නාඩගම්කාරයෝ (Theme Song) | Nadagamkarayo (Theme Song) by Sajitha Anthony [2021]

හසරක් නොපෙනෙන
මගදිග සපැමින
අයාලයේ ආ ගමනක්

බහුරූ කෝලම්
විසූක දස්සන
කතුරක් නොමැතිව
ඇසකන රවටන

මේක නාඩගම් මඩුවක්

හනි පනි ගාගෙන වැටුනු වලෙන්
ගොඩ එන්නට දගලන අතරේ

හනි පනි ගාගෙන වැටුනු වලෙන්
ගොඩ එන්නට දගලන අතරේ

කකුලෙන් ඇද යලි
වල මත රදවන
කකුලෙන් ඇද යලි
වල මත රදවන
වග වලසුන් ඇත නුහුරේ

මිනිසත් කම මිස
රුවගුන නොතකන
උත්තම ගුණ ඇති
බොසත් වරුනේ

මිනිසත් කම මිස
රුවගුන නොතකන
උත්තම ගුණ ඇති
බොසත් වරුනේ

ඔබ පෙන්වන් මග
දිගටම යනු හැර
ඔබ පෙන්වන් මග
දිගටම යනු හැර
අන්කිසි පිහිටක් නොපෙනේ

හසරක් නොපෙනෙන
මගදිග සපැමින
අයාලයේ ආ ගමනක්

බහුරූ කෝලම්
විසූක දස්සන
කතුරක් නොමැතිව
ඇසකන රවටන

මේක නාඩගම් මඩුවක්