සිලිලාරේ | Sililare by Sajitha Anthony [2023]

වැද හමන මඳ පවන් විඳ
දිගු නෙරිය පට දෙපට කොට බලා
වට මට සිළිටි වටොර පිට තබා
රන් පෙඳක් සදිසි සුර සිරියාවි සොයා
ආවෙමි බොහෝ කල් ගෙවා
දුර නොදුර නොබලා නොඅසා මිහිරාවී

සිලිලාරේ මල්පාරේ ගංතීරේ
ඇවිදින්න ඕනේ
මංදාරේ ලංකාරේ
හීන් සැරේ විඳගන්න බෑනේ //

නාදලු පිණි මුතු කැකුලේ
නිල්මිණි සර නෙත් සඟලේ
පොරිමල් හිනැහෙන දෙතොලේ
ආදර තොඳොලක් තෙපලේ

මල් මදේ පැඟිරි නුරාවේ
ආදරේ මිහිර ගෙනාවේ
සංහිඳේ උකුල් තලාවේ
රන් බඳේ වැතිරෙන්න ආවේ

written by Jackson Anthony

sajitha anthony,jackson anthony,sanuka wickramasinghe,sanuka wicky,sajcreations,natu natu song,ajith kumar,new zealand national cricket team,akurata yana welawe,raigam tele awards,perawadanak,aurudu songs,api eka rane,sirilaka piri awurudu siri,saragaye,jaya siri,sansarini,hiru mega blast 2023,jaanu 2020,nadeemal perera,kawadiya,sl vs nz,nadagamkarayo,gejji gigiri sadde,sara,wayo

2021 LPL ගීතය | 2021 LPL Song by B&S, Yohani, Sajitha & Umaria

ක්‍රිකට් ලොව කලබා
පිටිය යලි සරසා
එක්ව ජයගමු
ලොවම ජයගමු
සිංහ නද පතුරා

ක්‍රිකට් තරු දිලෙනා
අපේ කම රකිනා
තරඟ බිම හිඳ
ලොවම කලඹන
සිංහ නද පතුරා

එක්ව ජයගමු
රොක් වී ජයගමු
සටන ජයගමු
රටම ජයගමු
ලොවේ සිව්දිග
ජය ගී හඬ නංවා

එක්ව ජයගමු
රොක් වී ජයගමු
සටන ජයගමු
රටම ජයගමු
ලොවේ සිව්දිග
ජය ගී හඬ නංවා

The cricket world is on fire
The wickets calling out to you
It’s the sensation – of the generation
Can you hear the lion’s roar

It’s the battle of the champions
It’s the glory of the nation
It’s a celebration – It’s a revolution
You can feel it everywhere

Winning together
Striving together
Rising together
Glowing forever
LPL is the moment we win together

tamil part

වරම් අරන් පිත්ත වනන්
අපි ගහන සැරට පන්දුව දැල්වෙන්නේ
දෙනෙත් ඇරන් ඉන්න බලන්
අපේ වේගේට මේ කඩුලුත් ගැලවෙන්නේ
ජය ඝෝෂා පපරේ සද්දේ මැද
පිටියත් අපේ තාලෙට පැරදෙන්නේ
ශ්‍රී ලංකා සිංහ පිටිය ළඟ
කවදත් එක් වී ලොව ජයගන්නේ

ක්‍රිකට් ලොව කලබා
පිටිය යලි සරසා
එක්ව ජයගමු
ලොවම ජයගමු
සිංහ නද පතුරා

ක්‍රිකට් තරු දිලෙනා
අපේ කම රකිනා
තරඟ බිම හිඳ
ලොවම කලඹන
සිංහ නද පතුරා

එක්ව ජයගමු
රොක් වී ජයගමු
සටන ජයගමු
රටම ජයගමු
ලොවේ සිව්දිග
ජය ගී හඬ නංවා

එක්ව ජයගමු
රොක් වී ජයගමු
සටන ජයගමු
රටම ජයගමු
ලොවේ සිව්දිග
ජය ගී හඬ නංවා

අපේ කොල්ලෝ | Ape Kollo by Bathiya & Santhush ft. Yohani & etc

මුලු පිටියම දෙවනත් කර
ජයගමු නොසැලීම
පසු නොබසින අදිටන ගෙන
හැප්පෙමු පෙර සේම

ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ

වැට කඩුලු බ්ද කඩුලු ගමු
සිත සවිය කොට පිටිය ජය ගමු
වැටෙන තැන නැගිට යමු සිහ
නදින් මුළු ලොවම කලබමු

අද බබලන මුතු ඇට ඔබ
මත දුදලපු මුතු කැට එළි
රල බිදගෙන පෙරටම යමු
බාදක බ්ද ගෙන රට

හද ගැස්මන් නවතින තැන
නංවමු ජය රාවය
මුලු ලෝකෙම දන්නම නම
දිනවමු සැමදාම

ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ

සිංහල සිංදු (Mashup) | Sinhala Songs (Mashup) by Sajitha ft. Nadeemal

උන්මාදිනි හැංගුනා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගේ අංගනා

සීත මාරුතේ
හිත වාවන්නේම නෑ
වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ අයෙත් එන්නෙ නෑ
ඔබ මට ආදරේ කියූ
මතකය හීනයක් වගේ

ඈත මීදුමේ
කිරි කොඩු මෑදියම් රෑ
දිදුලන පුන් සඳක් වගේ
දුන් හීන එලිවෙන් නෑ
එළියයි ඒ හැඟුම් හිතේ
ඔබමයි ජීවිතේ මගේ

මා හදේ වෙළෙනා
ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගේ

නීල දෑසේ දුටුවා
ඔබෙ පේ‍්‍රම ආලිංගයේ

ගීත රාවේ දැනුනා
සොඳුරු දෙහද රන් සත්සරේ
මාහදේ
සීතලෙන් මා වෙලි
දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඈයි ආදරී
ඔබ යන්නේ ඈයි ආදරී

මගෙ සිහිනේ ඔබයි
මල් මී සුගන්දේ
නැලවී වෙලී
මගෙ සිහිනේ ඔබයි
මල් වැල් ගොතන්නී
තනි යහනේ නොවෙයි
වෘන්දා වනේ
නිල් විල් තලාවේ
ආදරයේ
කිමිදී මිදී
කොයිදැයි විඳින්නේ
හද උණුසුම ඔබයි
සැන්දෑ සුවේ
රන්මිණි මෙවුල්දම්
ඇහෙනා වෙලේ
කෝ කොයිද රාධා
උන්මාදිනි

මල් පැන් පොදක්
කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට
ඔබේ ආදරේ

ඔබගෙන් තරම්
ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම්
බෝහෝමයි හැගුම්

මල් පැන් පොදක්
උන්මාදිනි
කිනිත්තක් අගින්
හැංගුනා
ඉසින්නා වගෙයි මට
අනුරාග දෑසින් බලා
ඔබේ ආදරේ

ඔබගෙන් තරම්
සොඳුරුයි සුපෙම්
ලැබූ පෙම් වදන්
ලෝචනා
ඉතිං ආදරෙයි නම්
නෑසෙයි නුඹේ ගායනා
බෝහෝමයි හැගුම්

අහසක් අහසක් තරම්

නාඩගම්කාරයෝ (Theme Song) | Nadagamkarayo (Theme Song) by Sajitha Anthony [2021]

හසරක් නොපෙනෙන
මගදිග සපැමින
අයාලයේ ආ ගමනක්

බහුරූ කෝලම්
විසූක දස්සන
කතුරක් නොමැතිව
ඇසකන රවටන

මේක නාඩගම් මඩුවක්

හනි පනි ගාගෙන වැටුනු වලෙන්
ගොඩ එන්නට දගලන අතරේ

හනි පනි ගාගෙන වැටුනු වලෙන්
ගොඩ එන්නට දගලන අතරේ

කකුලෙන් ඇද යලි
වල මත රදවන
කකුලෙන් ඇද යලි
වල මත රදවන
වග වලසුන් ඇත නුහුරේ

මිනිසත් කම මිස
රුවගුන නොතකන
උත්තම ගුණ ඇති
බොසත් වරුනේ

මිනිසත් කම මිස
රුවගුන නොතකන
උත්තම ගුණ ඇති
බොසත් වරුනේ

ඔබ පෙන්වන් මග
දිගටම යනු හැර
ඔබ පෙන්වන් මග
දිගටම යනු හැර
අන්කිසි පිහිටක් නොපෙනේ

හසරක් නොපෙනෙන
මගදිග සපැමින
අයාලයේ ආ ගමනක්

බහුරූ කෝලම්
විසූක දස්සන
කතුරක් නොමැතිව
ඇසකන රවටන

මේක නාඩගම් මඩුවක්

කළුවර | Kaluwara by Sajitha Anthony [2020]

වෙස් තට්ටට උඩින් වරෙන්
අයිලෙ යටින් රිංගා වරෙන්
මේ කප අරගන්ඩ වරෙන්
නාග දරණ ඔඩ්ඩි යස්සනී

මට වින අරගන්ඩ වරෙන්
මල් වියනෙන් බැහැලා වරෙන්
යහන් තලා රූ පරලේ
පහන් නිවමු කීල පන්දමේ

කළුවර කළු දෙයියෝ
මල්වර මල් දෙයියෝ…

තල මල කපා මල ගොබ හපා
වලඋඩ දපා තුලුඅඟ පපා
මට ලේ බොන්න දිය මරු වැල අන්දපිය
කරුවල සංගෙදිය
දරු ගැබ වසාපිය

තී මට දැපනෙ වරෝ මයෙ කීල යස්සනී
වී ඇට විලඳ පරමල් කෑ බවලත්තී
රන් පොට ලමැද කිරි පබුලුවෙ දැවටිච්චී
වංගෙඩි පලන හනුමන්තට රැවටිච්චී
මල්වර රැයේ කළුවර වී ඉපදිච්චී

ඇල ලීලාවේ මුරුගසං වරුසාවේ
කළුකුමාර දරන මංගල්ලේ
මයෙ පපුව බල ඇවිලෙන ගින්න බල
තුනුවිල වතුර තුල කිමිදෙනා
දාර නාගයා
ලෝදිය කල්කේ වමාරා
මල් යහන් ගිනිලෑවෝ

ඒ ගිනිකඳ බෝවී
ලෝ තුල ලඳුන් බිලි වී ගිනිකඳු නිවී හලු වී
හත්තිලව්වේ…

උනු අලු පල්ලෙන් නැගී ආවෝ
කළුවර කළු දෙයියෝ
මල්වර මල් දෙයියෝ….

ස්වර්ණපාලියේ | Swarnapaliye by Sajitha Anthony ft. SANUKA [2017]

දොරමඬලේ ගිණිවැදුණේ
තුන් හිතේ ගින්දරායි දෙයියෝ…

සංසාරේ දුර ආවේ තනියෙන්ද මා
ඒ පාර සරසන්න මල් පිපුණෙ නෑ
වස්සානෙ ගිම්හානෙ උන්නේද මා
ඒ වෙනස මට දැණුනෙ නෑ

කාලයේ බින්දු හේඩාවේ
පාළුවේ අන්ධ මායාවේ
ආදරේ උරුමයද මම හෙව්වෙ
ස්වර්ණපාලියේ
වංශයේ ධීර ධාරාවේ
අන්තයේ ඈත සේයාවේ
ආදරේ උරුමයට මට දුන්නු
ස්වර්ණපාලියේ

ළැම ගින්න හිත පල්ලෙ ඇවිලී ගියා
පොද වැස්ස සංසාර ගිණි නිව්වෙ නෑ
රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා
මං ගාව ඔබ උන්නෙ නෑ

කාලයේ බින්දු හේඩාවේ
පාළුවේ අන්ධ මායාවේ
ආදරේ උරුමයද මම හෙව්වෙ
ස්වර්ණපාලියේ
වංශයේ ධීර ධාරාවේ
අන්තයේ ඈත සේයාවේ
ආදරේ උරුමයට මට දුන්නු


ස්වර්ණපාලියේ
දොරමඬලාවට යන්න පියඹාගෙන
එන්න සැරිසරන්න පඬුඅබා
කථා වස්තුව මුල සිට අගට මෙන්න
භද්දකච්චායනා කුමරි පඬුවස්දෙව් රජ මහේසිකාවි
වදාපි කුමරුන් දස දෙනෙකි
එකොළොස් වැන්නි චිත්රා දේවි එක්ටැම් ගේක
දීඝ ගාමිණීට දාව උපදින කුමරු මැරුමට
මාමාවරුන් පැමිණ වැදුම්ගෙට බලන කල
කුමරියකි චිත්රා ළඟ කුමරු නොව
කුමාරයෙක් ලැබුණොත් චිත්රාවට
මාරක අපලයි මාමාවරුන් දසදෙන හට!
දසතින් සේනා පිරිවරාගෙන පැමිණ මරති පුංචි කොලු ගැටව්
දිය කෙලින කුමරු ගස් බෙනයක සැඟව නරඹ නිහඬව හඬමින්
මිතුරු ලෙය දෑතට ගෙන සිතමින්
“මව්බිම මම සුරකිමි.මව්බිමේ උරුමයට කැපවෙමි”
සුරතින් අසිපත දරාගෙන අධිඨන ගෙන ගියෙ
සිංහනාද පතුරවමින් හෙළය ජයගනිමින්!!!

අසිපතේ තැවරුණේ ප්රේමයයි
උන්මාදිනියේ මා ළයේ වැගිරුණේ ස්නේහයයි
දොරමඬල ගිනිබත් වී
එ ගිනි කඳ හද පත් වී
ආදරේ උරුමයට මට දුන්නු
ස්වර්ණපාලියේ

ස්වර්ණපාලියේ
ස්වර්ණපාලියේ
ස්වර්ණපාලියේ

ආදරේ උරුමයට මට දුන්නු
ස්වර්ණපාලියේ

සීත සන්තෝසයේ | Seetha Santhosaye by Sajitha Anthony [2019]

ඉගිලී ගියා
දුර ඈත අක්ෂාංෂයේ
මිහිරක් උනා
මේ සීත අවකාෂයේ
හිත හිනැහුනා
සීත සන්තෝෂයේ…..

ඈත හිම යාය පීදිලා
හිව්ඩු තුඩු සුවඳෙ ඇහැරිලා
මල් කෙමියෙ රොන් ඉතිරිලා
වස්සානෙ හිම පිණි සලා
හිනැහුනා…. දිළිසුනා…
අපි සීත සන්තෝෂයේ සැනසුනා

නුවරු හිම කබා පොරවලා
සීත විඳගන්න මැළි වෙලා
මගේ සමණලිය තටු සලා
මාතුරුල්ලේ ගුලි වෙලා
හිනැහුනා… දිළිසුනා…
අපි සීත සන්තෝෂයේ සැනසුනා

නාඳුනන දුර දේෂයේ
මං අඳුනන්නෙ මගෙ ආදරේ
ඉන්න මා තුරුලෙ මිහිරාවියේ
මේ සීත සන්තෝෂයේ……

ඈත හිම යාය පීදිලා
හිව්ඩු තුඩු සුවඳෙ ඇහැරිලා
මල් කෙමියෙ රොන් ඉතිරිලා
වස්සානෙ හිම පිණි සලා
හිනැහුනා…. දිළිසුනා…
අපි සීත සන්තෝෂයේ සැනසුනා

ආදරේ (Cover) | Adare (Cover) by Sajitha Anthony & Buvi [2019]

