නුඹ ඇවිදින් | Numba Awidin by Dimanka Wellalage [2021]

පුන්සද පසුපස මුවා වෙලා
රෑ අහසේ මුළු ලොවට හොරා
මගේ හද මඩලට එළිය අරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
හීන් සැරේ නුඹ ඇවිදින්

තරු ගොමු වැල් වල වැතිරීලා
සීතල සුළගේ දිගා වෙලා
මගේ හද අරණට සුවද වෙමින්
හීන් සැරේ නුඹ ඇවිදින්
මටත් හොරා නුඹ ඇවිදින්

පුන්සද පසුපස මුවා වෙලා
රෑ අහසේ මුළු ලොවට හොරා
මගේ හද මඩලට එළිය අරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
හීන් සැරේ නුඹ ඇවිදින්

සැඩගං ඉවුරෙන් එගොඩ වෙලා
තහංචි වැට කොටු පන්නාලා
මගේ හද මැදුරේ දොරටු ඇරන්
හීන් සැරේ නුඹ ඇවිදින්
මටත් හොරා නුඹ ඇවිදින්

Leave a Reply