හීන හීන | Heena Heena by Big Doggy ft. Pop Punk [2023]

Sinhala song lyrics with music notes illustration

හීන පස්සේ දුවලා
කෝඩුකාර හීන වලට පන දුන්න
හිත හිරි වැටිලා

මට මාව මග හැරිලා
දවසක දුවං එන්නම අම්මේ
ආයේ මම හැරිලා //

හීන මැව්වේ මේ නර වලෙන්
ගොඩ එන්න
උස්මහත් කරපු දෙමව්පියන්
දෙන්නට සලකන්න
හීන වලලන්න කියලා දීපං
රහසේ මේක
මරන්න මැරෙන්නේ මෙහෙයුමක්
කාමකාසේ

හොදම කාලේ ගෙවීයන්නේ
කුටියක
හම්බකරපු කොල කැරකෙයි
සුලියක
උකස් කරපු ජීවිතේට තිබ්බේ
ලංසුවක් මම
මාව මැරුවට උන් ගෙව්වේ මට
අංශුවයි

කතරේ තනි උනාට
හිත තාම ගමේ
මට හති වැටුනම
උබේ හඩ ඇසෙයි
කෝටියක් වටිනවා
කිව්වා මගේ පුතේ
සදාකාලික ආදරේ දුන්නේ
නුඹයි නේද සත්තේ

දින සති ගැන්නේ ආයෙමත්
දැක ගන්න
උඹ අනපු කට රස කර කර කන්න
බොරු නෙවෙයි අම්මේ
මම කිව්වේ සනසන්න
ආයෙමත් වෙනවද අම්මා මට පවසන්න

හීන පස්සේ දුවලා… //

ඉගෙනගත්තු දේට
උරුම නෑ රැකියාවක්
සපත්තු මැහුවා කන්න
හිතේ තිබ්බා මැලියාවක්

තනිකරලා නුඹ
මම කොහෙ දිව ආවත්
මග බලන් ඉන්නවද දොරකඩ
ලග තාමත්
හිර ගෙදර අදට දින 30ක්
කියපං මම නැතුව පත්තු උනාද
ඔහේ ලිපක්
සම්බාරු හොද්දයි දිය රහට බතක්
පිලේ වැටුනට ඇහැ පියවුනේ නෑ රැයක්

පන්සලේ ගන්ටාරේ ඇහුනා මට හීනෙනුත්
පෝදා හද උබ වගේ උතුරු සීලෙනුත්
සිහිය නුඹයි කියවද්දී අවසිහියෙනුත්
උඹට සුබ වෙන්නයි පැතුවේ දෙවියන්ගෙනුත්

මම නැතුව කදුලු බීලා උබ ඇස් පියන්
සරසලා තිබ්බද සාරි වලින් රියන්
පාන්සුකීලේ දීලා පිරිවරම වට කරන්
කියපන් මාව හෙව්වද අන්තිම හුස්මක්
හිර කරන්

හීන පස්සේ දුවලා… //

written by Big Doggy

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply