නලෝලා | Nalola by Dimanka Wellalage [2021]

පින් ඇස් දෙකට මගේ
පෙනුනා කෙනෙක් හොයපු හැඩැත්තී
රෝස කැලෙන් මගේ
හිතට කඩන් වැටුනු හිතැත්තී

ලොවම කැමැත්ත ඉල්ලනා
මටම මැවිච්ච එක්කෙනා
මේ අහගන්න ඔබෙන්
අහන්නේ මං ආදරෙයි ද

සිත් සනසවෝලා සරසවෝලා
ආස රහට හීන මගේ
පපු කඳ පුරෝලා
ඇස් කරකවෝලා නටවවෝලා
සීත ඈත පාරදිගේ
වැඩපන් නලෝලා

මල් මත රැජින ඔබ ද
දිලෙන නළලේ තිලක තියාලා
යන ගමන හැඩය
සුමුඳු මුවග සිනහ නඟාලා

ලොවම කැමැත්ත ඉල්ලනා
මටම මැවිච්ච එක්කෙනා
මේ අහගන්න ඔබෙන්
අහන්නේ මං ආදරෙයි ද

සිත් සනසවෝලා සරසවෝලා
ආස රහට හීන මගේ
පපු කඳ පුරෝලා
ඇස් කරකවෝලා නටවවෝලා
සීත ඈත පාරදිගේ
වැඩපන් නලෝලා

රන් සළු නැතය අගය
සතුට තියෙන තැනක රැදීලා
අපි ගෙවමු දිවිය
අතරමඟක නතර නොවීලා

ලොවම කැමැත්ත ඉල්ලනා
මටම මැවිච්ච එක්කෙනා
මේ අහගන්න ඔබෙන්
අහන්නේ මං ආදරෙයි ද

සිත් සනසවෝලා සරසවෝලා
ආස රහට හීන මගේ
පපු කඳ පුරෝලා
ඇස් කරකවෝලා නටවවෝලා
සීත ඈත පාරදිගේ
වැඩපන් නලෝලා (නලෝලා)

හීන ගෙන ඔබ එන්න | Heena Gena Oba Enna by Dimanka Wellalage

හීන ගෙන ඔබ එන්න
නිදි නැතිව මට ඉන්න
ළංවෙලා ළංවෙලා ළං ළං වෙලා
ආදරේ කවි කියවන්න

හීන ගෙන ඔබ එන්න
නිදි නැතිව මට ඉන්න
ළංවෙලා ළංවෙලා ළං ළං වෙලා
ආදරේ කවි කියවන්න

දෙතොල් අමයුරු රොන් සැලී
කොපුල් මල් පෙති සිහිලැති
සිඹිමී මම සිඹිමී මම ආදරෙන්

හීන ගෙන ඔබ එන්න
නිදි නැතිව මට ඉන්න
ළංවෙලා ළංවෙලා ළං ළං වෙලා
ආදරේ කවි කියවන්න

සිනා විසිරුණු නෙත් කොනේ
රුවින් නුඹේ සිත්තම් ගෙනේ
සිඹිමි මම සිඹිමි මම ආදරෙන්

හීන ගෙන ඔබ එන්න
නිදි නැතිව මට ඉන්න
ළංවෙලා ළංවෙලා ළං ළං වෙලා
ආදරේ කවි කියවන්න

හිතේ ඉන්නේ ඔබමයි | Hithe Inne Obamai by Dimanka ft. Prageeth

හිත ආසම කතා කියා
සිනහාවට මුලා වෙලා
ඔය රූපෙට වශීවු කෙනෙක් මෙමා
තව බෑ ඔබ දුරින් තියා
ලග පාතින් ඉදින්න මා
මියනා තුරු පොරොන්දුවක් වීලා

හිතේ ඉන්නෙ ඔබමයි මගේ කියා
දුරක් යන්න බෑ මට ඔබෙන් එහා

ලෝකයෙ කොතැනක හිටියත්
දවසක යලි හමු වෙනකල්
පැතුමක් හිත පතාවි හිනැහීලා
අද දෙතැනක අපි හිටියත්
මතකය අමතක වෙනකල්
සතුටක් මට තියේවි මගෙවීලා

තේරුමක් ඇතී අපගේ මේ හමුවීම
සිහීනයක් වැනී කවදා හො හැබෑවෙන
කාලයක් ගෙවී මිතුරන් සේ ගැවසීම
ආදරෙන් බැදී ඉන්නා තුරු ඉවසීම

පාලුවක් නැති ජීවිතයක සැනසීම
ආ දුරක් අපී සතුටින් තැන තියාගෙන
ලෝකයෙන් මැකී යනදා විට මියැදීව
ඇස් පිහා ගමී පතලා මතු ඔබෙවීම

නුඹ ඇවිදින් | Numba Awidin by Dimanka Wellalage [2021]

පුන්සද පසුපස මුවා වෙලා
රෑ අහසේ මුළු ලොවට හොරා
මගේ හද මඩලට එළිය අරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
හීන් සැරේ නුඹ ඇවිදින්

තරු ගොමු වැල් වල වැතිරීලා
සීතල සුළගේ දිගා වෙලා
මගේ හද අරණට සුවද වෙමින්
හීන් සැරේ නුඹ ඇවිදින්
මටත් හොරා නුඹ ඇවිදින්

පුන්සද පසුපස මුවා වෙලා
රෑ අහසේ මුළු ලොවට හොරා
මගේ හද මඩලට එළිය අරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
හීන් සැරේ නුඹ ඇවිදින්

සැඩගං ඉවුරෙන් එගොඩ වෙලා
තහංචි වැට කොටු පන්නාලා
මගේ හද මැදුරේ දොරටු ඇරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
මටත් හොරා නුඹ ඇවිදින්

අහිංසකාවී | Ahinsakawi by Dimanka Wellalage

අහිංසකාවී
ලෙංගතුකමින් හුරු හිත වෙත ඇතුල් වුණු
ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු
ගමනේ විඩා නිවූ දුටුවන් වශී කෙරූ
ඔබ පිළිමයක් බදු රනින් ඔප දැමූ
පොලවේ පතුල් තැබූ රූ සිරි නරඹා
දැනුනේ තොටිල්ලකින් නලවන සේමා

අහිංසකාවී ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී මගේ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

මල්කුඩ අතදරා පින්තූර ජවනිකා
රගන වේදිකාව ගින්දරේ හොවා
ලා රෝස යාය පීරලා රූ වාසනාව කැන්දලා

අහිංසකාවී ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී මගේ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

මංතීරු පැටලෙනා පිංතාරු ප්‍රෙහෙළිකා
අගේට තෝටන්න එන්න පාවෙලා
මා හාදුවෙන්ම දෝවනා
ඒ කාරණාව තේරුණා

අහිංසකාවී ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී මගේ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

අහිංසකාවී ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී මගේ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී