තරු දහසක් | Tharu Dahasak by Sajitha Anthony [2019]

තරු දහසක් ගෙතූ මල් කලා
ඔබයි මමයි ගැන කතා කලා
වරු ගණනක් තරු බල බලා
ඉන්න ආසයි හිරිමලා

තරු දහසක් ගෙතූ මල් කලා
ඔබයි මමයි ගැන කතා කලා
වරු ගණනක් තරු බල බලා
ඉන්න ආසයි හිරිමලා

අදුරේ එලියේ
මගෙ නාඹර හිත පතුලේ
අහසේ ගැඹුරේ
මණ්දාකිනි තරු පොකුරේ
ඔබවයි පෙනෙන්නෙ හිරිමලී
මට පාර පෙන්නන්න ගින්දරී

වරු ගණනක් කල් හිනැහිලා
අඩනවා මම දැන් තනි වෙලා
අහස් ගග තරු ඉතිරිලා
නුඹ නෑ සද ලගින් පායලා

වරු ගණනක් කල් හිනැහිලා
අඩනවා මම දැන් තනි වෙලා
අහස් ගග තරු ඉතිරිලා
නුඹ නෑ සද ලගින් පායලා

රොබින් කුරුල්ලෙක් සින්දු කිව්වේ නෑ
පරපුටුවා මිහිරට ගී ගැයුවා
මගේ හෘද සින්දුවේ පදමාලා
අනන්තයට ඇහුනේ නෑ
මගේ ගීය ඇහුනේ මටම පමණයි

අදුරේ එලියේ
මගේ නාඹර හිත පතුලේ
අහසේ ගැඹුරේ
මණ්දාකිනි තරු පොකුරේ

අදුරේ එලියේ
මගේ නාඹර හිත පතුලේ
අහසේ ගැඹුරේ
මණ්දාකිනි තරු පොකුරේ
ඔබවයි පෙනෙන්නෙ හිරිමලී
මට පාර පෙන්නන්න ගින්දරී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *