අහිංසකාවී | Ahinsakawi by Dimanka Wellalage

Sinhala song lyrics with music notes illustration

අහිංසකාවී
ලෙංගතුකමින් හුරු හිත වෙත ඇතුල් වුණු
ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු
ගමනේ විඩා නිවූ දුටුවන් වශී කෙරූ
ඔබ පිළිමයක් බදු රනින් ඔප දැමූ
පොලවේ පතුල් තැබූ රූ සිරි නරඹා
දැනුනේ තොටිල්ලකින් නලවන සේමා

අහිංසකාවී ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී මගේ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

මල්කුඩ අතදරා පින්තූර ජවනිකා
රගන වේදිකාව ගින්දරේ හොවා
ලා රෝස යාය පීරලා රූ වාසනාව කැන්දලා

අහිංසකාවී ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී මගේ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

මංතීරු පැටලෙනා පිංතාරු ප්‍රෙහෙළිකා
අගේට තෝටන්න එන්න පාවෙලා
මා හාදුවෙන්ම දෝවනා
ඒ කාරණාව තේරුණා

අහිංසකාවී ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී මගේ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

අහිංසකාවී ඔබ වසන්තයක් වී
ආදරයෙන් ජීවිතයම පාට කරාවී
වදන් බෙදාදී මගේ සවන් පිනාවී
ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply