වැල්ලේ බඹරේ | Walle Bambare by Moniyo x Shan Putha [2025]

මුල මතක එකාට
කුහක ගතියක් නැති හිත හොඳ එකාට
කවදත් කැරකෙයි වැල්ලේ බඹරේ
කැරකෙ වැල්ලෙ බඹරේ

උපදිද්දි දෝතින් අරන් සැප සම්පත්
ලොකු දේවල් නොලැබුනාට
මනස්කාන්තයි රිදී රේඛා එද්දි කලු අඹරේ
එද්දි කලු අඹරේ

කවුරු කවුරුත් සෙල්ලම් දාන්නේ
එහා ලෝකෙන් ඇරෙනකන් දොර
ක්ෂණිකව මාරයා ඇවිත් කතා කරයි
ආ කොල්ලෝ වර
නෑයෝ බෙදාගනී බර
පෙට්ටිය ගහන් යාවි කර
දුන්නට ඵලක් නෑ දැං මොර
මොන පොර වුනත් කොර කොර

සොච්චම් පඩියක්
සොච්චම් පඩියක් අතට අරන්
ගෙදර ගියං රවාගන ගෑනි යන්නේ ගස්ස ගස්සා
අපෙ බොස් නගන්නෙම දොස්
සේච්චා සෙවේ වගේ නෙමෙයි
මේවා දෙයියෝ දීපු රස්සා රස්සා

පෙනුම අති සෝබමානා
මනුස්ස හම පොරවන් ඇතුලෙන් මහ සෝනා
ලොක්කන්ට බලේ පණ පෝනා
ඡන්දේ තමයි ඕනා
රටේ හීන ගොඩක් හැඩයි
රියලිටි ආඳෝනා

සල්ලි සල්ලි දෙයියංගේ මල්ලි
හොයන්නයි අල්ලන්නෙ ජල්ලි අල්ලන්නෙ ජල්ලි
නතර වීමක් නොමැත මල්ලි
උම්මත්ත පිල්ලි
යන්නෙ දැං එල්ලී
යන්නෙ දැං ජීවිතේ

හොඳ කාලේ සල්ලි පස්සෙ පන්නං
හති බං දැන්නං
ප්‍රමාධයි මලේ
මිනිස්සු දනෙන් වන්දං
මනස බන්දං දෙයියංගේ කොලේ
දැල් වෙන එළි පන්දම්
නිවෙන අන්දම් පිළිගන්නෑ මොළේ
මිනිස්සු දනෙන් වන්දං
මනස බන්දං දෙයියංගේ කොලේ

මනින්න හොඳ නෑ අඳින සලුවෙන් මිනිස්සූ
ඇතුල ගිනියම්ව පිටතින් ඔලුවෙන් හිනැස්සූ
තමාට තමාම පමණක් පිහිටක් පිනිස්වූ
ගිනි ගත්තොත් හිතේ තකන්නෑ සුලුවෙන් පිළිස්සුම්

අපි දනී කවුරුත් දාන මරිසි
පාටි කිව්වොත් කොල්ලෝ බර ගානකින් බසී
අතේ සත පහ නැති දාට යාලුවො මිසින්,
පඩම් මතින් පපු පදන් හින්දා පාලුව nothing
පාලුව nothing

මුල මතක එකාට
කුහක ගතියක් නැති හිත හොඳ එකාට
කවදත් කැරකෙයි වැල්ලේ බඹරේ
කැරකෙ වැල්ලෙ බඹරේ
උපදිද්දි දෝතින් අරන් සැප සම්පත්
ලොකු දේවල් නොලැබුනාට
මනස්කාන්තයි රිදී රේඛා එද්දි කලු අඹරේ
එද්දි කලු අඹරේ

නිවාඩුනෑ course එකේ Daily වැඩ ඈල්ලෙ
ආගිය අතක් නැත ගර්ත පෙනහැල්ලෙ
සාත්තරේ කියන්නම් මං දැක්ක ගමන් ඩෑල්ලේ
හිතුනොත් ලෙවල්නෑ පුක තිබ්බා හැම ලෑල්ලෙ

මොලය විසින් අඳුරු බලවේග වලක්වයි
හම්බුනාම නිදහසට කරුනු දක්වයි
Dis කර පලියට හැම කබ්බටම නෑ මං reply
Miss call ගොඩායි phone එකේ traffic suply

මේක ගැන නෑ බොලට තිබුනෙ කිසම හැඟීමක්
තනි ගමනෙ මමනම් හැකිනම් දුවලා එල්ලියං මඟීන්වත්
ඉස්සර යන්න බෑ මැස්සෙක් හොස්ස ලඟීන්වත්
හුරුකලෙ ඉවසීම හිටි මිනිස්සු මගේ ලඟීන්ම

ආවෙ හුරුවටයි උඩ ගැහුව පරෙවී
ගෑනු නෙමෙයි අපිට මඩ ගැහුවෙ පිරිමි
යද්දි අරං යන්න බෑ ගොඩ ගැහුව තරමින්
අදත් ඇයි මට දඩ ගැහුවෙ රාලහාමි…

මගෙ උන් වෙනුවෙන් ඕන දෙයක් කර ගහන්නේ
අස්වැන්න බලලයි කැරකෙන දැල මං ගහන්නෙ
ගැටලුව කුඩානම් එතනදි කරබාන්නෙ
අද නෙමෙයි මතුවටයි උඹලට මාව බලපාන්නෙ

මං අහන්නෙ..! බොලා bars ගැව්වට pass නෑනෙ ශිශ්ෂත්වේ
අපි බහිද්දි බොලා හිටියෙ ගස් අස්සේ
ඔව් එකෙක් මම මේකට පස්සෙ ආව
පහු කරපං හැකිනම් මගෙ අශ්වයාව

සවල් පාරවල් මිසක ඇල්ලන්නෑ නැ කංහැන්ද
Missing උනා භාගෙ පාරවල් දෙකට ඇද්ද
කන්නෙපා මැරුම් ආයෙ අහලා තව නැද්ද
තව නැද්ද..!

ගහලා ඉවරයි ගේම මං මගේම
වෙනසක් ණෑ ඉතිහාසෙත් මගෙ දැං වගේම
කැරියා බාවනවා උඹව ලඟදීම (හැබැයි)
බලාගෙන ඉන්නෙ දරුවෙක් නිසා අම්මෙක්ගෙ මං වගේම

ඉද්දි Run කරන් උඹලා වපර ඇහෙන් බලාවී
රිදි රේඛා තිබ්බෙ නෑ පුතේ හැම වැහි වලාවේ
සෙට්නෑ විරහ ගී වදන් මරාවී සෙල්ලමේ බරා අවී
තද ෆෑනා මම පදනම ප්‍රභා කල්ලියෙයි ෆිලාගෙයි…

මුල මතක එකාට…//

written by Kaushan Gunarathne & Dumindu Dushmantha

කොරේ පිටට මරේ | Kore Pitata Mare by Shan Putha [2025]

ඉනි කපා ගඟට දැම්මා
ගෙදර බල්ලත් කම්පට ගැව්වා
ටොම් පච පාඩම් කර කිව්වා
කේලං නෑ කිව්වේ…

අද මං හෙට ගැන කිව්වා
එදා මං එදා ගැන කිව්වා
ආදරෙයි බදාගෙන කිව්ව උං
කෙලවෙද්දී දිව්වේ…

ඔව් මල්ලේ…////

මම කොන්ඩේ නැති උන්ට පනා වික්කා
පරන එකා කෝ නෑ ඒ ගොනා වික්කා
ගනුදෙනු කරන්නෙ නෑ යාලුවොත් එක්ක
පොලව යටට අඩි හතක් මං දැක්කා

මං දැක්කා.. හැමදේ අත් දැක්කා…
මං එක්කා.. දැන් නෑ එක බල්ලෙක්වත්
මාමණ්ඩේ…. අල්ලන්නෙ බෙල්ලෙන්ම
තව පොඩ්ඩෙන් කරගහන්නෙ ගොං කෙල්ලෙක්ව

හුරේ පිට මරේ
වඳින්න ගිය දේවාලෙ වැටුනා කරේ
බෙල්ල ගියත් අපෙ උන් දානවා හුරේ
කටක් ඇරලා කියන්න පුලුවන් දෙවල් නෙමයි මල්ලි අපි කරේ

රවලා බලන්නෑ
ගියදේ ගියාවෙ ආපහු හැරිලා බලන්නෑ
අනුන්ගෙ කරත්ත වල නැගල බලන්නෑ
කපන්න බැරි අත ඉඹලා බලන්නෑ

ආයුබෝං ඕංරීං කට්ටු කට්ටු
දැං මහතයි ඒ කාලෙ පට්ට කෙට්ටු
රට්ටු කියයි උඹලනම් පට්ට පුත්තු
නයි පෙන කාලා හරි අපි පදමට වද්ද ගත්තු

අතේ “වත” නැත්තෙ
අපෙ යලුවො ඉන්නෙ කනත්ත පැත්තෙ
Policiya ලඟ නෑ අපෙ දත්ත ඇත්තෙ
ඒකයි කාසෙ හැදුනත් අපෙ උන් සද්ද නැත්තෙ

ආස පරිප්පු කරියට
කාලාතුරකින් මම එන්නෙ හොඳ සිහියට
නවත්තන්න එපා කවුරුත් අත දාපු පලීයට
MOST WANTED වගෙ පාගපං සීයට සීයට 100

ඉනි කපා ගංඟට දැම්මා…

අද මං හෙට ගැන කිව්වා…

ඔව් මල්ලේ…/////

written by Kaushan Gunarathne

කමක් නෑ | Kamak Na by Shan Putha ft. IZZU & Dilu Beats [2024]

මේකෙ ලස්සනම අපේ සිංදු
උබලයි නම් ඉස්සරහින් බිංදු
බර පංති පාවිච්චියක්
නෑ ගහනව පටු පාරක්

මලකින් දුම් දාලා
කනවැද්දුම්
මේවා අපේ කොල්ලන්ගේ
හිත උඩින්ම රැන්දූ

සෙල්ලම ක්‍රිකට්
දෙන්නම් මාලිගේ වගේ පන්දු
කලවන් නෑ මං
බලපාන්නෑ ඩිස් සතේකට
සත්තු දිහා මාන බලන් ඉන්නේ අතකට

බර වාහන පිටවින්
කොල්ලොන්ට එන විටමින්
එක පේලියේ රවුමයි වන් ශොටේදී
හිත් රිදවීම්

මේවා උඹලා හිතන්නැති පැති
කර්මාන්තේ කා දමන ලමයි
මේවා අහලත් ඇති

උඹලා කොටි නම් අපි ISIS
ඒකාලේ මේකී හයියට
දැන් උනත් එහෙමයි
පොදි බැදන් ආවේ උඹලා
ඉදී මේකට හිස් අතින්

මාගම්පුර නම් අටමස්තානේ
සිහි නැති වෙන්න වැදුනාවේ
නෝන්ඩි නොවී වැඩේ කරගත්තේ නෑනේ
පහන්තුඩාවේ

මේගොල්ලෝ පොඩි දේටත් මංචු දාවී
කාලක්ගම් ගැහුවේ සෙල්ලමෙ වෙස් නැතුව
ඕන්නෑ කිසි දෙයක් දෙයියන්ගෙන් හැර පැතුව මේකි මාර
මේකේ මර ග්‍රීස්මේ නැති වෙලාවට වැහි නැතුව
පෙලපත් නෑ සරලයි ඕනෙ දෙයක් ලොකු කන් නැතුව

තේමාගීත පෙරපාලියෙන්
යුක්තිය පෙරපාලියෙන්
දකිද්දී කැම්පස්කාරයෝ
අපි දැක්කේ මනාලියෙන්

කුලප්පු වන අලියෙක්
කා සැමදේ කරදියෙන්
දොස් මුරය දාද්දී
කොලෝ කියන්නේ මම මාගම්පුරින්
කෑ ගහනෝ ගගා මා දාවී
මාස 6ක් දාල මැදින් දාවී

කමක් නෑ ////
අපේ උන්ට ඉතින් කමක් නෑ
මාගම්පුරින් කමක් නෑ ///

උස්සලා ගන්නම් ඇතුලේ ඉන්න සතා
මං තොපේ
මේ උන්දැලා දන්නෑ ඉපැරනි කතා
මේ අපේ
කතන්දර නෙවෙයි මේවා රියල් ස්ටෝරී බොසා
දෙන්නම් ගින්දර වගේ
නොම්බර එකේ නාද රටා

හැම කමිසේම ඉදිරිපස සිදුරු ඇත
අලු කැඩී රැප කුබුක් කද වැනි
උඹලා අපි තරකඩි
ඇතුලුවීම තහනම්

සෙල්ලම වටේ කම්බියක්
මත් ද්‍රවය දුම් බී
පෙණහලූ නම් සොම්බී

වසන්තේ නෙවෙයි පිපුනේ ගිම්හානෙක
නගරේ නෙවෙයි හැදුනේ ගම්මානෙක
මම හින්දුස්තාන් වෙච්චී
මාගම්පුර මෙම්බා
ලංකාව වටේම මට යාලුවෝ අම්බානෙක
මේකෙ වසන්න අමාරුයි
ඔලුවේ සෙන්සර් වැඩ නැත්නම්

හැමෝම ඇයි ඇහුවේ අන්සර්
නොකරන්නෙ කෝල්
ගත්තම අඩෝ ශික් බං
සමහරුන්ට රැප ශික් බං
ඉවසන් හිටියට මල පනිනවා පොඩ්ඩ ඇත්නම්

සිකුරා බැස්සා මගේ දැන් ගෙවෙන්නේ
කුජ හතේ තලන තරමටයි දිනූ මගේ මුවහතේ
කැන්සල් ගේම හදවතේ
සිංදු අහලා හේටර්ස්ලා කල්පනාකරයි දහ අතේ

රිලේශන්ශිප් එක මේ මල හා
උඹ දිගා උනු එකා
මම තමයි උඹට රහස් කියපු වලහා

රටේ උන් රැප් අහනවා
උන් අහන්නෑ විරහා
ගනු දෙනුව මොලහා
විදිනවා කන හරහා

සැර බට්ටෝ ගහලා දෙන්නම්
හිරෝශිමා නාගසාකි
කුඩුවෙන්න ගැහුවා වගේ ෆැට්මෑන් හිට්ලර්
පිට ඉත්තෝ වගේ නෙවෙයි
කලාතුරෙන් ශානා දෙන්නෙ
ආතල් එක ගින්දර නම්
මගේ වදන් ප්‍රෙට්රල්

හිත දීපන් රැපට
අහන්නෙපා මල් සිංදු
සිංහල මුස්ලිම් බර්ගර් ක්‍රිස්තියානි
මැලේ හින්දූ

වදන් කටින් බඩවැල් අස්සෙන්
අඩියට බස්සයි අපේ උන් ලගදිම
සිංහල රැප් උඩටම

කමක් නෑ ////
අපේ උන්ට ඉතින් කමක් නෑ
මාගම්පුරින් කමක් නෑ ///

written by Isuru Aravvalage & Kaushan Gunarathne

නගා | Naga by ShanaXShena [2024]

දාන් ඉද්දි මම මාං ගාව අද රූං ගාලා ගිය සාංකාව වගේ
බලාං කාලා වැව වාන් දාලා මගේ අහංකාරි
දාන් ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේ
බලාං කාලා වැව වාන් දාලා මගෙ අහංකාරි ඇයි නගා
දැක්කම නගා
දාං ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේ නගා
ඕ නගා
දාං ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේ නගා
ඕ නගා

වන් ඩේ පාට් ටයිම් වැඩ නාට්ටාමෙ මැද සේවය කරන්නේ අපි ස්වේච්ඡාවෙන්
අනේ හැමදේම නන්ගි මම මාත්ත්‍රාවෙන් මම නීල් සද ගමන යාත්‍රාවෙන්
දැක කෝලම් මල කෝලම් දුන්නොතින් කනු රානම් උඹ පානං ආනං මානං
නෑ මගෙ වයිබ් එක ක්‍රිස්පී වැටුවග අහුවෙලා නෑ ගෑනුන්ට ඩස්පී

ඈ නීලම වරල පීරලා එනකොට අමතකයි මට සේරම
නැමෙන්නෑ කා ලග උඹ ගියොත් කෝ එන්න බලන්න ඊලග
ඉල්ල ගන්නේ නෑ මං වාලන සිගා වාලන සිගා
ඇහෙන් කරමි ඕන එකියක් දිගා ඕන එකියක් දිගා
හේන පාලුනම් ඒ කරන්නං මං වගා
බැරි නම් අනේ උබත් පලයං නගා

දාන් ඉද්දි මම මාං ගාව අද රූං ගාලා ගිය සාංකාව වගේ
බලාං ආල වැව වාන් දාලා මගෙ අහංකාරි
දාන් ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේ
බලාං ආල වැව වාන් දාලා මගෙ අහංකාර ඇයි නගා
දැක්කම නගා

ඔය ලස්සන පස්ස ගස්ස ගස්ස ලිස්ස ලිස්ස ඔයා යනකොට
වම් තක්කර තක්කර උඩයට සෙලවෙන තඩි ජම්බෝල
ඒවා දැක්කම නාගයා එලියට එනවනේ බායි කියලා හුබහට
නංගිලා ඉන්නවා සක්කර සක්කර බාර වෙන්න දෙයියන්ට

ඕඕ රාමායි සීතායි ආලේ කෙරුවේ පොත්වල
නංගි මාතායිද කැතායිද හිතුවෙ නෑනේ හිත් වල
අපි පාතායි අනාතායි නේ කෑවොත් පොඩි තලබෝල
අපි පාතායි අනාතායි නේ කෑවොත් පොඩි තලබෝල

වගේම රස්ත පාරෙ මම දාන ටායිකෝට්
මූනම වහනවා දාලා වයිට් සෝස්
සලනකං අයිබ්‍රෝස් නෑ රෝස් බෝස්

ස්ටයිල් එක බායිපෝස් 24/7 මම හයිඩෝස්
ආසම මම වයිට් රෝස් බොන්න ආසම මයිලෝ
පාන් කයිද ඩෝ නායි රෝස්

written by Shan Putha x Shane Zing

ඇයි මං ආවේ | Ai Man Awe by Shan Putha × Dilu Beats

කාලය විසින් තීරණෙ කරාවි හැමදේ
දකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේ
මවු ගසින් දුර තනිවම බීජ පැලවේ
අම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ

නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාස
පෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාස
පාරෙම ගැවසුනාට බෝදෙ මගහැරුනාට
තැවෙන්නෑ පසුමං බලා ආපසු හැරුනාට

බොරුවෙ අතු බෙදුනා ඇත්ත තාල වර්ගේ
මේ ගේම ගහන්නෙ යන්න බලාන නෙමෙයි ස්වර්ගේ
දිවිනහගන්න එක නෙමෙයි බං විකල්පේ
හිතහයිය කරං නොබලා හිටපං බල්කෙ

මුලින්ම….
පද හදන එවුන්ට වෙන්න ඕනෙ පිංසිද්ද
උඹල දැක්කෙ මගෙ දියුනුව දැක්කෙ නෑ දුක් මං වින්ද
දැක්කෙ නෑ කොලුගැටයා පාරක් පාරක් ගානෙ ඇවිද්ද
මම දන්නවා මේකෙ හැටි මෙහෙමයි ඒකයි නොගත්තෙ මේ හිත රිද්ද

වරදින්න මොහොතයි හරියන්න කල්ගියා
බුදුන්ගෙන් නයගන්න මිනිස්සු පන්සල් ගියා
අත්පොලොසනක් දියං යන්නැතුව හූතියං
තවකෙග්ගෙ දියුණුව දැක හිතින් උඹ ඌ වෙයං

වහල් උනු එවුන් අපි ඇලීගෙන රාගයන්
මුගටියා වගේම එතනදි වැරදී නාගයත්
වගේම ජිවිතේට උන්නු බෝ දෙනාගියා
උඹ මොනාද කරන්නෙ, Rap කිව්වම ගොඩක් අයට හිනාගියා

භාදක ඇත තාවමට පැනීමට..
හිතුවා ගමේ ඉඳන් උන්ට පුළුවන්නම් ඇයි මේක කරන්න බැරීමට
දැන් අමාරුයි හැරීමට
මං Try කරේ අම්මා තාත්තා මං ගැන මවපු ලෝකෙ
දෑස් වැසෙන්නට පෙරඔවුන්ගෙ ඇස් ඉදිරියේම මැවීමට

මතුබුදුවන ගිහිහා ආවෙ මොන මලෙන්
කෙලිය එකා කවුද මිනියකට ගොඩදාලා වලෙන්
හැමේකාම උත්සහාය කුරුල්ලො දෙදෙනෙක් එක ගලෙන්
කුහකයො ඉපදෙන්නෑ සමජයයි හැදුවෙ බලෙන්..!

බෙදන්න හැදුවට උඹල අපි එකම කුලකයක්
තලගොයා නයාට ගොදුරක් හැබැයි දෙදෙනාම උරගයන්
ජරාමරන නොතකන මනුස්ස වර්ගයා අතර
මට මං එක්කවත් අඩුමතරමේ නෑ තරඟයක්….!!!!

වැහි මන්දාරේ
තෙමීපාරේ
මං දන්නෑ ඇයි ආවෙ මං ඇයි ආවෙ.

මා නෑ දෙවියන් බාරේ
සංසාරේ…
ඇයි ආවේ මං ඇයි ආවෙ ඇයි ආවේ..

නොනින්දත් මරනින්දත් හුරුවෙච්චි
ඒ හින්දා කලින්දාත් අනිද්දාත් ගැන ඒතරම් නෑ නිච්චි
ප්‍රසංසාත් සේ නින්දාත්
මේ සාංසාරේ ඇවිද්දාත්
භව තන්හාය පැවිද්දාත්
උන්ට තාමත් නෝතේරිච්චි..!

සමහරු මස් කෑවා කට්ට අපේ ගිණුමට බැරවෙන්න
අපෙත් මෝලෙ තිබ්බෙ අතේ ආසනෑ කොතනවත් කොරවෙන්න
නියපොත්තෙන් කඩන්නතිබුනත් අපි ගැහුවා පොරවෙන්ම
කාලය කිව්වා ඇති දැන් උඹත් සොභාදහමට බර වෙන්න…!

මේ කොහේද මම කවුද දන්නෑ ඔහේ දුවනවලු,
රස දන්නෙ දිවයි, විඳපු දුක කියයි පෙනලහු,
අතීතය සුන්දරයි හරිම, එකයි අමතක කරනු බැරිම, දෙමාපියන්, සහෝදරයන්, යාලුවො කාලයක් ගෙව්වා මම කැriම…!

මිනිස්සු.. Algorithm එකෙම්ම උන් වාසියට හැරෙනවා,
තවකෙක්ගෙ වේදනාවක් අඩු වැඩියෙන් අපිට දැනෙනවා
කෙරෙන්න ඕනෙ වෙලාවට
කෙරෙන්න ඕනෙ දේවල් කෙරෙනවා,
“ආදරේ කරපං මිනිස්සුන් ට මොකද කියල කිව්වොත් උන් හරි ඉක්මනට මැරෙනවා…!”

වතුර මොක උනත් පනිනවා හුරුයි (පීනලා ගිලිලා)
මාසෙ පඩියත් සොච්චමයි ගත්තේ මං
(නැහිලා නැහිලා)
මේකෙ (තැලිලා පෙලිලා) හුරු උනා ලද දෙයින් සතුටු වෙන්න
අත් හැරීම ප්‍රගුන කරා නෑ දේකට (ඇලිලා ගැලිලා)…!

නෙත්දෙකින් කතා කරයි
එක පැත්තකීන් කලාබරයි
එක පැත්තකීන් දඩබ්බරයි
අත්දැකීම් ගොඩක් බරයි
හිතේ තියන දේවල් ලිව්වෙ ඉඳීද දන්නෑ මං හෙට
මට කිසිම දෙයක් එපා අම්මේ හැමදේම දෙන්න මල්ලිට..!

පැවසුවොතින් මම ඇත්තම
සලකනව උපරිම අයියලගෙ නමට මුලු පැත්තම
එක වර්ගෙ පක්ශින් වැහුවා එකම අත්තෙම
මම හෙට ඉන්න ආස නෑ මේ අද ඉන්න තත්වෙම…!

මඩ වලකි ජීවිතේ විටින් විට කැලැත්වෙන
ජීවත් වෙයං මේ ගෙවෙන මොහොතෙ පැවැත්වෙන
අකමැත්තෙන් නෙමෙයි මා ඉතාමත්ම කැමැත්තෙන
එකාතකින් බැලුවම මෝඩයකි මමත් හෙන…!

වැහිමංමන්දාරේ…

මා නෑ දෙවියන් බාරේ…//

written by Shan Putha

පන්දම් අල්ලා | Pandam Alla by Shan Putha x Dimi3 [2024]

ඇති සුදා වැලපුනා අඬා
උනු අලාබෙට
හොඳටෝම දැඟලුවා නේද හති දදා
ඇති වෙලා අපට
දැක්කා නේද උඹලා නොදැකපු පැතිකඩක්
සුරලෝක එපා අපිට
කෝමත් එකයි දැන්නම් මටත් ඕනෙ යටිබඩක් මචං සිරාවට…!

නෑ කියා අපිට රැයක් දවාලක්,
කෑවා කොහොම හරි වේලක් දෙවේලක්,
ලොක්කන් Sure නොකරමි කපේට
ආයෙ මනාප දෙන්නෑ මං කලබලේට…!

අහපල්ලා මලයණ්ඩි එපා සැප වන්ඩි
යන්නෙ මං පුටාර් එකේ
උදේ අව්ව සැපයි ලැබෙනවා Vitamin D
හැන්දෑවට මං Bar එකේ
දෙක දාපු ගමන් කතාරනවා Hindi
කරේ යන්න එන්න එපා පාඩුවෙ ඉද්දි
සතා කවුද කියන්නම් ඕන්නම් හැරෙද්දි
තද කකුල් බජාර් එකේ….!!

ඇයි ඩෝං අරන්
රට කරන එවුන් සමකර හැකියි
වඳුරො Phone අරන්
Asset එක Zero අපෙ උන්ට කන්න වෙන්නෙ මගුල් මෙහෙ Loan අරන්…!

කිරෙන් නාවලා ගත්තත් වෙන්නෑ Genuine
ඌ කබ්බා නම් කබ්බා
නහය කහන එක ලෙඩක් නෙමෙයි අපි
මතක් කරා බොලයි අම්මගෙ අම්මත්…!

රැපියල් හෙව්වෙ නැහිලාම තමයි
අපිට බයිලා හුරු උනේ ඇහිලාම තමයි
දුප්පතාගෙ සැප ගල්බාගෙ තමයි
මේ යක්කු වෙලා ඉන්නෙ මල්වගෙ ළමයි
බලන්න ඕනෙ ඇවිල්ලාම තමයි
නයිමිරිස් කෑවොත් දැවිල්ලම තමයි

ඇරගත්තෙ නැවිලාම තමයි…..!!

තේරුම් ගල්ලා
කාලේ ඇවිල්ලා
නෑ නාරි නාවන්නේ ආයේ //

අපි නම් නෑ දන්නේ පක්ශයක් පාටක්
බල්ලොත් ඇදන් ගිහින් මල්ලී
කට නැත්නම් මෙලහටත් //

වෙලා එලකිරි දෙපැත්ත දදා
පාට පක්ෂ අපිම තකා
බක බක ගගා ආවත් මොකා
අව්වේත් සෙනග බොකා
බොලාගේ ටින් වලට බොලාගේ සාඩින්

බීඩී බිබී කොල්ලෝ වේලෙන්නේ නිකන්
තව ටික දොහ නිකන්ම හිටං
ගල් බෝතල් බත් එක්ක ටකරං අරං

තුන් වේලට විකිනේ රටම හූරං
පරන හොරම බ්‍රෑන්ඩිං අලුත්
ආදර්ශ පාට අලුත්
තමංගේ පාට අලුත්
පරන ගොනාමයි ඇන්දෙනවා නමුත්
දන්නෝ ඉදහිට කවට කමුත්
සුද්දොවත් නොදන්න කඩුව වනමි
යාලුවෝ ලූ දෙන්න ඇදි අදුම්
කෙරුවෙම අපි වෙනුවෙන් ලූ

දාහක් මැරුනත් වග කිව්වේ නෑ
කිව්ව කරපුවා අපි දන්නෑ
ඊයේ කියපුවා අද සිහි නෑ
ලංකාවට ඇල්ටොත් නෑ

තේරුම් ගල්ලා… //

written by Shan Putha x Dimi3

සීතල කාමර අස්සේ | Seethala Kaamara Asse by Shana x Shena

එක එක ආතල් ඇති බජාර් එකක් ලංකාව
අවි අරගත් උන් අවියෙන්ම නැසෙයි ඉදුරාම
ආකහේ ගැටෙන කුලුනු තැනුවට චින්තනේ
පැල්පතේ තවම දරුවෝ නිදි ඇති හාමතේ

සීතල කාමර අස්සේ
බිත්ති හතරක් මැද්දේ
ඉන්න උන් නෑ දන්නේ
ටකරං ලයිමේ දැනෙන රස්නේ //

අවකාශේ රැපවේනම් ඔව් මම පදාර්ථෙ
නීරෝගි මිනිහෙක්ට හොඳනැහැ මෙහේ වාතාශ්‍රෙ
මමත්වේ නෙමෙයි ප්‍රගුන කලයුත්තෙ පරාර්ථෙ
කුඩා කාලෙදිම නැවැත්තුවා අපි ගෝත ආශ්‍රේ

නෑ භාදාකිරීම්
තනි වචනෙට වැඩ නෑ මේහෙ උන්ගෙ බාලාගිරී
බොක්කෙ දඩමස් හක්කෙ බුදුරැස් නෑ
එන්නම් කිව්ව එවුන් අදටත් නෑ
අපෙඋන් බොරුවට දඟලන්නෑ
ඒත් බිව්වම නාලාගිරී

ආහල පහල උන්ට නෑහෙන්න
කැස්සක් කිවිස්සක් බෑ මේහෙ
ආලෝ නිලෝ පොරවල් ඉන්නවා සෑහෙන්න
වැස්සත් දනහිස්සත් නෑවේ
ගේමක් දීල ඔලුව උස්සන් ඉන්නෙ
පොලිසියෙන් කියලා PHIටත් අපේ එවුන් කිනිස්සෙන් ඇන්නෙ

අපිට මොලේ තියනවා වඩා දෙසිය විසිපහටම
කතා බහේ Delivery වෙනස් දෙන්නෙ අමුතුම රහකට
වත්තෙ එකෙක් බැස්සම ඇති තනියම ගහනවා එකොළහකට
තෙලේ වැඩී මහත්තුරුනම් ගනං ගන්නෑ සතපහකට

ලොකුකම් නම් දැම්මත් ජීවිතේ
මැරුනම අපි සේරම කනත්තේ //

සීතල කාමර අස්සේ…

Written by Shan Putha x Shane Zing

විසබීජේ | VisaBJAY by Shana [2023]

බර Feeling එකේ වටමේස Party දාපු සාලේ,
එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ,
තාමත් එකෙක් දිග දාලා Rolling එකේ,
Finish වෙන්නෙ morning එකේ,
වෙයං කොන්ද කෙලින් එකෙක්
කෝහොමෙන් කෝහොම හරි

ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ,
උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ,
අපිනම් දිල්තෝ පාගල් එකේ,
කෝමත් ඉන්නෙ ආතල් එකේ,
මොලේ ඝන මීටර් එකේ Run වෙන එකෙක් මල්ලෙ…

කිරිසප්පයො තූල් දානවා,
ගැටවරයෝ Cool ගහනවා,
Traffic කාලෙට උහුලන්නෑ රටපුරා Call ගහනවා,..
අපි ගානට බෝලෙ දානවා,
කෝහොම හරි ජිවිතේ රෝල ගහනවා,
රැව්වොත් රැව්වා රැව්වාමයි මහසෝනා උනත් ඔරෝලා බලනවා…!

දැන් Full Decent ගුස්පිය අල්ලපු තිරිසනා ගහේ බැන්දා,
Islanwide “විසබීජෙ” දෙන්නෙ අපි මෙහේ ඉඳන්,
පට්ට ගහනවා ඇහේ ඉඳන්,
මගුලක් කියනවා ඔහේ ඉඳන්,
ට්‍රැක් එක දාන්නෙ 09ට ඒත් කට්ටිය Ready 05හේ ඉඳන්,

කලබල කරන්න එපා කන බොන තැන්වල ආපු,
මිට මොලවල ගහනවා අඬගහලා මෙහෙ එනවාකෝ,
බොට එලෝ එලෝ ගහනවා පම්පෝරි කතා කරොත් කොල්ලො වටකරගෙන ආපහු,
බොලා ඇරගත්තෙ ලෙසි පහසු කටක් නෙමෙයි පෙරකල වහපු..//

ගානට තැනට අඩෝ Enter වෙන්නෙ,
සෙප්පඩවිජ්ජාව දාගෙන නෑඩෝ මේ මන්නං Chater වෙන්නෙ,
බක පණ්ඩිත පොඩි එවුනුත් හීනෙන් Harry Potter වෙන්නේ,
ඉස්සර කරපුවා අපිටත් මල්ලි දැන් දැන් තමයි මීටර් වෙන්නෙ….!

බර Feeling එකේ වටමේස Party දාපු සාලේ…

ජීවිතේ ගොඩක් දෙනෙකි ආව නාව,
වේදනාවෙන් හිතන්නෙ ඇඟිල්ල කනේ ගාව ගාව,
හැමදේම වේදනාව,
රැප උනා භාවනාව,
යන්නම දෙන්නෑ කොල්ලො කියනවා ශානා ඕන තව තව තව තව….!

කොල්ලො කියනවා යන්නම් දෙන්නෑ ශානා ඕන තව තව… තව… තව..!

කෙලවල ගම්(Glue) Auto ඇලවෙන්නෙ,
හෙලවෙන දත් Auto ගැලවෙන්නෙ,
කෙළ බිඳක් නෑ කටින් හොලවන්නෙ,
මරිවානා නම් පස්සෙන් එලවන්නෙ,

එළිවෙනකම් ආතල් දානවා
වරකෙට ක/කො කාක්කොත් වහනවා,
ඔලු හිරකරගෙන බැරි බර කරේ තියන් කළු සුරුට්ටුව බිබී තේ එකක් ගහනවා..!

කවුද මන්ද මට කෝලක් ගහනවා
මං දන්නෑ මං පාරක් ගහනවා,
Empty මාරු ගල් කාලක් ගහනවා,
පාරක් ගානෙ අපි කරක් ගහනවා…!

ගෙවුනු කාලෙක ඉහත
ඒ උන්නු එවුන් දැන් නැත,
කීවා නොකීවා මාහිතෙ එවුන් ඉහලිම්ම ඇත…./

අපි ආපු ගියපු කාපු බීපු තැන්වල කියපුකරපු දේවල් දෝංකාරෙ තියනවා කංවල තාම…./
Quality පමණයි අපි වැදගත් කොට සලකන්නෙ, අනවශ්‍යයි තානාන්තර සහ පුද්ගල නාම…//

බර Feeling එකේ වටමේස Party දාපු සාලේ…

written by Shana

පෙරියමුල්ල | Periyamlla by Big Doggy ft. Costa & Shana [2023]

පෙරියමුල්ල SPECIALTY නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
ගැට ගැහුවා බීච් එකෙ වැල්ලේ සන්ගමේ
අතල් අපිට බ්‍රෝ අද වට වන්දමේ

වැල්ලේ දැම්මෙ ඔට්ටු
ඔන්ඩු ඉර්න්ඩු මූනු
ජාති බේද නැ කෝවිලේ තිබ්බා මම පොට්ටු
නුවර ෆීල්ස් වගෙ
බස් තව බීච්
හිත නිදහස් මාර කොල්ලෝ ප්ලීස්

මචං පෙරිය මුල්ල හන්දියෙන් මාව බස්සන්න
ගෙදර යන්න කලින් වෙරි ටික හින්දන්න
කොස්තා වැඩි කරලා ගනින් මුන්ව පද්දන්න
රැපට බනින උන් පෝලිමට දක්කන්න

මරුවැල් බැදලා මාල කරලා තුවක්කුව
එලියට ආවා කොල්ලෝ ආස මුඩුක්කුව
මේ රැප තමයි උඩ නගින තරප්පුව
අව්වේ කට්ට කෑවත් ගෙවෙන කබල් සෙරෙප්පුව

උඹලා ලෙජන්ඩ් කරපු චරිත එතන පල්වෙලා
පැකේජ් වලට සින්දු ගහලා අවතැන් වෙලා
බෝට්ටුවෙන් ඉතාලි පැනලා යාලු ගල් වෙලා
ඇන්ටා ලග උන්නා නම් අද වෙද්දී හදත් අල්ලා

කල් ඉකුත් නෑ තාම සැර බාල
ඔටෝ පයිලට් එකේ දන්න නිසා පාර
ඔවර්ඩෝස් හිප් හොප් බලපං නහර
ගහපු ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර

පෙරියමුල්ල SPECIALTY නානගේ කොත්තු…

අඩිපුඩි එක්ක බහින්න බෑ තාම සිහිවිකල්
හිරිගඩු පිපෙන දැක්කොත් නුවර පාර නකල්ස්
සුපිරියට දෙන්නම් ඕන් ටැප් ඇරියා මල්ලේ
මාත් බැස්සා ඒනම් හන්දිය පෙරියමුල්ලේ

මෙහෙට බැහැපු නැති උන්ට තලන්න ඕන කස වලින්
එලියේ වගේම ඇතුලේ නැහැ ට්‍රැෆික් වස විස වලින්
වෙල් පැන්ටා අඩි කෝටි ගහලා විස්කි බ්‍රැන්ඩි
ශෝයි බායි එකේ පැද්දා කලපුවේ ජෙට් ස්කී

ඉස්සෝ වඩ මස කඩ මස් කඩ
දුශ්කර නෑ 24 හවර්ස්ම බස් වැඩ
බ්‍රොව්න් බීච් බහින සුප්පා කෑලි දැක්කද
සැප කනේ කොල්ලෝ හිනා වෙන්නෙ දාලා
කොක් හඩ

මෙපිට සුර ලෝකේ අතමිට සරුයි යහමින්
පොර කුකුල් සාම්පල් දාපු සමහරක් තාම දහමින්
රැපේ සුදු මල්ලි මෙකේ තමයි දැම්මේ කෝමේ
උබලට මීගමුව මට කියවෙන්නේම ලිල් රෝමේ

වගකීමෙන් කරුනක්
හොයලා බලපං බොරු නම්
හිතලා මැරුවා නෙවෙයි
ඉබේටම වදන් මැරුනා
ඉතිහාසේ එක් වූ වගයි
මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑවා
ගයියා අද මීගමු වරුනා

පෙරියමුල්ල SPECIALTY නානගේ කොත්තු…

රැප කොතැන
එතන තිබ්බේ සැප
වඩු ආශ්‍රමයක් කොත නෑ කැප
පච්ච කොටලා දිස්නෙට දාලා කැප
ඇස් ඇරලා තියෙන්නේ මුං
ගහලා ජැක

හේටර්ස්ලා වැඩී
වරෙන් කියන්න රහසක්
වකුටු වෙලා ඉන්නවා දකින්න
තමයි උන් ආසා
තිරිසන් ගති හංගන් අපි බෝසත්
තටු ගහන දවසට මදි මේ අහසත්

හම්බකරපු දේට වඩා නැති කරපු දේවල් වැඩී
තනියෙම දුවලා සෙල්ලමේ මටත් දැන් හති
ඉල්ලුවෙත් එකම දෙයයි සිරුවමක් ලග වැටී
දිනන දවසට අම්මා ලග උන්නානම් ඇති

වහන ගියත් තද පාරේ කද මීගමුවට
හිතේ තිබ්බේ ගෙදරයි ලෝකේ වටේ රැගුවට
රැවටෙන්න එපා සුරදූතයෝ අත වැනුවට
මේ හුලග සැපයි මට ඈට රස්නේ දැනුනට

written by Costa, Big Doggy & Shana

සදමාලී | Sandamali by Shana [2023]

මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
ඉද්දි මඟහැරී ගියා වස්සානෙ
කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
මං ළඟට බැස්ස මෙ යක්ශනි
කුණුගොඩේ මැස්සා මං
තේරුම් ගත්තෙ පස්සෙ මං,
ඒත් මම පනපිටින් සඳමාලි..!
සිඳීයන සන්තකේ Salary නිවන් දකී
අනේ අනිච්චං සංසාරේ…!

සඳ වට ගෙතු ගෙත්තම් වගෙ පුංචි තරු රෑන,
මගේ ලෝකෙ වටකරගෙන මට ගෙනා හීන,
දෙන්නෙක් එක්ක බෙදාගෙන කන්න උනා මගේ නෝනා,
හරියට ගුත්තිල මූසිල එකතු වෙලා වැයුවා වගේ වීනා..

ලෙඩ්ඩු ගැන හොයල බලල ලෙඩ කිව්වට දොස්තර,
මම උඹට ආදරෙයි කිව්වෙ හොයල නෙමෙයි විස්තර,
මේ.. ගෙවල් වලට කියමු කිව්වට ඒවා දැම්මා පහුවට උඹේ Address එකවත් කිව්වද බොල මං පුන පුනා ඇහුවට

පැනලා යමු කිව්වා
මමත් ගොනා වගේ ඇහුවා
පැනල ගියපු මුල් දවසෙ මම එලි වෙනකං බිව්වා,
උඹ රහට කෑව ඉව්වා උයලා අත උඩිම්ම තිව්වා
අනේ මං කටක් කාලා කටවල් දෙකක් උඹට අනලා කැව්වා..

උඹ තරුවක් කරලා
මාව පොලවට එවලා
අතර මැද කවි ලියලා දෙවියො ලොකු වරදක් කරලා…
ජීවිත කාලෙ පෙරුම් පුරලා ලඟට ගත්තෙ උඹව ඉඹලා
උඹ ගියා පැදුරටත් නොකියම මගෙ ආදරේ මඟ හැරලා..

උණුහුමට ආස මම දැං ඉන්නෙ හීතලේ..
මගෙ තනිය රැක්කෙ බයිට් එකයි සුරුට්ටුවයි බොතලෙයි..
කලාබරව හිටපු මම රැවටුණා උඹේ රැජිණට හිස්කෝප්ප වටේ තියන්
මං දැං කෙල්ලෙ ගෙදර යන්නෙ රුයිතෙට…

මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම..

බස් එකේදි දැක්කෙ
දැකපු ගමන් වැදුනා බොක්කෙ
ඒකි පිලිවෙකට මුල ඉඳන්ම සෙම ඇරියනෙ හක්කේ..
අන්ද මන්ද උනා ඒකි බස්සපු ලොකු බෝලෙන්, මගෙ උකස් වීම පටන් ගත්තෙ කරේ තිබ්බ මාලෙන්,

කල් ගියා ටික ටික, දින ගෙවුනා එක දෙක, සුදු මුහුන, හුරතලය හැමදේම දැක දැක,
මචං උඹට කොහොම
මම කියල ඉවර කරන්නද පල් වෙලා ඇට්ටි ගැහිලා මචං චොර වෙනවා මගෙ දුක,

කෝටිපති බෑනා, මගෙ නැන්දගෙ සුදු බෑනා..
දුර ඉදන් හොට දානබව මට හොඳින් පේනා,
කාලකන්නි මහසෝනා අරන් ගියා මගේ නෝනා, මගේ කැස්ස වගේ පිටට පොඩ්ඩක් තට්ටු කරපං SHANA

ඔයා මගේ පන කියල
ඔලුව ඉඹලා සිංදු කියල
හිටපු එකී ගියා හොටු හූරපු ලේන්සුවක් තියලා
අපේ අම්මා බත් අනලා කටින් කට මට කවලා අහනවා ” කෝ පුතේ අර උඹේ සුදු නෝනා…?” කියල

දුකයි මචං ගොඩක්, වහ බොන්න හිතුනා අනන්තවත්, රට්ටු අහන ප්‍රශ්ණ වලට කෝබං දෙන්න උත්තර
ලැජ්ජාවේ සංතෝසයි, දාමත් මම තනිකඩයි, උඹ වගේම මාත් බලනවා මංගල කිංකිණි පත්තර

මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම…

written by Shan