පෙරියමුල්ල | Periyamlla by Big Doggy ft. Costa & Shana [2023]

Sinhala song lyrics with music notes illustration

පෙරියමුල්ල SPECIALTY නානගේ කොත්තු
හොයන් ආවා කෙල්ලො ගොඩක් දෙන්න මට තොත්තු
ගැට ගැහුවා බීච් එකෙ වැල්ලේ සන්ගමේ
අතල් අපිට බ්‍රෝ අද වට වන්දමේ

වැල්ලේ දැම්මෙ ඔට්ටු
ඔන්ඩු ඉර්න්ඩු මූනු
ජාති බේද නැ කෝවිලේ තිබ්බා මම පොට්ටු
නුවර ෆීල්ස් වගෙ
බස් තව බීච්
හිත නිදහස් මාර කොල්ලෝ ප්ලීස්

මචං පෙරිය මුල්ල හන්දියෙන් මාව බස්සන්න
ගෙදර යන්න කලින් වෙරි ටික හින්දන්න
කොස්තා වැඩි කරලා ගනින් මුන්ව පද්දන්න
රැපට බනින උන් පෝලිමට දක්කන්න

මරුවැල් බැදලා මාල කරලා තුවක්කුව
එලියට ආවා කොල්ලෝ ආස මුඩුක්කුව
මේ රැප තමයි උඩ නගින තරප්පුව
අව්වේ කට්ට කෑවත් ගෙවෙන කබල් සෙරෙප්පුව

උඹලා ලෙජන්ඩ් කරපු චරිත එතන පල්වෙලා
පැකේජ් වලට සින්දු ගහලා අවතැන් වෙලා
බෝට්ටුවෙන් ඉතාලි පැනලා යාලු ගල් වෙලා
ඇන්ටා ලග උන්නා නම් අද වෙද්දී හදත් අල්ලා

කල් ඉකුත් නෑ තාම සැර බාල
ඔටෝ පයිලට් එකේ දන්න නිසා පාර
ඔවර්ඩෝස් හිප් හොප් බලපං නහර
ගහපු ගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර

පෙරියමුල්ල SPECIALTY නානගේ කොත්තු…

අඩිපුඩි එක්ක බහින්න බෑ තාම සිහිවිකල්
හිරිගඩු පිපෙන දැක්කොත් නුවර පාර නකල්ස්
සුපිරියට දෙන්නම් ඕන් ටැප් ඇරියා මල්ලේ
මාත් බැස්සා ඒනම් හන්දිය පෙරියමුල්ලේ

මෙහෙට බැහැපු නැති උන්ට තලන්න ඕන කස වලින්
එලියේ වගේම ඇතුලේ නැහැ ට්‍රැෆික් වස විස වලින්
වෙල් පැන්ටා අඩි කෝටි ගහලා විස්කි බ්‍රැන්ඩි
ශෝයි බායි එකේ පැද්දා කලපුවේ ජෙට් ස්කී

ඉස්සෝ වඩ මස කඩ මස් කඩ
දුශ්කර නෑ 24 හවර්ස්ම බස් වැඩ
බ්‍රොව්න් බීච් බහින සුප්පා කෑලි දැක්කද
සැප කනේ කොල්ලෝ හිනා වෙන්නෙ දාලා
කොක් හඩ

මෙපිට සුර ලෝකේ අතමිට සරුයි යහමින්
පොර කුකුල් සාම්පල් දාපු සමහරක් තාම දහමින්
රැපේ සුදු මල්ලි මෙකේ තමයි දැම්මේ කෝමේ
උබලට මීගමුව මට කියවෙන්නේම ලිල් රෝමේ

වගකීමෙන් කරුනක්
හොයලා බලපං බොරු නම්
හිතලා මැරුවා නෙවෙයි
ඉබේටම වදන් මැරුනා
ඉතිහාසේ එක් වූ වගයි
මාගම්පුර වැසියෙක් ගෙනහැර පෑවා
ගයියා අද මීගමු වරුනා

පෙරියමුල්ල SPECIALTY නානගේ කොත්තු…

රැප කොතැන
එතන තිබ්බේ සැප
වඩු ආශ්‍රමයක් කොත නෑ කැප
පච්ච කොටලා දිස්නෙට දාලා කැප
ඇස් ඇරලා තියෙන්නේ මුං
ගහලා ජැක

හේටර්ස්ලා වැඩී
වරෙන් කියන්න රහසක්
වකුටු වෙලා ඉන්නවා දකින්න
තමයි උන් ආසා
තිරිසන් ගති හංගන් අපි බෝසත්
තටු ගහන දවසට මදි මේ අහසත්

හම්බකරපු දේට වඩා නැති කරපු දේවල් වැඩී
තනියෙම දුවලා සෙල්ලමේ මටත් දැන් හති
ඉල්ලුවෙත් එකම දෙයයි සිරුවමක් ලග වැටී
දිනන දවසට අම්මා ලග උන්නානම් ඇති

වහන ගියත් තද පාරේ කද මීගමුවට
හිතේ තිබ්බේ ගෙදරයි ලෝකේ වටේ රැගුවට
රැවටෙන්න එපා සුරදූතයෝ අත වැනුවට
මේ හුලග සැපයි මට ඈට රස්නේ දැනුනට

written by Costa, Big Doggy & Shana

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply