විසබීජේ | VisaBJAY by Shana [2023]

Sinhala song lyrics with music notes illustration

බර Feeling එකේ වටමේස Party දාපු සාලේ,
එක Call එකෙන් 20/30ක් ගෙන්නවපු කාලේ,
තාමත් එකෙක් දිග දාලා Rolling එකේ,
Finish වෙන්නෙ morning එකේ,
වෙයං කොන්ද කෙලින් එකෙක්
කෝහොමෙන් කෝහොම හරි

ජීවිතේ වැඩි හරියක් ගෙවුනෙ අපෙ පාරේ,
උපතින්ම දාංගලේ මේ කෝමත් වැඩියි නහරේ,
අපිනම් දිල්තෝ පාගල් එකේ,
කෝමත් ඉන්නෙ ආතල් එකේ,
මොලේ ඝන මීටර් එකේ Run වෙන එකෙක් මල්ලෙ…

කිරිසප්පයො තූල් දානවා,
ගැටවරයෝ Cool ගහනවා,
Traffic කාලෙට උහුලන්නෑ රටපුරා Call ගහනවා,..
අපි ගානට බෝලෙ දානවා,
කෝහොම හරි ජිවිතේ රෝල ගහනවා,
රැව්වොත් රැව්වා රැව්වාමයි මහසෝනා උනත් ඔරෝලා බලනවා…!

දැන් Full Decent ගුස්පිය අල්ලපු තිරිසනා ගහේ බැන්දා,
Islanwide “විසබීජෙ” දෙන්නෙ අපි මෙහේ ඉඳන්,
පට්ට ගහනවා ඇහේ ඉඳන්,
මගුලක් කියනවා ඔහේ ඉඳන්,
ට්‍රැක් එක දාන්නෙ 09ට ඒත් කට්ටිය Ready 05හේ ඉඳන්,

කලබල කරන්න එපා කන බොන තැන්වල ආපු,
මිට මොලවල ගහනවා අඬගහලා මෙහෙ එනවාකෝ,
බොට එලෝ එලෝ ගහනවා පම්පෝරි කතා කරොත් කොල්ලො වටකරගෙන ආපහු,
බොලා ඇරගත්තෙ ලෙසි පහසු කටක් නෙමෙයි පෙරකල වහපු..//

ගානට තැනට අඩෝ Enter වෙන්නෙ,
සෙප්පඩවිජ්ජාව දාගෙන නෑඩෝ මේ මන්නං Chater වෙන්නෙ,
බක පණ්ඩිත පොඩි එවුනුත් හීනෙන් Harry Potter වෙන්නේ,
ඉස්සර කරපුවා අපිටත් මල්ලි දැන් දැන් තමයි මීටර් වෙන්නෙ….!

බර Feeling එකේ වටමේස Party දාපු සාලේ…

ජීවිතේ ගොඩක් දෙනෙකි ආව නාව,
වේදනාවෙන් හිතන්නෙ ඇඟිල්ල කනේ ගාව ගාව,
හැමදේම වේදනාව,
රැප උනා භාවනාව,
යන්නම දෙන්නෑ කොල්ලො කියනවා ශානා ඕන තව තව තව තව….!

කොල්ලො කියනවා යන්නම් දෙන්නෑ ශානා ඕන තව තව… තව… තව..!

කෙලවල ගම්(Glue) Auto ඇලවෙන්නෙ,
හෙලවෙන දත් Auto ගැලවෙන්නෙ,
කෙළ බිඳක් නෑ කටින් හොලවන්නෙ,
මරිවානා නම් පස්සෙන් එලවන්නෙ,

එළිවෙනකම් ආතල් දානවා
වරකෙට ක/කො කාක්කොත් වහනවා,
ඔලු හිරකරගෙන බැරි බර කරේ තියන් කළු සුරුට්ටුව බිබී තේ එකක් ගහනවා..!

කවුද මන්ද මට කෝලක් ගහනවා
මං දන්නෑ මං පාරක් ගහනවා,
Empty මාරු ගල් කාලක් ගහනවා,
පාරක් ගානෙ අපි කරක් ගහනවා…!

ගෙවුනු කාලෙක ඉහත
ඒ උන්නු එවුන් දැන් නැත,
කීවා නොකීවා මාහිතෙ එවුන් ඉහලිම්ම ඇත…./

අපි ආපු ගියපු කාපු බීපු තැන්වල කියපුකරපු දේවල් දෝංකාරෙ තියනවා කංවල තාම…./
Quality පමණයි අපි වැදගත් කොට සලකන්නෙ, අනවශ්‍යයි තානාන්තර සහ පුද්ගල නාම…//

බර Feeling එකේ වටමේස Party දාපු සාලේ…

written by Shana

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply