in Piyath Rajapakse

සීදේවී | Seedevi by Piyath Rajapakse [2024]

කොළඹට ඇවිත් දින ගනන් ගෙවිලා
අතමිට දැන් සරුසාර වෙලා
එන්න එන්නම හැඩ වැඩි වෙනවෝ
නගරේ කෙල්ලෝ මට වහ වැටිලෝ

තවත් ගෑනු එපෝ
මට ඉන්නවා බිසෝ //
උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේ
උන්දෑ මං එනකං මග බලන් ඉන්නේ

සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
හරි අහින්සක නුබේ පැටියා

නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ
හරි කරදරේ මාව දැකලා

සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයා
සීදේවී මම නුබේ හැලයා

සුවඳ සඳුන් ඇගෙ ඇඟ ගාලා
තොල කට රතු සායම් ගල්වා
හවඩිය ඇගෙ ඉණ වට බන්දා 
දේවී වඩිනවා බලාපල්ලා

තවත් ගෑනු එපෝ //

සීදේවී මම…

නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේ
හරි කරදරේ මාව දැකලා

සීදේවී මම…

written by Piyath Rajapakse

banner

Leave a Reply