මං මාරයි (Remake) | Man Maarai (Remake) by Kelwiz [2023]

Sinhala song lyrics with music notes illustration

අඩේ මං මාරයි මං ගෙවපු ජීවිතේ පුදුමාකාරයි
සල්ලි නැති නිසා හිතුවේ ජීවිතේ මං පරාදයි
නිදාගත්තේ හීනත් එක්ක ජීවිතේ ගෙවිලා ගොඩක්
බොරුවට ලං වුන මිනිස්සු තියලා ගියා පිරිච්ඡේදයක්

පෙරලුවා පිටු මං කාලා කට්ට දැන් ඉන්න තැන පට්ට
ඒ කාලේ රැවටුනේ මිනිස්සුනගේ බොරු හිනාවට
කව්රුත් දුන්නෑ උදව් කරන්න මගේ හීන පාට
ආවා ගියා මිනිස්සු රිදෙව්වා බලපන් හද පාර

ඉගෙන ගත්තා ටික කාලයක් මං ජීවිතේ අකුරු
සීනි නැති දාට කන්නේ අපි පැනි රහට හකුරු
අතුරු මිතුරු කොහෙද බන් හිත යටින් උන් හතුරු
හොයාගෙන තියෙන්නේ මගේ හීනෙට මං යතුරු

මනසින් හිතපන් වයසින් බාලයි මං අත්දැකීම් වලින් බහුලයි
බොරුව හිස උඩ තියාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නේ වරුවයි
දැම්මට කලු කොට් ටයි වෙන්න බෑ උබට මනුස්සයෙක් මනසින්
හිනාවත් එක්ක ලගින් ඉදලා ගොඩක් ඇන්නේ මට රහසින්
පාරක් වරදිද්දි නැගිට්ටා මන් දෙපාරක්
ගල්පර දැක නැවතුන්නැ දිය ගියා ගලන්
කොහේ ගියත් ගෙදර එනකන් ඉන්දි අම්මා බලන්
හදවතට වඩා දුන්නා මොලේට මන් සවන්
රුක්ශයක් සරුසාරයි ලැබුනොත් නිසි පෝෂනේ
යක්ශයා සැරිසරන්නේ ඇගෙන් කාලා භෝජනේ
විශ්වයක් කරන්නම් වචන වලින් මං මොහනේ
මැරෙන බව දැනන් කරන්නේ ඇයිද සොබනේ

කුරිරුයි ජීවිතේ ඒයි… පැරදුනු තැන් බොහොමයි ඒයි…
තනියම හිතින් දුක තුනී කරගත්තේ….
ආදරේ ලැබුන්නෑ ඒයි… බොරුවෙන් පිරිලා ජීවිතේ…
බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි….
කුරිරුයි ජීවිතේ ඒයි… පැරදුනු තැන් බොහොමයි ඒයි…
තනියම හිතින් දුක තුනී කරගත්තේ….
ආදරේ ලැබුන්නෑ ඒයි… බොරුවෙන් පිරිලා ජීවිතේ…
බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි….
ඉඩෝරයක් පස්සෙන්
වස්සානයක් ලුහුබදින්නේ
සිත් තැවුලක් හිත් පතුලේ
සැනසීමෙන් දුවන්නේ
ලස්සන මතක තමයි
ජීවිතේ හීන තනන්නේ
දුප්පත් මිනිසෙකුගේ අදහස්
වචනෙන් මවන්නේ
දැක්කා
වැරදි පාරවල්
ඒත් ගියෙ හරි පාරේ මන්
නොමැරී මැරුනා සින්නා වුනා
තිබ්බ හැමදේම
සැනසී වැනසී මත්වෙලා හීනෙට
කඩන් ආවා රමුවක්

ඕන පස්ගොඩක් පුරුදුයි
දෙපතුල් ගෙවුනත් එපා වරුවක්
විශ්වාසෙන් මන් ආවේ
ඒකයි ඉන්නේ දාරිතාවෙන්
කාවවත් මනින්න බෑ
දෙඇසින් දකින පරිමාවෙන්
බොරු මිථ්‍යාවෙන් මත්වෙලා
වැඩක්ද ඇත්තයි උඩට ආවේ
කාලයක් තිබ්බා ඇවිද්දා
ඔව් මමත් තද නහරෙන්
හිතින් හොයද්දි ආදරේ
මනස හෙව්වා සල්ලි
අනාගතේ ගැන
මං මටම කියවද්දී
ඇදපු හීන
අදුරෙම දිය වෙද්දී

අවංක කම තිබ්බා
හීතේ නොවෙනස් වී…
කුරිරුයි ජීවිතේ ඒයි… පැරදුනු තැන් බොහොමයි ඒයි…
තනියම හිතින් දුක තුනී කරගත්තේ….
ආදරේ ලැබුන්නෑ ඒයි… බොරුවෙන් පිරිලා ජීවිතේ…
බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි….
කුරිරුයි ජීවිතේ ඒයි… පැරදුනු තැන් බොහොමයි ඒයි…
තනියම හිතින් දුක තුනී කරගත්තේ….
ආදරේ ලැබුන්නෑ ඒයි… බොරුවෙන් පිරිලා ජීවිතේ…
බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි….
තේරුම් ගත්තා
වරදින්න ලොකුම හේතුව
දුන්න නිසයි කන්
මේ උණුවෙන හදවතට
බේර ගත්තා
නැති වෙන්න යද්දි මං මාව
දැක්කා හිතින් නොදැකපු
පැති ගොඩක් එමට
තිබ්බොත් වාසි
මිනිසා කැරකෙයි අවාරෙට
දිව්වොත් රහසින්
යන්න පුළුවන් වෙයි ගොඩක් දුර
කාගෙත් පහසින්
මකන්න බෑ ඒ තනිකම
මටත් රහසින්

මේ හිත දිව්වා අදුරට
එළිය හොයන් යන්න
ගිලෙන්න ඕනේ අන්ධකාරේ
ප්‍රෙහෙලිකාවක් වුණ මේ
ජීවිතේ දැක්කා වැටුණු පාරෙන්
ගොඩක් අත්දැකිම් ගත්තා
ජීවිතේ ගෙවුනු ගැබුරු කාලෙන්
සිනහවකින් සමු දෙන්නම්
සැවොම ඉන්න කියලා සාමෙන්
දැනෙද්දි පතුලට දුක උනා මේ හිත හයිය
වැවුනත් සරුවට රුක් අයිති උනා පසට
පෙවුනත් එළිය තාම ඇවිදින්නේ අදුර මත
බොරුව ලේසිය ඇත්ත තරම් අමාරු නැත
දේවල් කරත් රහසින් කවදා හරි එළි වේ
තේජාන්විත හැගිමකින් ඉන්නම් ආපු ගමනේ
සීමාන්විත බවක් නෑ තිබ්බේ මං හීන අතරේ
කව්රුවත්ම එතෙර උන්නෑ දැකපු සසරෙන්
සමුගන්න ඕනමයි උපතක් වෙන සෑම කෙනෙක්
වපුරන්නේ ක්‍රෝදේ ඇයි බැරිද සරසන්න ලෝකේ
අදුනන්නේ බොහෝ දේ ඔව් දැක්ක නිසා ඇසින් අර්තේ
දුක් වන්නේක් වෙන්නෙපා හැරලා බලද්දී ගිය අතීතේ

written by Kelwiz

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply