අප හමුවීම වෙන්වීම | Apa Hamuweema Wenweema by Namal Udugama

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්…

පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්‍රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්…

රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්‍රාර්ථනා

අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්…

රෑ සිහිනෙන් | Ra Sihinen by Namal Udugama

රෑ සිහිනේ
ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැවින්
ඔබ ගැන සිත ලතැවෙනවා

මේ බැදුණු සෙනේ
කෙලෙසද මා පවසන්නේ
ආදරිය කියා කෙදිනද
මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ

රෑ සිහිනේ
ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැවින්
ඔබ ගැන සිත ලතැවෙනවා

ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ
සැනසුම් මා ලැබගන්නම්
කුමරියනේ
කිමද මා ගැන නොසිතන්නේ

රෑ සිහිනේ
ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැවින්
ඔබ ගැන සිත ලතැවෙනවා

නුවර වැවට | Nuwara Wawata by Namal Udugama

නුවර වැවට හාදු දිදී
මානෙල් මල් පිපුණු තරම්
සොඳුරු සිතට රුවැත්තියේ
ඔබ එනවද හාදු අරන්
මැදියම් රෑ ගිනියම් සඳට
සිසිල වෙන්න තාරකා ඉතින්
සිසිල වෙන්න තාරකා ඉතින්

උඳුපියලිය ලා තණ නිල්ල
සෙවණ සදන උණ බට පඳුර
අද රෑටත් ඉරබට තරුව
පායාවිද හිතේ ඇල්මට
මැදියම් රෑ ගිනියම් සඳට
සිසිල වෙන්න තාරකා ඉතින්
සිසිල වෙන්න තාරකා ඉතින්

නුවර වැවට හාදු දිදී
මානෙල් මල් පිපුණු තරම්
සොඳුරු සිතට රුවැත්තියේ
ඔබ එනවද හාදු අරන්
මැදියම් රෑ ගිනියම් සඳට

හන්තානේ සුළං රැල්ලකින්
සැන්දෑ හිරු ගලා ගිය සැණින්
රන්ඳා දෙව්රේම සෙනෙහසින්
සිපගන්නම් රෝස දෙකම්මුල්
මැදියම් රෑ ගිනියම් සඳට
සිසිල වෙන්න තාරකා ඉතින්
සිසිල වෙන්න තාරකා ඉතින්

නුවර වැවට හාදු දිදී
මානෙල් මල් පිපුණු තරම්
සොඳුරු සිතට රුවැත්තියේ
ඔබ එනවද හාදු අරන්
මැදියම් රෑ ගිනියම් සඳට

මා මුව අගින් | Ma Muwa Agin by Namal Udugama

මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට
මගේ හද නොලැබෙන්නේ



රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා
රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා

මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට
මගේ හද නොලැබෙන්නේ



මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ
මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ

මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක්
ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට
මගේ හද නොලැබෙන්නේ