඉන්නේ …
තව කවුරුද ඉන්නේ …
තව කවුරුද ඉන්නේ …

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here