Just 1 click by Iraj ft. Tony T, Indira Joshi & Infaas [2012]

නෙතු සීරුවේ තියා
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා

නෙතු සීරුවේ තියා
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා

කො.. කො.. කො.. කොදුරන්නා
සද තරු කලබා මා සිත පිරුණා
නුඹ හින්දා හීනෙන් මා
නුඹ ගැන සිතුවා රුව හද අරන්
මාත් ඉන්නම් ම.. ම.. ම.. මවන්නා
රුව මවන්නා මේ සීමා බිදින්නා
මම සිතන්නම් නුඹ පතන්නම්
හැඩුමන් ඉල්ලා සිටින්නම්…

නෙතු සීරුවේ තියා
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා

හිත කිවුවත් ඔබ නොවේ කියා
මට ඈත් වෙලා නම් යන්න බැහැ
ඔබ කිවුවත් මගේ නොවේ කියා
මගේ ආදරේ අඩු වෙන්නේ නැහැ

නෙතු සීරුවේ තියා
මගේ ආදරේ සොයා
වැහි බීරමේ පවා
මෘදු හැගුමන් ගාව ගාවා

මනමාලී | Manamali by Infaas ft. Iraj & Janani [2013]

මගෙ ආදරෙ හිමිකාරී
නෙත් මානේ මනමාලී
ඔබෙ ආදරෙ හිමිකාරී

අද ඔහුගේ මනමාලී

සුපෙම් නෙතගින් බලාලා
ඔයා නෑ ඉඟී කළේ
මගේ සෙනෙහේ පතාලා
ඔයා නෑ ඇමතුවේ

මගෙ ආදරෙ හිමිකාරී
නෙත් මානේ මනමාලී
ඔබෙ ආදරෙ හිමිකාරී
අද ඔහුගේ මනමාලී

ළංවෙලා පෙම් කළා
සිහිනයේ රෑ පුරා
මුදු දමා අතැඟිලී
මා ඔබව සැරසුවා

මගෙ ආදරෙ හිමිකාරී
නෙත් මානේ මනමාලී
ඔබෙ ආදරෙ හිමිකාරී
අද ඔහුගේ මනමාලී

රෑට සඳ සේ උදාවී
ආදරෙන් ළංවුණා
මාගෙ සෙනෙහේ සියුම් තැන්
නොම වැටහී ගියා

මගෙ ආදරෙ හිමිකාරී
අද මාගේ මනමාලී
ඔබෙ ආදරේ
මනමාලී