අහස පොලව උහුලනවලු
ඉරත් හදත් මූහු වෙනවලු
පටන් ගත්තු දාට ආදරේ

සිනහ පදුරේ
කදුලු සුසුම් පොකුර ආදරෙ
නෙතට පිරිත් පැන් ඉහිනා
සිදුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා
සිදුර ආදරේ
කදුලු වගුරේ
සිනහ පොට්ටු වඩන ආදරේ
සිතට තට්ටු කරන
සිහින කෙවිට ආදරේ

ආදරේ…ආදරේ…
ආදරේ…ආදරේ…

අවේලාවේ හීන මවන
හීන මානේ දෙපලු කරන
මුරන්ඩු කම දුන්නු ආදරෙ
රෑ තුන්යම
රෑ තුන්යම පාළු මකන
තනිවම හිනැහෙන මුමුණන
තුරුනු සිරිත සොදුරු ආදරේ

ආදරේ…ආදරේ…
ආදරේ…ආදරේ…

සාගරේට කදුලු හදන
මහ සුලගට සුසුම් බෙදන
විනයක් නැති දැහැන ආදරේ
හිතෙන් හිතට
හිතෙන් හිතට ඉව අල්ලන
නෙතින් නෙතට මාරු කෙරෙන
දාර්ශනික දහම ආදරේ

අහස පොලව උහුලනවලු
ඉරත් හදත් මූහු වෙනවලු
පටන් ගත්තු දාට ආදරේ

සිනහ පදුරේ
කදුලු සුසුම් පොකුර ආදරෙ
නෙතට පිරිත් පැන් ඉහිනා
සිදුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා


සිදුර ආදරේ
කදුලු වගුරේ
සිනහ පොට්ටු වඩන ආදරේ
සිතට තට්ටු කරන
සිහින කෙවිට ආදරේ

ආදරේ…ආදරේ…
ආදරේ…ආදරේ…
ආදරේ…ආදරේ…
ආදරේ…ආදරේ…

තරු දහසක් | Tharu Dahasak by Sajitha Anthony [2019]

තරු දහසක් ගෙතූ මල් කලා
ඔබයි මමයි ගැන කතා කලා
වරු ගණනක් තරු බල බලා
ඉන්න ආසයි හිරිමලා

තරු දහසක් ගෙතූ මල් කලා
ඔබයි මමයි ගැන කතා කලා
වරු ගණනක් තරු බල බලා
ඉන්න ආසයි හිරිමලා

අදුරේ එලියේ
මගෙ නාඹර හිත පතුලේ
අහසේ ගැඹුරේ
මණ්දාකිනි තරු පොකුරේ
ඔබවයි පෙනෙන්නෙ හිරිමලී
මට පාර පෙන්නන්න ගින්දරී

වරු ගණනක් කල් හිනැහිලා
අඩනවා මම දැන් තනි වෙලා
අහස් ගග තරු ඉතිරිලා
නුඹ නෑ සද ලගින් පායලා

වරු ගණනක් කල් හිනැහිලා
අඩනවා මම දැන් තනි වෙලා
අහස් ගග තරු ඉතිරිලා
නුඹ නෑ සද ලගින් පායලා

රොබින් කුරුල්ලෙක් සින්දු කිව්වේ නෑ
පරපුටුවා මිහිරට ගී ගැයුවා
මගේ හෘද සින්දුවේ පදමාලා
අනන්තයට ඇහුනේ නෑ
මගේ ගීය ඇහුනේ මටම පමණයි

අදුරේ එලියේ
මගේ නාඹර හිත පතුලේ
අහසේ ගැඹුරේ
මණ්දාකිනි තරු පොකුරේ

අදුරේ එලියේ
මගේ නාඹර හිත පතුලේ
අහසේ ගැඹුරේ
මණ්දාකිනි තරු පොකුරේ
ඔබවයි පෙනෙන්නෙ හිරිමලී
මට පාර පෙන්නන්න ගින්දරී