මගේ රටට | Mage Ratata by Sanath Nandasiri

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

දළදා මැදුරේ රන්කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදි වේ
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදේ

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ
සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා

මගේ රටට දළදා හිමි සෙවණයි
උපතින් මා හට මේ හැම උරුමයි

දේදුන්නේ පාට පාටින් | Dedunne Pata Pitin by Sanath Nandasiri

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ

ගංගාවේ ගීතයක් වී
ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා
ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළං වෙනා

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ

රන් මෙවුලේ නෙත් රැඳේවි
පා යුග්මේ සිත් ඇලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී
කාමී අඳුරේ
කැන්දාගනී මෝහනය…

විකසිත වත කමලේ | Wikasitha Watha Kamale by Sanath Nandasiri

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ
ලඳුනේ මා පතනා
සිහිනේ හද සැලුනා

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

ඈත නීල අහසේ
පාට දේදුනු දහසක් පායාලා
මාගෙ ජීවිතේ
සැණකෙලියක් වාගේ
ඒ ආදරේ

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ
ලඳුනේ මා පතනා
සිහිනේ හද සැලුනා

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

දෑසෙ සිහින රේඛා
කීවෙ නෑසූ රහසක් කොදුරාලා
මාගෙ ජීවිතේ
මල් උයනක් වාගේ
ඒ ආදරේ

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

ලඳුනේ මා පතනා
සිහිනේ හද පිරුනා
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

මුළු ලොව මගෙන් අසාවී | Mulu Lowa Magen Asawi by Sanath Nandasiri

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

මට වේදනා නොදුන්නැයි
කීවත් කුමක්‌ කියයිදෝ
ඔබ මට දුකක්‌ නොවී යෑයි
කීවත් කුමක්‌ කියයිදෝ
මා හද ලෙයින් ලියූවත්
ලොව මට කුමක්‌ කියයිදෝ

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් කතා නොවෙයිදෝ
ඔබ නිවැරැදියි කියූවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක්‌ කියයිදෝ

මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ
මගෙ හිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක්‌ කියම්දෝ

කවුරුදෝ අර කවුළුවෙන් | Kawrudo Ara Kawluwen by Sanath Nandasiri

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ…
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ…
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ…
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ…

හිතින් මට බැ ඈත යන්නට
ඒ නුවන් දැහැනින් මිදීලා…
හිතින් මට බැ ඈත යන්නට
ඒ නුවන් දැහැනින් මිදීලා…
කවුළුවේ දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්….

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ…
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ…

කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්…
කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්…
කවුළුවෙන් දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්….

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ…
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ…
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ…
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ…

මේ ප්‍රථම වසන්තයයි | Me Prathama Wasanthayai by Sanath Nandasiri

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරුණේ මධු මල් පිපෙනා
බිගු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

තරු නැගෙන තුරා නිදිබර අඹරේ
සදු නැගෙන තුරා හිටියද අදුරේ
ඔබ සුපුන් සදක් සේ පායා
පහන් රැයක් වී ආවේ

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරුණේ මධු මල් පිපෙනා
බිගු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

සිත පවස දරා මිරිගුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොලක් සේ පාවී
වසන්තයක් වී ආවේ

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරුණේ මධු මල් පිපෙනා
බිගු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි

දඟකාර ඔය දෑස | Dangakara Oya Dasa by Sanath Nandasiri

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..

උදයේ හවා අප හමුවී එදා
දෙඩුවා බැදීලා සෙනේ ..
උදයේ හවා අප හමුවී එදා
දෙඩුවා බැදීලා සෙනේ ..
දෙකොපුල් විලේ හසරැල් පිපි
සතුටින් ම කල් යාවුනා ..
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..

සසරේ සදා අප බැදෙමුයි පතා
වැඩුවා හදේහි සෙනේ..
සසරේ සදා අප බැදෙමුයි පතා
වැඩුවා හදේහි සෙනේ ..
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා ..
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..

ඳඟකාර ඔය දෑස | Dangakara Oya Dasa by Sanath Nandasiri (Cover by Bimal Jayakody)

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..

උදයේ හවා අප හමුවී එදා
දෙඩුවා බැදීලා සෙනේ ..
උදයේ හවා අප හමුවී එදා
දෙඩුවා බැදීලා සෙනේ ..
දෙකොපුල් විලේ හසරැල් පිපි
සතුටින් ම කල් යාවුනා ..
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..

සසරේ සදා අප බැදෙමුයි පතා
වැඩුවා හදේහි සෙනේ..
සසරේ සදා අප බැදෙමුයි පතා
වැඩුවා හදේහි සෙනේ ..
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා ..
දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල් වියේ ..
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා ..

 

Download the Official Audio from Here!!