නොදැනම ආදරේ | Nodanama Adare by Chathura Dulantha ft. Yuki [2021]

මුලු අහසම නුඹෙ රුව මගෙ කීවත්
ඔය හිත මගෙ කීවා…
තුන් යම හීනෙට නුඹ පාවී ආවා…
ඔය රතුවුනු කොපුලත සිහි වීලා
මසිත ඉගිලී යනවා…
නාදලු දෙතොලම සිප ගන්නම් ඉතින්…

නුඹ මට හාදු දීලා
තනියට පාර කීවා
නොදැනම ආදරේ ගී කිය කියා…
නුඹ මගෙ පාලු මැකුවා
සිහිනෙක පාට ගෑවා
නොදැනම ආදරේ ගී ලිය ලියා…

මීවිතෙන් තොල් තෙමුනාද ප්‍රේමී…
අපි සීතලෙ උණුහුමට ඉමු දේවී…
ප්‍රේමයෙ රස වින්දාද ස්නේහි…
අපෙ රාගයේ බැමි බින්දාද මේ ගී…

නුඹ මට හාදු දීලා
තනියට පාර කීවා
නොදැනම ආදරේ ගී කිය කියා…
නුඹ මගෙ පාලු මැකුවා
සිහිනෙක පාට ගෑවා
නොදැනම ආදරේ ගී ලිය ලියා…

යෞවනියේ | Yauwaniye by Chathura Dulantha [2020]

මා සිතුවිලි…. කෙසේ සඟවමි
නුඹේ හසරැලි හා වෙලී….
ආදරයකී…. හදේ ඉපදුනී
නුඹේ සෙවණැලී හා බැඳී….

යෞවනියේ… සමනලියේ
මට වාගේ… දැනුනද ආලේ
යෞවනියේ මගේ…. පෙම්බරියේ
මට වාගේ…හැගුනද ආලේ…

කෙහෙරැල්ල පුසුඹේ….
පවනැල්ලෙ නටනා
ලංවෙන්න මා ආශා කරනා….
ලඳුනේ නොකියූ – රහසේ බැඳුනූ
ඒ ප්‍රේමනීය වූ සෙනේහේ
කාරනා….
ආදරියේ මගේ නුඹ නෑ දන්නේ
මං ආදරෙන්ම ආදරේ කලා….

ඉවසිල්ලෙ දැවිලා….
සැනසිල්ලෙ සරනා
හද ගැස්ම මා නුඹව සොයනා….
සුසුමේ රඳුනූ ඔබ මා හමු වූ
මේ චුම්බනීය වූ සෙනේහේ
යාවෙනා….
ආදරියේ මගේ නුඹ නෑ දන්නේ
මං ආදරෙන්ම ආදරේ කලා….

tharindu damsara,tharindu,damsara,ithin a hamadema,new sinhala songs,numba nomathi dihawaka,sadakalika premayknam,sadakalika,hithalu,dhammadewa,sanjula himala,ruhunuketha,nuba nomathi,reazon records,the night without her