ආදර වසන්තයට | Adara Wasanthayata by Raveen x Kalpana

බද නලවාලා නාලා සිනා දියේ
කලබල වීලා හැරිලා ඇගේ හැපේ //
ඇස කරකෝලා
මල් දම් දාලා
තොල් පෙති ගාලා
පාට නානවානේ..
ඇස කරකෝලා
මල් දම් දාලා
තොල් පෙති ගාලා
පාට නානවානෙ දේවී

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

ආ තේරුනා
පුංචි නැහැනෙ මිරිස් කරල
දුම් දමනවා
ඈත පෙනෙනවා

හා බේරුනා
හිතා ඉන්නෙ එහෙම නේද
බස් දුවනවා
ඈත පෙනෙනවා

හිත පටලෝලා
ගත වෙව්ලාලා
මුර පද දාලා
භාර කරනවා…නේ
හිත පටලෝලා
ගත වෙව්ලාලා
මුර පද දාලා
භාර කරනවානෙ ආයෙ

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

written by Kusala Vidanapathirana

හිතා මතා | Hitha Matha by Raveen Tharuka ft. Dulan ARX

ඈ.. මුදු කෝමලී මා
දෙස යලි හැරීලා
රිසි සේ බැලුම් හෙලාලා..

පෑ.. ඉඟි මා වෙලාලා
සුසුමන් විදාලා
හිත මා දුකින් මුදා..
කෙල්ලෙ !!

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා

මන බැඳුණු කිංකිණි කතාව
නෙත ගැටුනු නිතඹ ලතාව
එදා ඉඟි බිඟි කල රටාව
හද කිති කැවී ගියා..

නුඹ මගේම නොවෙද හිතාන
හිත ඇඳුනු නුඹම පතාන
ආවෙ යන්න අරගෙන ඔතාන
කෙල්ලෙ නුඹ තමා කෙනා..

රුව ආයේ දකිනා දින හද මාගේ වයනා..
මුදු තාලයෙන්ම ආයේ මත් උනා

රුව ආයේ දකිනා දින හද මාගේ වයනා..
මුදු තාලයෙන්ම ආයේ මත් උනා

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා

නුඹේ ලතා..
දැක්ක හිත වගෙයි තනි ඇතා..(ඇතා)
නුඹ පතා
ඇදබෑවේ බේගල් ගොත ගොතා..(ගොතාාා)

බින්න බැස්සත් නොබැස්සත් මං උස්සන්නෙ කෙල්ල
මං කැස්සත් නුරුස්සන්නේ ආලෙට නේද ?
බැස්සත් විස්සක් කාටත් නෑ මෙල්ල
දැං විස්සත් පැන්නා හරි කාලේනේ නේද ?

වයන්නම් මං ආලේ සිතාරේ
ගලං යන්නේ මගේ ආලේ පිටාරේ..
දුන්තත් හිත නුඹ අවාරේ
ගැහුවත් කනපිට ගති නං නෑරේ මගේ..

මුදාගත්තේ අලකලංචියෙන් (හාහ්)
ගනිච්චියක් නෑ දැන් තහංචියෙන්..(හාහ්)
අතගන්නෙ වෙන්නෑ තොලොංචි මං
අංචි අදින උන්ට දෙන්නෙ පලංචියෙන්..

කෙල්ලෙ..!

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube